IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


මාතලේ විජය විදුහල්පතිනියත් අල්ලස් දැලේ

මාතලේ විජය විද්‍යාලයයේ දෙවැනි වසරට සිසුවකු ඇතුළත් කිරිමට රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ගත්තැයි කියන එහි විදුහල්පතිනියක සහ ඇගේ හිතවතෙක් මින් මද වේලාවකට පෙර අල්ලස් හෝ දුෂණ  කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.

මාතලේ දොලවත්තේ පියකුගෙන්  විදුහල්පතිනියගේ හිතවතා මෙම අල්ලස් ගනිද්දී  මාතලේ තැපැල් කාර්යාලය අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (0)

මාතලේ විජය විදුහල්පතිනියත් අල්ලස් දැලේ

අනුරාධ Tuesday, 25 February 2014 09:13 AM

විදුහල්පතිවරු/වරියන් මෙවැනි දේවලට බියයි. නමුත් ඇතැම් තාත්තලා ප්‍රධාන ඇදුරුතුමාගේ/තුමියගේ මුහුණ හොඳ කරගන්න එමගින් තම දරුවාට වැඩි සැලකිල්ලක් ලබාගන්න මෙවැනි දේට යොමු කරවන අවස්ථාවල් තියෙනවා. මේ එවැන්නක් විය හැකිය. (දී)

:       0       0

හේමන්ත Monday, 24 February 2014 06:32 PM

අපි එදා ඉඳල ගරු කළ ගුරු වෘත්තීය අද බලු නොවටින තත්වයට වැටෙනවා. මේ හැම එකකම හරය වී ඇත්තේ ආශාව පමණයි. එක්කෝ සල්ලි එහෙමත් නැත්නම් රාගය. ගුරු මාතාවන් ලෙසින් හඳුන්වා අපි එදා වන්දනා කළ දිවංගත ගුරු මව්වරුන් අදත් සිටියානම් කොයි තරම් හොඳද?(නදී)

:       0       0

මාකලන්ද Monday, 24 February 2014 07:25 PM

මේ මා ඉගෙනගත් විද්‍යාලය. එවකට සිටි පිරිමි අංශයේ විදුහල්පතිවරුන් උදාර වුද, ගෞරවනිය වුද සේවයක් ඉටුකළා. ගැහැණු අංශයේ මෙවන් දේවල් සිදුවූ බවක් කවදාවත් අහලා තිබුනේ නැහැ. සුවහසක් දෙනාට යහ මග කියා දුන් අපේ ගුරුකුලය. හරිම කණගාටුයි. (නදී)

:       0       0

විධුෂක Monday, 24 February 2014 08:43 PM

මෙයත් අර යුද පුහුණුව ලබාපු කර්නල් කෙනෙක්ද?(අ)

:       0       0

සත්‍ය්‍යා Monday, 24 February 2014 10:21 PM

අල්ලස් ගත්ත අය මෙපමණ ප්‍රමාණයක් ඇල්ලුවා, මිනීමරුවන් මෙපමණ ප්‍රමාණයක් පරලොව ඇරියා, කංසා හේන් මෙපමණ ප්‍රමාණයක් වැටලුවා, කුඩු කන්ටේනර් ඇල්ලුවේ නැති උනාට හෙරොයින් ග්‍රෑම් 3ක් ඇල්ලුවා කියා ප්‍රසිද්ධකිරීමෙන් ආණ්ඩුව කරන්නේ " ලැජ්ජයි කියා හැඳි වත ඔසවා මුහුණ වසා ගත්තා" වගේ වැඩක්. (අ)

:       0       0

කල්ප Tuesday, 25 February 2014 08:57 AM

මේවා දැන් සෑම පාසලකම සිදුවෙනවා මමත් මගේ දරුවා නමගිය ජාතික පාසලකට ඇතුලත් කිරීමට ගියවෙලාවෙ මට තෙමහල් ගොඩනෙගිල්ලක තීන්ත ගාන්න කිව්වා තවත් දරුවෙක් ඇතුලත් කරන්න රත්නපුර නගරයේ සිට පැමිණි ව්‍යපාරිකයෙකුට ෆෑන් එකක් සහ සින්ක් එකක් පමනයි සිවිකරන්න කිව්වේ ව්‍යපාරිකයත් ගුරුවරයෙකුත් කරට අතදමාගෙන කතාකරකර හිටපුනිස එහෙම වෙන්න ඇති මම මගේ අදහස අත්හැරිය හිඟන්නන්ට උණුබත් ලැබෙන්නේ නැහැනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1654 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 648 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site