පාර්ලිමේන්තුවේ අදත් කලබලයක් වීම නිසා කථානායක කරු ජයසූරිය මහතා රැස්වීම අත්හිටවීය.
පෙරදින මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ ඡන්ද විමසීම වැරැදි යැයි මුලින්ම විපක්ෂය ප්‍රශ්නයක් මතු කළේය. ඉන් අනතුරුව පරිපූරක ඇස්තමේන්තුවේ ගණන් හිලව් වැරදි යැයි මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස කියන්නට වූහ. මිලියන 55 ක් ලෙස එක් තැනකද මිලියන 2500ක් ලෙස තවත් තැනකද සඳහන් වී ඇතැයි විපක්ෂ මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
දිනේෂ් ගුණවර්ධන බන්දුල ගුණවර්ධන මහත්වරුන් පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුද එම විරෝධයට එක්වූහ. ඔවුන් කෑකෝ ගසමින් වැඩකටයුතු කිරීමට බාධා කිරීම නිසා කථානායක රැස්වීම කල්තබමින් පක්ෂ නායක රැස්වීමක් පවත්වන බව කිවේය.
ඡන්ද විමසීම සම්බන්ධයෙන් සොයා බැලීමට විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මහා කාලකන්නි ටිකක්. විනයක් නැතිව රට යන විදිය වැරදියි (හේ)
රජයේ සියලු වියදම් වෙබ් අඩවියක් හරහා ප්‍රසිද්ධ කර ජනතා අදහස් විමසන්න. විනිවිද භාවයෙන් කරන්න. (ම)
හොඳ දේට සහයෝගය දීමත්, වැරදි දේට කෑ ගසා විරුද්ධ වීමත් හරි විරුද්ධ පක්ෂයක වගකීමයි, අතින් පයින් ගහගැනීම අනුමත නොකලත්, විරෝධය පෑම වැරද්දක් ලෙස නොදකිමි (ම)
පාර්ලිමේන්තුව වහලා ඔය අයව ගෙවල් වලට අරින්න. මොවුන්ගෙන් ජනතාව නිදහස් කරන්න! (නි)
විනයක් නැතිව අපේ සල්ලි නාස්ති කර කර කාලේ කන මේ අයට ඊලග ඡන්දේදී අපි දෙන්නම්කො උත්තරේ...(ම)
අනිත් පාර ඡන්දෙදි ආයෙත් පැත්ත මාරු කරයි.(ම)
මේ සමහර අයට ගණන් කරන්න උගන්වන්න ඕනෑ. (නි)
ආණ්ඩුවේ ආර්ථික පාලනයේ දක්ෂතාව සහ කොලය වසා ගැසීමේ කලාව මොනවට පෙනේ!
මිනීමරුවන්ට, අපරාධකරුවන්ට, දුෂිතයන්ට නීතිය ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵල නිසා තමා මෙවැනි දේ සිදුවෙන්නේ. (නි)
හුඟක් රටවල් වල මේ වගේ දේවල් සිද්ධවෙනවා. (නි)
චන්ඩි කමෙන් සහ නිල බලයෙන් විපක්ෂයේ හඩ යටපත් කිරීමට ඉඩ නොතැබිය යුතුයි. පාර්ලිමේන්තුවේදී වැරදි දෙයක් වැරදි ලෙස සම්මත කරගැනීමට යනවිට එයට විරෝධය පෑම විපක්ෂයේ වගකීමයි. (බ)
සම්බන්ධන්ගේ විපක්ෂය ආණ්ඩු පක්ෂය එක්ක ඡන්දෙ දීලා තව පාර්ලිමේන්තුවේත් හොර ඡන්ද දානකොට මෙහෙමවත් විරුද්ධ නොවී ඉන්නේ කොහොමද? (බ)
