ගම්පහ, මාකේවිටදී මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ගැටුමකදී එක් අයකුට ගලකින් පහරදී ඝාතනය කළ සැකකරුවකු ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (28) දක්වා රිමාන්ඩ් කිරීමට ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ජයන්ත බණ්ඩාරනායක මහතා නියෝග කළේය.
හෙට දින හඳුනාගැනීමේ පෙරට්ටුවකට සැකකරු ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත් මහර බන්ධනාගාර අධිකාරිවරයාට වැඩිදුරටත් නියෝග කළ අතර එසේ රිමාන්ඩ් කරනු ලැබුවේ මාරිමුත්තු තිලක් කුමාරන් නමැති 35 හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතට අත දී උණුසුම්ව සුභ පැතූ සුරතේ උණුසුම මැකෙන්නට මත්තෙන් එම අතින්ම පහර දෙන සමාජයක ගල් ප්‍රහාරයක් එල්ල කිරීම අරුමයක් නොවේ. (ම)
වැඩිවන ජීවන වියදම නිසා ජනතාව ඉන්නේ අසහනයෙන්. මේ අසහනය විවිධාකාරයෙන් පිටවෙනවා. අද මිනිස්සු ජීවත්වෙන්නේ ඔවුන්ගේ ඉවසීම දැඩි ලෙස පරීක්ෂාවට ලක් කෙරෙන කාලෙක. උදේට හොදට කෑවොත් දවල්ට හොදට කන එක ප්‍රශ්නයක්. දවල්ට හොදට කෑවොත් රැට කන එක ප්‍රශ්නයක්. මේ අපරාද අඩුකිරීමට නම් ජනතාව තුළ මානසික ආතතිය අඩුවන ලෙස රජය අනවශ්‍ය වියදම් පහතදමා බඩු මිල වහාම අඩුකළ යුතුයි. (ම)
අනේ අම්මපා මෙහෙමත් යාළුවෝ? (නි)
හදිසි කෝපය නිසයි මේ හැමදේම (නි)
හොඳයි මිත්‍රකමේ තරම! (නි)