මාතලේ විජය විද්‍යාලයයේ දෙවැනි වසරට සිසුවකු ඇතුළත් කිරිමට රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ගත්තැයි කියන එහි විදුහල්පතිනියක සහ ඇගේ හිතවතෙක් මින් මද වේලාවකට පෙර අල්ලස් හෝ දුෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
මාතලේ දොලවත්තේ පියකුගෙන් විදුහල්පතිනියගේ හිතවතා මෙම අල්ලස් ගනිද්දී මාතලේ තැපැල් කාර්යාලය අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුහල්පතිවරු/වරියන් මෙවැනි දේවලට බියයි. නමුත් ඇතැම් තාත්තලා ප්‍රධාන ඇදුරුතුමාගේ/තුමියගේ මුහුණ හොඳ කරගන්න එමගින් තම දරුවාට වැඩි සැලකිල්ලක් ලබාගන්න මෙවැනි දේට යොමු කරවන අවස්ථාවල් තියෙනවා. මේ එවැන්නක් විය හැකිය. (දී)
අපි එදා ඉඳල ගරු කළ ගුරු වෘත්තීය අද බලු නොවටින තත්වයට වැටෙනවා. මේ හැම එකකම හරය වී ඇත්තේ ආශාව පමණයි. එක්කෝ සල්ලි එහෙමත් නැත්නම් රාගය. ගුරු මාතාවන් ලෙසින් හඳුන්වා අපි එදා වන්දනා කළ දිවංගත ගුරු මව්වරුන් අදත් සිටියානම් කොයි තරම් හොඳද?(නදී)
මේ මා ඉගෙනගත් විද්‍යාලය. එවකට සිටි පිරිමි අංශයේ විදුහල්පතිවරුන් උදාර වුද, ගෞරවනිය වුද සේවයක් ඉටුකළා. ගැහැණු අංශයේ මෙවන් දේවල් සිදුවූ බවක් කවදාවත් අහලා තිබුනේ නැහැ. සුවහසක් දෙනාට යහ මග කියා දුන් අපේ ගුරුකුලය. හරිම කණගාටුයි. (නදී)
මෙයත් අර යුද පුහුණුව ලබාපු කර්නල් කෙනෙක්ද?(අ)
අල්ලස් ගත්ත අය මෙපමණ ප්‍රමාණයක් ඇල්ලුවා, මිනීමරුවන් මෙපමණ ප්‍රමාණයක් පරලොව ඇරියා, කංසා හේන් මෙපමණ ප්‍රමාණයක් වැටලුවා, කුඩු කන්ටේනර් ඇල්ලුවේ නැති උනාට හෙරොයින් ග්‍රෑම් 3ක් ඇල්ලුවා කියා ප්‍රසිද්ධකිරීමෙන් ආණ්ඩුව කරන්නේ " ලැජ්ජයි කියා හැඳි වත ඔසවා මුහුණ වසා ගත්තා" වගේ වැඩක්. (අ)
මේවා දැන් සෑම පාසලකම සිදුවෙනවා මමත් මගේ දරුවා නමගිය ජාතික පාසලකට ඇතුලත් කිරීමට ගියවෙලාවෙ මට තෙමහල් ගොඩනෙගිල්ලක තීන්ත ගාන්න කිව්වා තවත් දරුවෙක් ඇතුලත් කරන්න රත්නපුර නගරයේ සිට පැමිණි ව්‍යපාරිකයෙකුට ෆෑන් එකක් සහ සින්ක් එකක් පමනයි සිවිකරන්න කිව්වේ ව්‍යපාරිකයත් ගුරුවරයෙකුත් කරට අතදමාගෙන කතාකරකර හිටපුනිස එහෙම වෙන්න ඇති මම මගේ අදහස අත්හැරිය හිඟන්නන්ට උණුබත් ලැබෙන්නේ නැහැනේ (දී)