(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ මන්ත්‍රීවරුන් දෙදෙනකු අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඇතිවූ ගුටිබැට හුවමාරුව සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව අද (6)රැස්වීමට නියමිතය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් නම සඳහන්වූ සියලු දෙනා අද මෙම කමිටුව හමුවට කැඳවීමට නියමිතය.
එසේම මෙම කමිටුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකුගේද සහාය ලබා ගැනීමට තීරණය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රිනියන් වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ තලතා අතුකෝරල යන මහත්මීන් මේ සඳහා සහාය දක්වනු ඇත.
මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ගේ ගුටි බැට හුවමාරුව සොයන්න රටේ මහජනතාවගේ බදු මුදල් !!!
මේ දහදුරා වැඩේ වෙනුවෙන් නාස්තිවෙන මුදල් අපිද ගෙවන්නේ...?