මේක විහිලුවක්ද (බ)
රජයක් සිදුකරන සියලු දේ අනුමත කරන විපක්ෂයක් ලොවේ කොයි රටකවත් නෑ. රජය වැරදි දේ කරනකොට විපක්ෂේ ඊට විරෝධය දක්වනවා. නමුත් ශාරීරික පීඩා ඇතිවන ගැටුම් අප අනුමත නොකළත් පාර්ලිමේන්තුව තුල සිදුවන විවාද වලදී මතවාදීව ඇතිවන ගැටුම් ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් .(බ)
යහපාලනේ කරන්නෙම කොලේ වහලා ගහන එක. අයවැයක් ඉදිරිපත් කරලා මාස 3ක් නැහැ, දැනටම කොච්චර වෙනස් කළාද? යහපාලනේ ආර්ථික කළමනාකරණයේ දක්ෂ බව වගේම මිනිස්සුන්ව ගොනාට අන්දන හැටිත් මොනවට පෙනේ. (නි)
එදා බුද්ධිමතුන්ගේ තෝතැන්න, අද මෝඩයින්ගේ පාරාදීසයක් වෙලා. වැරදි සිදුවීම, එම වැරැද්ද පෙන්වා දීම, හා වැරදි නිවැරදි කරගෙන රට වෙනුවෙන් අවශ්‍ය නිවැරදි තීරණ ගැනීම වෙනුවට අද සිදුවන්ගේ කුලල් කාගැනීම හා එකිනෙකා පරිභව කර ගනිමින් අලජ්ජි ලෙස හැසිරීමයි ලැජ්ජයි! (බ)
ජලය ගලන්නෙ පහත් තැනින් වගේ අන්තිමට වෙන්නේ මේ ලේඛනය මේසෙට අරන් ආපු පියන්ගේ වැඩ තහනම් වෙන එක. (බ)
ඕව වෙන්නේ නිසි මහජන නියෝජනයක් පාර්ලිමේන්තුවේ නැති නිසයි. (ර)
ප්‍රශ්නය දිහා බලන්න! හරියට ගණන් මිනුම් කරගන්න බැරිද මේ ඇස්තමේන්තු ඉදිරිපත් කරන අයට? මොකක්ද මේ විගඩම? (නි)
දැන් සමහරු කරන්නේ මොනවද දන්නෙත් නැහැ, කරන්න ඕනෑ මොනවද දන්නෙත් නැහැ. නියම අච්චාරු හැලියක් වෙලා. (නි)
දිගට හරහට බදු වැඩිකරලා ජනතාව අන්ත අමාරුවේ. මහින්ද නාස්ති කළා කියලා ආ අය තව සල්ලි ඉල්ලනවා දැන් (නි)
වගකියයුතු රජයක මන්ත්‍රීන් ලෙස ඡන්දය ගන්න අවස්ථාවේ මන්ත්‍රීවරු සභා ගැබ ඇතුළත සිටිය යුතුය. එම වියදම් අනුමත කරගන්නේත් ඔවුන්ගේ සුඛවිහරණයටම බව අපි දනිමු. විපක්ෂයේ මන්ත්‍රීන්ටත් මේක පරද්දන්න ඕනෑතරම් අවස්ථාව තිබුනා (නි)
රාජපක්ෂ යුගයේ අඩුතරමින් පාර්ලිම්න්තුව හෝ කැබිනට් එකවත් දැනගෙනද රටේ මුදල් භාවිතා කළේ? (නි)
ලුම්බිණි කියන විදියට ඕනෑම වැරැද්දකට කට වහගෙන ඉන්න ඕනෑ. ආණ්ඩුව නිවැරදි දේ කළා නම් ඉවරනේ (නි)
මේ අයට විනය ගැන අවබෝධයක් දෙන්න පන්තියකට යැව්වොත් නරකද? අනික බොහෝ කාලයක් තිස්සේ විනය පිරිහෙමින් තිබුණ තැනක මොන කතානායකටද මේ වගේ අය විනයක් තිබෙන අය කරන්න පුළුවන්. (ම)
එතකොට ඕනෑම දෙයක් කරන්න දීලා කට වහගෙන ඉන්නද කියන්නේ? (නි)