මාතලේ නගරයේ ප්‍රධාන විදියේ පරණ පොලිසිය අසළ මාර්ගයේ මහ වළක් මතු විය. විශ්කම්භය අඩි පහක් වු මේ වළෙහි ගැඹුර අඩි දහයක් බව මාර්ග සංවර්ධන අධීකාරියේ මාතලේ විධායක ඉංජිනේරු තේජා වික්‍රමසිංහ මහත්මිය පැවසුවාය.
මාතලේ දිස්ත්‍රික් භු විද්‍යාඥ එම් .සි යු බි මොරේමඩ මහතා එහි පස් සාම්පල ගත්තේය.
මාතලේ නගයේ උමං මාර්ගයක් ඇති බව ජනප්‍රවාදයේ එන කතාවකි. පසුගිය කාලයේ ස්ථාන කිහිපයක මෙවැනි ගිලා බැසිම් වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න බලන්න මාර්ගවල ප්‍රමිතිය බලාගන්න අවස්ථාවක් කොහොමද ගනකම තාර කට්ටේ.(නදී)
මාතලේ පොළොව යට අභිරහස් බොහොමයි. පහුගිය දිනවල සමුහ මිනී වලකුත් හමුවුනේ. (නදී)
මාතලේ උමංගඟක් ගඟක් තිබෙන බව ඉතිහාසේ ඉඳලම දන්නා දෙයක්. නමුත් මේක එහෙම එකක් නොවෙයි.මාතලේ නගර සභාවේ ඉංජිනේරුවෝ ඉදිකිරීම් කරන විදිහ ගැන හොද සාක්ෂියක් පමණයි.කවදාවත් පුටුවෙන් නැගිටලා ගිහින් කොන්ත්‍රාත්කාරය වැඩකරන විදිහ නොබලන නිසා ඔවැනි වලවල් තව ඕනෑතරම් ඇති. ඒත් ඉතින් කවුද ඕව ගැන හොයල බලන්නේ. ලස්සනට තිබුන මාතලේ නගරය ගැන හරිම දුකයි. පාරවල් කානු කාබාසිනියා වෙලා.(නදී)
මනුස්ස ජීවිතවලට දීල තිබෙන වටිනාකම. (අ)
මොරටුවේ පුරන් අප්පු සටන් වැදුනෙත් ඔහේ තම.(අ)
ගොන්ගාලේ ගොඩ බංඩා එදා සටන් කළේ ඔය පලාතේ නේද? (නදී)
ගංගාවක් තියෙන්ඩ පුලුවන්.(නදී)
පරණ පොලිසිය ඉස්සරහා නේද? බලන්න මිනි ඇටකටු තියෙන්නත් පුළුවන්. (නදී)
මේ දවස්වල මාතලේ නගරය ප්‍රතිසංස්කරනය නිසා හරිම වාහන තද බදයක් තියෙන්නේ. පාර අයිනේ ගොඩනැගිලි කඩලා අලුතින් කානු කපනවා. එතකොට කොහොමත් ටෙලිකොම් එකේ වලවල් හම්බ වෙනවා.මෙකත් එහෙම එකක්.(නදී)