(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මියගොස් ඇති බව පොලිසිය කියයි.
ඇය මැතිවරණ රාජකාරී සඳහා ඊයේ (05) සවස 05.00ට පමණ වාර්තා කොට ඇති අතර එම නිලධාරිනිය ගන්නෝරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරිණියක ලෙස සේවය කරන්නියක් බව පොලිසිය කියයි.
එසේ මියගොස් ඇත්තේ ක්‍රිෂාන්ති කුමාරි දසනායක (33) නැමැති ගලගෙදර මිණිගමුව ප්‍රදේශයේ පදිංචි කාරණියකි. පේරාදෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට