මාතලේ රෝහලේ සමුහ මීනීවලේ ඇට කැබළි 157 කින් අහඹු ලෙස තෝරාගත් හතක් විදේශ රටකට යවා කාල නිර්ණය කිරීම සදහා රහස් පොලීසියට භාර දෙන්නැයි මාතලේ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා මාතලේ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර අජිත් ජයසේනට අද නියෝග කළේය.
රෝහලේ ජීව වායු ඒකකයක් ඉදි කිරීම සඳහා අත්තිවාරමක් කපද්දී 2012 නොවැම්බර් 23 වැනිදා මෙම මිනී වළ සොයා ගැණිනි.
1988 /1989 භිෂණ සමයේ අතුරුදන්වුවන්ගේ ඇට සැකිලි මෙහි ඇති බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් බටලන්දේ වදකාගාරයේ මරපු තරුණයන්ගේ ඇට කොහාටද යවන්නේ ?(නදී)
මේකේ ඉන්න සැබෑ වගකිවයුත්තා දේශමාමක සළුපිලි පැළදගෙන ඉන්නවා යහතින් (නි)
ඕව නිකන් බොරු වැඩ කලේ කනවා මුදල් නස්තිවෙනවා දේසපාලන වාසිගන්න හදනවා මේ තුලින් ! (ස)
චීනයට ඇරියොත් නම්... අනේ මන්දා? (නි)
කාබන් පරීක්ෂාවෙන් කාල නිර්ණය කරලා දින වකවානු කියන්නේ අවුරුදු ගණනාවක් පැරණි ඇටකටු වල. එහෙම කියන්නේ හරියටම මේ දිනේ මියගියා කියලා නොවෙයි. කාල පරාසය ගැන අදහසක් ගන්න විතරයි. (නි)
ලංකාවේ කාටවත් කාබන් කාල නිර්ණ පරීක්ෂණ කරන්න නොහැකිද? (නි)
හොඳයි, කාල වකවානු සොයාගත්තා කියමුකෝ. කාගේද කියලත් සොයාගත්තා කියමුකෝ. ඊ ළඟට? මේ ආත්මෙදි නම් ඒවාට වගකිවයුත්තෙක් සොයාගන්න බැරිවෙයි. (නි)
දැන් මොනවා කළත් වැඩක් තිබෙනවද? (නි)
89 ඔය මිනීමැරුම් වලට වග කියන්න ඕනෑ කවුද? (නි)
ඔය මරා දමා ඇත්තේ දේශයේ වීර දු පුතුන්. ඔවුන් වෙලාගත් දරිද්‍රතාවය විසින්ම ඔවුන්ව කැරැල්ලකට පොළඹවනු ලැබුවා. මේ මරණ වලට මෙතෙක් රට පාලනය කළ සෑම ආණ්ඩුවක්ම වගකිව යුතුයි. මෙවැනි දුප්පතුන්ගේ ඇට කටුවලටත් නින්දා නොකර යුක්තිය ඉටු කරන්න බැඳී ඉන්නා බව අමතක නොකළ යුතුයි. (නි)
එතකොට ඇඹිලිපිටියේ ඇට, ගාල්ලේ වලව් වත්තේ ඇට, ඔයවගේ ලක්ෂ ගානක් අපේ මැරුන තරුණ යන්ගේ ඇට එකතු කලොත් ස්ථාන 1000 කට වැඩිය ඇති.(නදී)
ආයේ සපුගස්කන්දේ..?මට හිතෙන්නේ රනිල් ලොකු උන්නැහේ දන්නවා ඇති..(නදී)
මම හිතනවා උසාවිය කර ඇත්තේ හොඳ දෙයක් කියා. (නි)
සිද්ධි වලට මුහුණ දීපු අයයි වගකිවයුතු අයයි දැන් එහෙදි හමුවෙලා ඇති. ඔය ඇට කටු දැන් එහා මෙහා කළාට වැඩක් වෙන්නේ නැහැ. කාලයත් මුදලුත් නාස්ති වෙනවා විතරයි. (නි)