මාතලේ සමූහ මිනීවල සම්බන්ධයෙන් පැවැත්වෙන ඉදිරි විමර්ශන කටයුතු සදහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගැනීමට 31 දා රහස් පොලිසියට අවසර දුන් මාතලේ මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය මෙම නඩු විභාගයේදී පාර්ශ්වකරුවෙකු ලෙස පෙනී සිටීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අවසර දුන්නාය.
89/90 වකවානුවේ තුළ අතුරුදන්වූ ඥාතින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය සහ ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නීතීඥවරු 12 දෙනෙක් පෙනී සිටිහය.
89/90 වකවානුව තුළ මිණි වලේ මිහිදන්කර ඇති බවට සැලකෙන 22 දෙනකු වෙනුවෙන් දිව්රුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපති කිරීමද සිදු විය . 89/90 වකවානුව තුළ අතුරුදහන්ව මාතලේ සමූහ මිනි වලේ මිහිදන්කර ඇති බවට සැලකෙන ඥාතින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දිව්රුම් ප්‍රකාශ 22 ක් මෙදින අධිකරණයට ඉදිරිපත් කළ අතර ඒවා පිළි ගන්නවාද නැද්ද යන්න සලකා බැලීම ලබන 28 දිනට කල් තැබූ අධිකරණය සිංහල දෙමළ සහ ඉංග්‍රීෂි භාෂාත්‍රයෙන්ම නිල නිවේදනයක් පුවත්පත් මගින් නිකුත්කර අතුරුදහන් වූවන්ගේ ඥාතින් දැනුවත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්ත්මේන්තුවට උපදෙස් දුන්නේය .
ශ්‍රී ලංකා නිතිඤ සංගමය ජනතා විමුක්ති පෙරමුණේ නිතිඥවරුන් සහ පෙරටුගාමී පක්ෂයේ නිතිඥවරුන්ගෙන් සැදුම්ලත් නිතිඥ කණ්ඩායමක් මෙදින අධිකරණය හමුවේ පෙනි සිටි අතර 89/90 වකවානුව තුල අතුරුදහන්වුන්ගේ ඥාතී විශාල පිරිසක්ද අධිකරණ භූමියට පැමිණ සිටියහ .ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ නියෝජිත නිතිඥ අනුර මැද්දේගොඩ මහතා මාධ්‍යට අදහස් දක්වමින් මාතලේ සමූහ මිණි වල සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු විභාගයේදී යුක්තිය පසිදලීමේ කාර්යය විනිවිද දක්නට හැකිවන අන්දම ඉදිරියට ලෙන යාමට ශ්‍රී ලලංකා නිතිඥ සංගමය තීරණය කර ඇති බව පැවසූ අතර මෙම අවස්ථාවට සහභාගිවු පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අදහස් දක්වමින් රජය නිහඩව නොසිට පැහැදිලි විමර්ශනයක් කළ යුතුව ඇති බව පැවසීය . නඩු විභාගය ජූනි 28 දිනට කල් තැබිණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂ නායක තුමාට අපල කාලයක්.(ස)
සත්‍ය කවදාවත් පරදින්නෙ නැහැ. මේක තමා ක්‍රමය.ජය වේවා! (නි)
සත්‍ය එලිවෙවා කවුරු කරත් සහගහන අපරාද ඕවා. (ස)
මෙවැනි විමර්ශනයක් හරහා ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසිය ලංකාවේ කටයුතු වලට ඇඟිලි ගැසීම නුදුරුඅනාගතයේම වැරදි පුර්වාදර්ශයක් බවට පත්වෙනවා නිසැකයි. මේනිසා යුධ අපරාධ මාතෘකාව ඔස්සේත් ඉන්ටර්පෝලය මෙහෙයවා රටේ අභ්‍යන්තර ප්‍රශ්ණ අවුළුවා අධිරාජ්‍යවාදීන්ගේ සිතැඟි පරිදි මේරට විනාශ කරයි.(අ)
පළමුවෙන්ම අප මාතලේ ගරු අධිකරණයට ගරු කරමු. දෙවනුව සියලු දේශපාලන පක්ෂ වලට සහ නීතිඥ සංගමයට ද අපේ ප්‍රණාමය! මිය ගිය අය වෙනුවෙන් යුක්තිය ඉටු කරන්න . (නි)
ඔය ආණ්ඩුව විපක්ෂයට නොකිය කියන්නේ ලඟදි ප්‍රකාශයට පත් කල ව්‍යවස්ථාව අකුලගන්න කියල නොවෙයිද? හරියට කුඩු කාපු කතාව වගේ.(නදී)
ශ්‍රී ලංකාව තුල සිදුවෙලා තිබෙන විශාලම අපරාධය සහ අභිරහස හෙලිකරගන්න වෙන්න ඇති. මේවා තමයි හරිම රසවත්. (ත)
රටේ පෝල් ලාට කරගන්න බැරිදේ ඉන්ටර්පෝල්ලටද කරන්න පුළුවන්.(නදී)
ලාල්කාන්තගේ කතාව ඇහුවනම් මොන පෝල්ලවත් ඕන වෙන්නේ නේ..ඔය මිනී වලේ ඉන්න අහිංසකයන්ට ඔතනට යන්න පාර කෙපුවේ ඔය අයම තමයි (අ)