බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ ප්‍රධානත්වයෙන් අද ඇරැඹෙන දූෂණ විරෝධී සමුළුවට ගිය ජනපති බ්‍රිතාන්‍යයේදී හරසරින් පිළිගනු ලැබිණි.
කැමරන්ගේ ආරාධනයෙන් ජනපති එහි ගියේය.
නායකයන් දෙදෙනා උදෑසන භෝජන සංග්‍රහයකට ද සහභාගී වූහ.
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්ගේ ප්‍රධානත්වයෙන් අද ඇරැඹෙන දූෂණ විරෝධී සමුළුවට ගිය ජනපති බ්‍රිතාන්‍යයේදී හරසරින් පිළිගනු ලැබිණි.
කැමරන්ගේ ආරාධනයෙන් ජනපති එහි ගියේය.
නායකයන් දෙදෙනා උදෑසන භෝජන සංග්‍රහයකට ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය අපට ගෞරවයක්.(හේ)
ඇසල මහතා, ඔබතුමා වගේම බොහෝදෙනා මේ අත් මේස් කතාවක් කියනවා නිතරම ඇසෙනවා. අත් මේස් ඉවත් කර කෙනෙකුට සුබ පැතීම ඉහළම පිළිගැනීමකි. එසේ පිළිගත් බව කීමට සිංහල භාෂාවේ පහසුම විදියට එතුමා ප්‍රකාශ කිරීම සිනහවට කරුණක් නොවේ. සිරගෙවල්වලට යැවිය යුතු අපරාධකරුවන් උසස්කොට සළකන බොහෝදෙනා මෙවැනි දේවල් සිනහවට ලක්කිරීමට ගන්නා උත්සාහය තේරුම්ගත නොහැකිය. (නි)
උගන්ඩාවේ වගේ බ්‍රිතාන්‍යයේ සැප නැතිව ඇති. ජනතාව බලාපොරොත්තු වෙන්නේ ප්‍රතිලාබ රටට. අපේ ජනපති තුමා රටට විශාල සේවයක් කරනවා. රට අනාගතේදී හොද තත්වෙකට පත් වෙනවා අනිවාර්යයි. (බ)
යහපාලනයෙන් මේ වෙනකන් මහජනයාට ඇගට දැනෙන යමක් වුනාද? නොදන්නා නිසා අහන්නේ (බ)
හොරු නිදාගෙන නිදැල්ලේ, ගොවියන්ගේ ප්‍රශ්න පළවෙයි, කැලේ සුද්දයි ලංකාව කාන්තාරයක් ළඟ ළඟ ,වැට් බදු අහස ළඟ . කට්ටිය රට රටවල් වල මේකද යහපාලනේ ... (බ)
මේක පොදු ඇරයුමක් වෙන්න ඕන. අපේ ජනපතිටම විශේෂ එකක් නොවේ. මෙරටවල පොදු සිරිත් . ඩල්සි ගේ අදහස හරි. (හේ)
නිහතමානී කමට බටහිර ඇතුළු සංවර්ධිත රටවල පාලකයින් වගේම ජනතාවත් ගරු කරනවා. හැබැයි ලංකාවේ නම්, නිහතමානි කම සැලකෙන්නේ නිවටකමක් ලෙසයි. වෙනස ඒකයි.(බ)
නිහතමානිකමයි නිවටකමයි පටළවා ගතයුතු නැහැ. මේ රටවල් අපිට සළකන්නේ නිකම්ම නිකන් නෙමෙයි. යටි අරමුණු ඇතුව. (නි)
ලෝකවාසී ජනතාව දුෂණවිරෝධීන් වශයෙන් අත්වැල් බැඳ ගනිමින් සිටියදී ශ්‍රී ලංකාවාසී දුෂිතයන් ඒකාබද්ධ වෙමින්ද, ආරක්ෂාවට බලඇණි සහ ඒවාට අරමුදල් රැස් කරමින්ද සිටිනු දකින්නට ඇත. දුෂණ විරෝධය සමුළු වලටවත්, පරික්ෂණ වලටවත් පමණක් සීමා නොවීමට පෑගෙන ජනතාවගේ පැත්තෙන් අපි ප්‍රාර්ථනා කරමු. (නි)
මහින්ද මහත්තයා කොහේ ගියත් කාටවත් මොකද? ඔහෙලා ඔහේලාගේ වැඩ නිවැරදිව කරන්නකෝ. (නි)
