(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ දූෂණ සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා විශේෂ අභ්‍යන්තර ඒකකයක් පිහිටවනු ලැබ ඇත.
මේ අනුව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා එම ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටී.
පාර්ලිමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක දිනේෂ් විතාන මහතා එම ඒකකයේ සුපිලිපන්න නිලධාරියා ලෙස පත්කර ඇත.
පාර්ලිමේන්තුවේ සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීහු අභ්‍යන්තර කටයුතු ඒකකයේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති.
ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වග වීම සහතික කිරීම, ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම, විසමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග නීති බලාත්මක කිරීමට සහයවීම මෙම කමිටුවට පැවරෙන සෙසු වගකීම් වේ.
ජනාධිපති ලේකම් කාර්යාලය පසුගිය පෙබරවාරි මස 18 වැනිදා නිකුත් කළ චක්‍රලේඛයට අනුගත වෙමින් මෙම අභ්‍යන්තර කමිටුව ස්ථාපනය කරනු ලැබ ඇත.
පාර්ලිමේන්තුවේ පසුගිය කාලයේදී සිදුව ඇතැයි පැවසෙන දූෂණ සහ අක්‍රමිකතා රැසක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් සොයා ගනු ලැබීය
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මැතිසබේ දූෂණ මඩින්න වෙනම අංශයක්
යෝගා Monday, 09 June 2025 09:30 AM
ජනාධිපති කාර්යාලයෙත් මේ වගේ ඒකකයක් පිහිටුවන්න. ප්‍රයෝජනවත් වෙයි.
Prabath Monday, 09 June 2025 10:33 AM
පළමුවෙන්ම ආචාර්ය උපාධිය හොරට තියාගෙන කථානායක අයින් කරලා ඉන්න
චරණ Tuesday, 10 June 2025 02:02 AM
දැන් ඔය පත්කරලා ඉන්න නිලධාරීන් සුපිලිපන්නද? ඒ සමහර අයගේ කැරට්ටුව අපිත් දන්නවා.