IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මැතිසබා විශේෂ කමිටු දුන් නියෝග 200ක් විසිකරලා

(සුජිත් හේවාජුලිගේ)

විවිධ අරමුණු වෙනුවෙන්  පසුගිය කාලයේදී පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවලින්දී ඇති  නිර්දේශ 200 කට වැඩි සංඛ්‍යාවක්   මෙතෙක් ක්‍රියාත්මකවී  නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වන්හි කටයුතු වෙනුවෙන් පසුගිය කාලයේදී  මුදල්  විශාල  ප්‍රමාණයක් වැය කර ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

විවිධ අරමුණු වෙනුවෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභා විස්සත්  තිහත්  අතර සංඛ්‍යාවක් කතානායකවරයා විසින් පසුගිය කාලයේදී පත් කෙරිණ.

මේ අතර පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්  කමිටුව) සහ  රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව)  මෑත භාගයේදීදී ඇති නිර්දේශ 300කට ආසන්න සංඛ්‍යාවක්ද නිසියාකාරව ක්‍රියාත්මකව නැතැයි  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ විශේෂයෙන් රුපියල් කෝටි  1600 කට වැඩි මුදලක් රටට අහිමි කළ සීනි බදු වංචාව සම්බන්ධයෙන්  කෝපා කමිටුව නිර්දේශ ගණනාවක්දී ඇතත්  ඒවාද  ක්‍රියාත්මකවී නැති බවයි.

කෝප්, කෝපා  කමිටු දෙන නිර්දේශ බොහොමයක් ක්‍රියාත්මක නොවන බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මේ ආකාරයට කමිටු පත් කිරීමෙන් පලක් නොවන බවද  ප්‍රකාශ කළේය.

මෙම කමිටු  දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

විවිධ කරුණු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභා කිහිපයක් පසුගිය මාස කීපයේදීද කතානායකවරයා විසින් පත් කෙරිණ.



අදහස් (1)

මැතිසබා විශේෂ කමිටු දුන් නියෝග 200ක් විසිකරලා

Rata Perata Sunday, 22 October 2023 01:54 PM

මේවා ගැන අහන්නත් දෙයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site