මදුර,ජනවාරි අටවනදා සිදුවූ ආණ්ඩු පෙරළියට දායකවූ පොදු මහජනයා තමන්ට අලූත් රැකියා, බඩු මිල අඩුකිරීම්, උසස්වීම් ඒ කිසි ඉල්ලීමක් ඉදිරියට ගෙන ආවේ නැත. අවම ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටපිටාවක හෝ හිතවත් ජීවත්වීමේ ඉඩකඩ නොබෝ දිනකින් අවසන්වේය යන සාධාරණ බිය ඔවුහු ඒ පෙරළියට දායකවීම කරා රැගෙන ගියහ. මහින්ද රාජපක්ෂ රජය කඩා වැටුණේ තිස් අවුරුදු යුද්ධයක් කවර හෝ ආකාරයකින් පරාජය කිරීමේ ගෞරවය ඔහු කෙරේ ජනතාවට නොතිබූ නිසා නොවේ. සිංහලයාගේ මතකය බොහෝ කෙටි එකක් නිසාද නොවේ. පිය පුතු සහෝදර කල්ලිය විසින් මේ රට, මේ රටේ සම්පත් එහි අතීතය හා අනාගතය තමන්ගේ නින්දගමක් ලෙස සිතා පරිහරණය කළ හෙයිනි. (නි)
මෙතන දා තිබෙන අදහස් දිහා බලනකොට තවමත් මෛත්‍රී ගැන විශ්වාසයක් තියාගෙන ඉන්න කොටසක් ඉන්න බව පේනවා. දුෂණ නැතිකරන හැටි ඉගෙනගන්න ලෝකේ වටේ නොගියාට රටට ආදරේ ඇති අවංක පිරිසක් ළංකර ගෙන තරාතිරම් නොබලා දුෂිත පාලකයින්ටයි, නිලධාරීන්ටයි කල්තියා දඬුවම් දුන්නා නම් පරාජිත දේශපාලනකාරයින්ට හොල්මන් කරන්න මේ තරම් ශක්තියක් ලැබෙන්නේ නැහැ. (නි)
පිටරට නායකයො කියන සියල්ල පිළිගැනීම, වරද දැක කට පියාගෙන සිටීම සහ ගමේ වේදිකාවේ වීරයා වෙන්න හදන එක අනතිමානී ද ? නැත්නම් වෙන මොකද්ද ? අපිට මෙතුමා වටිනවා, (බ).
මේ වගේ නිහතමානී ප්‍රජන්තන්ත්‍රවාදී නායකයෙක් අවුරුදු 55 ක් සපුරා ඇති මා, මාගේ ජීවිත කාලයේදී කවදාවත් දැක නැත. එක එක මාෆියාවන්ට යට නොවන මේ රත්තරන් නායකයාව අපි රැකගනිමු (නි)
යහපාලනයෙන් එකක් නම් වුණා පැහැදිලිවම. එ්ක තමා ගහපු කට්ටියගේ ගැහිල්ල නතරවීම (නි)
කිසියම් රටකට අලුත් නායකයෙක් බලයට පත්වුවිට මෙවැනි ආරාධනා ලැබෙනවා, මේ අපේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමනේ.එතුමාට ජාත්‍යන්තරයෙන් අනිවාර්යෙන්ම පිළිගැනීමක් තියෙනවා. ඒවගේම ජාත්‍යන්තර සම්බන්දතා ගොඩනගන්න විදේශ රටවල සංචාරයන් සිදුකනවා.මෙවා සාමාන්‍ය දේවල්. සමහර වැදගත් පාටක මහත්වරු මේ මොහොතත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාදිපති තුමාට ගරහන්න යොදාගැනීම ගැන මධ්‍යස්ත අදහස දරන මම හරිම කනගාටුවෙනවා.
හොර පොල් කල්ලියේ උදවියගේ ඇහේ කටු අනිනවා වගේ ඇති මේවා දකිනකොට (නි)
දන්නේ නැතිකමටයි අහන්නේ. මේ දූෂණ විරෝධී ක්‍රමය ඇතුළේ නැද්ද අර සහල් එ්කාධිකාරය (ගොවියාගෙන් පිච්චියට ගෙන, පාරිභෝගිකයාට ගිනි ගණන් වලට විකිණීම) බිඳින්න විදියක්? එ්කත් අංක එකේ දූෂණයක් (නි)
නිම්මිගේ ප්‍රකාශය ගැන පුදුමවෙන්න අවශ්‍ය නැහැ (නි)
ලොවක් දිනූ නිහතමානී නායකයා ඔබයි (නි)
අපේ ආදරණීය නායකයාට ජයවේවා! (නි)
යහපාලනයෙන් මේ වෙනතුරු මහජනයාට ඇඟට දැනෙන යමක් වුණා නම් ඒවා තමයි, බදු බර වැඩිවීම, බඩුමිල වැඩිවීම සහ රටේ කෑල්ලක් අඩුවීමට යාම. දන්නා නිසයි කියන්නේ (නි)
මහින්ද මහත්තයාවත් උගන්ඩාවේදී හොඳට පිළිගන්න ඇති (නි)
රොහාන් නිකමට ලංකාවේ සුපිරි වෙළඳ සැළකට ගිහින් බලන්නකෝ වෙලා තියෙන වෙනස (නි)
කරුණාපාල, ඔය තත්වයට අපිට එන්න තව කාලයක් ගතවෙනවා. (නි)
ආවට පස්සේ අපිට හොඳ කතාවක් අහගන්න පුළුවන් වෙයි (නි)
ගොඩක් සතුටුයි මේ වගේ දේවල් දකින කොට.(හේ)
මේ පාර රැජිණ මුණගැසෙයිද දන්නේ නැහැ. මට අර අත් මේස් කතාව මතක්වුණා (නි)
උදේ භෝජන සංග්‍රහයට ආප්ප සමඟ ලුණුමිරිස්ද දන්නෙ නැහැ තිබුණේ? (නි)
මිනිස්සු ඇත්ත තේරුම් ගන්න ඕනෑ. පසුගිය කලේ අපේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශාල සංවර්ධනයක් වුණා. එ්ත් ඒවා කළේ පිටරට වලින් ණයට අරගෙන. අනික ගෑස්, පෙට්‍රල්, ඩීසල් ඇතුළු බොහෝ ඒවාට අධිකව බදු ගැහුවා. අලුත් ආණ්ඩුවට ණය ගෙවන්න තියෙනවා. සල්ලි තිබෙන රටවල් මිත්‍ර කරගන්න වෙලා තියෙනවා. ඔක්කොටම වඩා හොරුන්ගෙන් එල්ලවෙන අබියෝග වලට මුහුණ දෙන්නත් වෙනවා. පිරිසිදු අගමැති කෙනෙක්, පිරිසිදු ජනාධිපති කෙනෙක් අපේ රටට ඉන්නවා. (නි)
ජනාධිපතිතුමනි, අපි ඔබ සදා විශ්වාස කරන්නමු. ඔබට හා රටට සදා ජය! (නි)
කැමරන් පම්පෝරි ගැහුවට එයාගේ පියත් ඉන්නවා පැනමා පේපර්ස් ලයිස්තුවේ! ඔන්න ඔහොමයි පම්පෝරි කාරයන්ගේ දුෂණ විරෝධය! ලංකාවේ වගේම තමයි. (බ)
ඩේවිඩ් කැමරන්ගේ ආරාධනයෙන් වුණාට එයා වැඩිය පෙනෙන්න නැහැ නේද, අර හැම දෙනාම ඉන්න එකේ තරමක් දුරින් ඇර (නි)
ජනාතිපතිතුමනි, තරුණ අපි ඔබ සමඟයි. කොහොමහරි අපි ගොඩනඟමු රට (නි)
ප්‍රභාකරන්ට යන්න බැරි වෙච්ච දුර අද විග්නේෂ්වරන් එක උණ්ඩයක් වියදම් නොකර යනවා. නොඇසූ කන්ව, නොදුටු දෑස්ව සිටීමෙන් පේනවා ත්‍රස්තවාදීන්ට අාවඩන බව (බ)
ජනපතිතුමා වගේම සෙසු නියෝජිතයිනුත් සාධාරණව, අවංකව රටේ දියුණුවට කටයුතු කළොත් අපේ රට ගොඩ යාවි. (නි)
උපුල්ගේ හා රසින්තගේ අදහස් සමඟ එකඟ වෙමි. (නි)
ඇයි එරටේ අගමැති නොපැමිණියේ පිළිගන්න? (නි)
අපේ ජනපති අපිට වටිනවා. (ර)
ඇත්ත නිම්මි අපේ ජනපති කාටත් වටිනවා. (ර)
ජනපති නිහතමානී නායකයෙක්. ශ්‍රී ලංකාව ඉහල තලයකට ඔසවා තැබීමට ඔබ තුමාට හැකිවේවා යි පතමි! (ර)
ඔබට අපේ සුබ පැතුම්! (නි)
දුෂිත බව තියෙන්නේ දේශපාලන ක්‍රමය තුළ නොවෙයි අපේ ජානවල. ඒ නිසා දුෂණ නැති කරන්න තව පරම්පරා ගානක් යනවා. එතකන් වනගතවෙලා භාවනා කරමින් ඉන්න එක හොඳයි. (බ)
බොරු උජාරුවට වඩා නිහතමානිකම මුළු ලොවක් වටිනවා. සියලුම කටුතු යහපත් අයුරින් ඉටුවේවි පැතුම.! (ර)
උතුමාණනි ඔබට අපගේ උත්තමාචාරය. (ර)
උගන්ඩාවට ගිය අපේ හිටපු ජනාධිපතිටත් සැහෙන්න සැලකිලි ලැබෙන්න ඇති නේද? (ර)
එකම දේ එතුමාට වැඩකරගෙන යන්න හොඳ කණ්ඩායමක් ආණ්ඩුවේත් එතුමාගේ පක්ෂයේත් නැති එක. (ර)