
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන තෙල් කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත.
මේ අනුව පාර්ලිමේන්තු මහ ලේකම්වරියට මින් ඉදිරියට මාසයකට හිමි වන්නේ තෙල් ලීටර් 220කි.එය අමාත්‍යාංශ ලේකම්වරයකුට හිමිවන ඉන්ධන ප්‍රමාණය වේ.
මේ දක්වා මහලේකම්වරියට සීමාවකින් තොරව ඉන්ධන සැපයීම කෙරිණ.
මෙයට අමතරව නියෝජ්‍ය මහ ලේකම්වරයාට හිමිවන ඉන්ධන ප්‍රමාණයද මාසයකට ඉන්ධන ලීටර් 165ක් දක්වා අඩු කර ඇත. සහකාර මහලේකම් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට හිමිවන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඉන්ධන ලීටර් 135ක් වශයෙන්ද මහලේකම්වරියගේ සම්බන්ධීකරණ ලේකම්වරියට හිමි වන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඉන්ධන ලීටර් 115ක් වශයෙන්ද අඩුකර ඇති බව එම චක්‍රලේඛයේ දැක්වේ.
පසුගිය 7 දාතමින් යුතුව නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය අනුව එම ඉන්ධන සීමා පසුගිය 2 වැනිදා සිට ක්‍රියාත්මක වන්නේය.
පසුගිය කාලයේදී පාර්ලිමේන්තු ප්‍රධානීන් අසීමිතව ඉන්ධන පාවිච්චි කර ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසුව ඔවුන්ට මාසිකව සැපයෙන ඉන්ධන ප්‍රමාණ අඩු කිරීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභා රැස්වීමේදී පසුගියදා තීරණය කෙරිණ.
COMMENTS
අන්න ඒවා තමයි හොඳ වැඩ... මේවා ගැන ඒ ගොල්ලන්ට වඩා රුදාව අල්ලන්නේ අනික් පක්ෂවල අයටයි.
සුදු කරපටි නිලධාරීන්ට ඔච්චර දීමනා පහසුකම් මේ රටට ඔරොත්තු දෙන්නේ නෑ! අනෙක පාර්ලිමේන්තුවේ වැඩ කරන අය ගෙදර යනවා එකෙක්ට එනවා විතරයි නේ! ඔය හැම නිලධාරීයාටම කොළඹ ගෙවල් දෙක තුන තියෙනවා...! ආණ්ඩුව කළයුත්තේ රජයේ නිලධාරීන් මාසයකට ගන්න පඩි දීමනා ප්‍රසිද්ධ කිරීමයි! අනෙක් අතට රට බංකොළොත් බවින් මිදුනා කීවාට රටේ ආදායම් වැඩි වුනෙත් නෑ! වියදම් අඩුවුනේත් නෑ! මහ බැංකු අධිපතියා දෙගුණයක් අගෙයි එයාගේ ගෝල බාලයින්ගෙයි පඩි වැඩිකරගත්තා! අනුර ජනාධිපති රජයේ සේවකයින් හැමෝගෙම පඩි රටට ඔරොත්තු නොදෙන විදියට වැඩි කළා! මේ ළඟදී කීවා රජයේ ඉහළ නිලධාරීන්ට හොඳ වැටුප් වැඩිවීමක් දෙන්න ඕනෑලු! කමේ ගමනේ අවසානය කොතැනද?