පූර්ණ අබාධිත තත්වයට පත් තම සගයින්ට පිළිසරණක් වීම සඳහා තම හැකියාවෙන් චිත‍්‍ර ඇඳ ප‍්‍රදර්ශනයක් කිරීමටත් එම චිත‍්‍ර භාවිතා කරමින් සුබ පැතුම් පත් සකසා අලෙවි කර ලැබෙන මුදල් අරමුදලකට බැරකිරීමටත් තවත් අබාධිත හිටපු උප පොලිස් පරීක්ෂකවරයෙක් වන ප‍්‍රදීප් ද සිල්වා මහතා උත්සාහ කරයි.
ප‍්‍රදීප් ද සිල්වා මහතා උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස රාජකාරී කරද්දී මීට වසර 16කට පෙර සොර කල්ලියක් අත්අඩංගුවට ගැනීමට යාමේදී තම සහෝදර නිලධාරියෙකුගේ ගිනිඅවිය පත්තු වීමෙන් වෙඩි වැදී ආබාධිත තත්වයට පත්වී සිටී.
පසුගිය වසර විසිපහක කාලයක් ඇතුළත තමන් සේම ආබාධිත තත්වයට පත්වූ තවත් සහෝදර නිලධාරින් හය දෙනකු වෙනුවෙන් ඔහු මෙම අරමුදල පිහිටුවීමට බලාපොරොත්තු වේ.
මුද්‍රණය කරනු ලබන සුබ පැතුම් පතක් මිලදී ගෙන මෙම අරමුදල තර කර ගැනීම සඳහා දායක වන ලෙසද සියලූ රාජ්‍ය ආයතනවලින් හා පෞද්ගලික ආයතනවලින් ඉල්ලා සිටින බව ප‍්‍රදීප් ද සිල්වා මහතා පවසයි.
දුරකථන අංක 0718186342 ඇමතීමෙන් හෝ 146/2 , මාදිවෙල පාර, උඩහමුල්ල, නුගේගොඩ ලිපිනයෙන් තොරතුරු ලබාගත හැකිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොයුර, යන්න ඉදිරියටම. හැකි ලෙස දායක වෙන්නම් මේ මහා පුණ්‍යකර්මයට. (නි)
සැබෑ විරයෙක් උපන් හපනෙක් (ම)
පුතා,ඔබනම් සැබෑම දක්ෂයෙක්.අපේ රටේ බහුතරයක්ම හදවත උණුවෙන අය.ඒ සියලු දෙන ඔබට උපකාර කරවී.ඔබට තෙරුවන් සරණයි!(ම)
ඔබේ අදහස ඉතා උතුම්. වෙසක් සුබපැතුම්ද සකසා අළෙවි කරන්න. ඔබේ චිත්‍ර ඉතාම ලස්සනයි. රළු පොලිස් ඇදුම් අඳින කෙනෙකුට මෙවැනි සියුමැලි සිතුවම් අඳින්නට පුළුවන් යැයි මම දැනගෙන සිටියේ නැහැ. කාලය මෙවැනි අරමුණකට යොදවන ඔබට තිසරණ සරණයි! (නි)
ධර්ම ජයවික්‍රම,අනුරාධ, අනුරුද්ධ, නයන, සුජීව, අනූපම, සරත්, සිතුම් ඇතුළු අදහස් දැක්වු ඔබ සැමට.... මගේ සියළු සිතුවම් නැරඹීට... https://www.facebook.com/media/set/?set=a.870348486373410.1073741831.848778548530404 ...(රේ)
ප්රදීප්, ඔබගේ මානුෂීය සත්කාරය හදවතින්ම අගය කරමි. ඔබගේ යහපත් පැතුම මල්ඵල ගැන්වේවා! සුභ පැතුම්පත් අළෙවි කරදීමට අදහස් කරමි. තෙරුවන් සරණයි! (නි)
