
(නිමල කොඩිතුවක්කු)
රට යහමගට ගෙනවින් යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කළ නොහැකි නම් රජය වහාම මැතිවරණයක් කැඳවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ආණ්ඩුව ගෙන යන නිවට ක්‍රියාවලින් ඈත් වී වහාම මැතිවරණයක් සඳහා යොමු වන ලෙසත් ඒ සඳහා ඕනෑම අවස්ථාවක සමගි ජනබලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
බංකොලොත් රටක ජනතාව දුක්විදින විටත් රජය කොමිස් ගැසීම් සිදු කරන බව ඖෂධ, අක්ෂි කාච ගෙන්වීමේදී කෝටි ගණනින් කොමිස් ගසමින් තමන්ට කැමති ආයතනවලට මිල දී ගැනීමට අවස්ථාව ලබා දෙමින් අති විශාල මුදල් ප්‍රමාණයක් රටට පාඩු කරන තත්ත්වයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන බවත් අනුරාධපුරයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටත්, රටේ පුරවැසියන් දැඩි ආර්ථික, සමාජීය අර්බුදයකට මුහුණදෙමින් තිබියදී ගැටළු විසඳීම සඳහා විසඳුම් ඉදිරිපත් නොකරන වගකීම් ගැනීම පැහැර හරිමින්/ ප්‍රතික්ෂේප කරන්නා වූ "මැතිවරණය පමණයි විසඳුම" තේමාව කරගත් බලය ගන්න කෙටි මාර්ග සොයන ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත්ගේ රට පිළිබද අනාගත දැක්ම කුමක්ද ?
ඔයා කලබල වෙන්න එපා. ඔයාට කොහොමත් ආයේ මන්ත්‍රීකමකින් එහා දෙයක් ලැබෙන්නේ නැහැ. කයිවාරු මිසක් දැක්මක් හෝ වැඩපිළිවෙලක් නැති බව ඔයා දැන් ඔප්පු කරලා ඉවරයි.
මැතිවරණ තිබ්බොත් ප්‍රශ්නවලට උත්තර ලැබෙනවද?
ඇත්තටම හරි...!