මාතලේ කලාපයේ අදට නියමිතව තිබූ සියලුම ශ්‍රේණිවල ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර අවලංගු කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
එම කලාපයේ ද දිගින් දිගටම වාර විභාග අවුල් තිබුණු බවත්, බලධාරීන් තම වගකීම් නිසි ලෙස ඉටු කර නැති බවත් එම ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.
මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහින්ද එස් යාපා මහතා පැවසුවේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණාලවලින් නිසි වේලාවට පාසල්වලට ප්‍රශ්නපත්‍ර නොලැබුණු නිසා අදට නියමිත ඉංග්‍රීසි විෂය අවලංගු කළ බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුසුදුස්සන් ඉහල තැන් වලට ගියහම ඔහොම තමයි. අඩුම තරමේ විභාග ප්‍රශ්න පත්තරයක්වත් කලට වෙලාවට මුද්‍රණය කරගන්න බැහැ. දැන් එක එක කතා කියනවා. වැඩ බැරි නම් ගෙදර යන්න දහස් ගණනක් ළමයින්ගේ ජීවිත අදුරු නොකර. (නි)
බලාගෙන ගියාම මාතලේ කට්ටියටනේ වැඩ බැරි !!!අනේ අපොයි මගේ රටේ දු දරුවන්ගේ අධ්‍යාපනේ! (නි)
ලජ්ජා නැතුව කියන හැටි නිසි වෙලාවට නොලැබුණු නිසා කියලා. මෙහෙම ගියොත් මුළු රටේම අධ්‍යාපනයම අවලංගු කරන්න වෙයි වගේ. මේ මිනිස්සු සෙල්ලම් කරන්නේ රටේ අනාගතය එක්කයි. (නි)
පෙරහැර එහෙම වෙලාවට තියන්න පුලුවන්. හැබැයි විබාග ප්‍රශ්න පත්‍රය වෙලවට යවන්න බැහැ (නි)