සේන හා රොෂාන් මහත්වරුනි, ඔබතුමාලාගේ සංවේදි අදහස් දැක්වීම හා මේ සද්කාර්යය සාර්ථක කරගැරනීමට සහය පළකිරීම මා හට ලබාදුන් දිරියකි. නීතිය හා සාමය ආරක්ෂා කිරීමේදී පුර්ණ ආබාධිතව ශාරීරිකව, මානසිකව හා ආර්ථිකව බරපතල ගැටළු රාශියක් මැද දිවිගෙවීමට සිදුව ඇති මේ නිලධාරීන්ගේ ඡායාරූප සහිත සියළු විස්තර ඔබතුමන්ලාට දැක බලැගැනීම සඳහා ඉදිරියේදි මාගේ මුහුණු පොතේ පළකරන්නෙමි. තෙරුවන් සරණයි....!!! (නි)
ප්රදීප් මහතාණෙනි, ඔබගේ සංවේදී වූ යෝජිත මෙහෙවර සියලු ආකාරයෙන්ම සාර්ථක වේවා! අරමුදලේ ගිණුම් අංකය දැනුවත් කළොත් අපිටත් පුළුවන් වේවි ශක්ති පමණින් සොච්චම් හෝ උපකාරයක් කරන්න. ඔබට ජය හා සතුට! (නි)
මාගේ මේ ව්‍යයාමය සාර්ථක කරගැනීමට ඔබේ අදහස් දැක්වීම මා හට විශාල ශක්තියක් ධෛර්යයක් ලබාදේවි. 2016 නව වසර ලබනවිට මා මෙන්ම අඳුරු ඉරණමකට මුහුණ දී සිටින මගේ සහෝදර නිලධාරීන්ට සුරක්ෂිත අනාගතයක් උදාකරදීමේ අඩිතාලම දැමීමට මට හැකිවේවි. ඒ සඳහා ඔබ සැම ලබාදෙන සහයෝගය ඉතා අගයකොට සළකන අතර එය විශාල පුණ්‍යකර්මයකට දායකවීමක්ද වනු ඇත. ඔබ සැමට තෙරුවන් සරණයි....!!!! (නි)
මොනතරම් දක්ෂයෙක්ද මේ? අරමුණත් ඉතාම උතුම්. අපි අපිට හැකි උපරිම සහයෝගය දෙන්නම් (නි)
ඔබේ දිවි මඟ වාසනාවේ සුවහසක් මල් පිපේවා! අපේ සෙනෙහෙබර මිතුරන් ඔබට කතා කරාවි. හමු වෙමු හැකි විගස. තෙරුවන් සරණ ඔබ සහ පවුලේ සියලු දෙනාට! (නි)
ඔබගේ පිරිසිදු චේතනාව සාර්ථක වේවි ප්‍රර්ථනා කරනවා. (ම)
නයන, සුජීව.... මාගේ මේ ව්‍යයාමය සාර්ථක කරගැනීමට ඔබේ අදහස් දැක්වීම මා හට විශාල ශක්තියක් ධෛර්යයක් ලබාදේවි. 2016 නව වසර ලබනවිට මා මෙන්ම අඳුරු ඉරණමකට මුහුණ දී සිටින මගේ සහෝදර නිලධාරීන්ට සුරක්ෂිත අනාගතයක් උදාකරදීමේ අඩිතාලම දැමීමට මට හැකිවේවි. ඒ සඳහා ඔබ සැම ලබාදෙන සහයෝගය ඉතා අගයකොට සළකන අතර එය විශාල පුණ්‍යකර්මයකට දායකවීමක්ද වනු ඇත. ඔබ සැමට තෙරුවන් සරණයි....!!!! (රේ)
ඔබ තුළ ජීවත්වෙන සිත්තරා පලවී ඇති දෙවන සිතුවමින් හුස්ම ගන්න අයුරු අපුරුය.අපි ඔබට අතහිත දීමට සැමට ආරාධනා කරමින් පෙළ ගැසෙමු. (ම)
ඔබගෙ දක්ෂතාවය සහ උත්සාහය ඉතාමත් අගයකොට සළකමි.ඔබගේ උත්සාහය සාර්ථක වේවා! (නි)
පළමුව ලංකාදීප කතු මඩුලට, මෙම අවස්ථාව ලෝකයට ලබා දීම ගැන, දෙවනුව,ඔබට, තුති, නොදත් මිතුරකු වූ නයනයට සහ මට තුති පිදීම ගැන. බිය නොවන්න, අනගතයට, ඔබ මගේ මවු බිමට මහත් අභිමානයක් ! සිතා ගමු අලුත් ලෝකයක් ගොඩ නගන්න, ඔබට ජය සහ සතුට ! (අ)