මාතලේ පරිසර සංවේදී කලාපවලට අයත් කඳුකරයේ දැව සඳහා වගා කළ යූකැලිප්ටස් ගස් ලක්ෂයක් කපා ඉවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය වතු සමාගම්වලට අවසර දී ඇතැයි පරිසර සංවිධාන කියයි. ආයු කාලය අවසන්වූ මේ ගස් කපා ඉවත් කිරීමෙන් අනතුරුව වතු සමාගම් අලූතෙන් රුක් රෝපණ කරන බව ද, ගස් පන්දහක් පමණක් ඉවත් කිරීමට අනුමැතිය දී ඇති බව ද මාතලේ දිසාපතිනි එම්.මිගස්මුල්ල මහත්මිය කියන්නීය. පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතා කීවේ කපා දැමීමට අවසර දුන් ගස් ප‍්‍රමාණය කෙතෙක් දැයි එක්වරම කිව නොහැකි බවයි. කැලෑ බොක්කෙන් පමණක් ගස් 74000ක් ඉවත් කිරීමට අනුමැතිය දී ඇතැයි වතු අධිකාරී නිශාන්ත ජිනසේන මහතා පවසයි. කොස්, දෙල්, රබර් වැනි පැල රෝපණය කිරීමේ අදහසක් ඇතත් ස්ථිර තීරණයක් ගෙන නැතැයි ද ඔහු කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd