මාතලේ පරිසර සංවේදී කලාපවලට අයත් කඳුකරයේ දැව සඳහා වගා කළ යූකැලිප්ටස් ගස් ලක්ෂයක් කපා ඉවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය වතු සමාගම්වලට අවසර දී ඇතැයි පරිසර සංවිධාන කියයි. ආයු කාලය අවසන්වූ මේ ගස් කපා ඉවත් කිරීමෙන් අනතුරුව වතු සමාගම් අලූතෙන් රුක් රෝපණ කරන බව ද, ගස් පන්දහක් පමණක් ඉවත් කිරීමට අනුමැතිය දී ඇති බව ද මාතලේ දිසාපතිනි එම්.මිගස්මුල්ල මහත්මිය කියන්නීය. පරිසර අධිකාරියේ සභාපති චරිත හේරත් මහතා කීවේ කපා දැමීමට අවසර දුන් ගස් ප‍්‍රමාණය කෙතෙක් දැයි එක්වරම කිව නොහැකි බවයි. කැලෑ බොක්කෙන් පමණක් ගස් 74000ක් ඉවත් කිරීමට අනුමැතිය දී ඇතැයි වතු අධිකාරී නිශාන්ත ජිනසේන මහතා පවසයි. කොස්, දෙල්, රබර් වැනි පැල රෝපණය කිරීමේ අදහසක් ඇතත් ස්ථිර තීරණයක් ගෙන නැතැයි ද ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 04
226
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාතලේ ගස් ලක්ෂයක් කපයි