
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
නිල්වලා ගගේ ඉහල නිම්නයට තව දුරටත් වර්ෂාව ලැබීම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ගං වතුර මට්ටම යළි ඇති වීමේ අවධානමක් මතුව ඇති බව මාතර දිස්ත්‍රික් ආපදා මධ්‍යස්ථානය පැවසීය.
එම නීසා ගංවතුර තත්වය පහව ගොස් ඇතැයි සිතා කටයුතු නොකරන ලෙසත් පහත් බිම් වල ජනතාව තව දුරටත් විමසිල්ලෙන් සිටින ලෙසත් එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ආරියවංශ කණ්ඩම්බි මහතා සදහන් කලේය.
මාලිම්බඩ,කද්දුව,වෙනිඅකුල,වැල්ලේතොට,කපුදුව ආදී ප්‍රදේශ වලද අඩු වෙමින් තීබු ජල ධාරිතාවය යළි ක්‍රමයෙන් ඉහල යමින් තිබුණි.
එම ප්‍රදේශවල ගමනාගමන කටයුතුවලට යුද හමුදාව හා නාවික හමුදාව බෝට්ටු සේවාවක් ආරම්භ කර තිබුණේය.
ඊට අමතරව ආපදාවට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාගශිලීන් පැමිණ උදවු උපකාර කරන අයුරුද දැක ගත හැකි විය.
තවදුරටත් ගං වතුර පැවතීම නිසා අකුරැස්ස අතුරලිය හරහා කඹුරුපිටිය, මාතර දීයගහ, අකුරැස්ස සියඹලාගොඩ, මාතර කද්දුව, අකුරැස්ස කඹුරුපිටිය හරහා හක්මන මාර්ග වල බස් ධාවනය ඇණ හිට තිබුණේය.
මාතර ගොඩගම දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව ජයන්ති පාලම අසල ද ජලයෙන් යට වී තිබෙන අතර එම ස්ථානයෙන් ගමන් කල නොහැකි ඇතැම් සැහැල්ලු වාහන කපුදුව පිවිසුම හරහා නැවත මාතර නගරයට පැමිණෙන අයුරු දැක ගත හැකි විය.
කෙසේ වෙතත් ලබන 15 වැනි දින පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට එම ප්‍රදේශ වල ගංවතුර තත්වයක් පවතින්නේ නම් ආසන්නතම විභාග මධ්‍යස්‌ථානයක් කිට්ටුව ඥාතී නිවසක කල් ඇතිව නතර වන ලෙසට ද හදීසි අවශ්‍යතාවයක් මතු වුවහොත් 041-2234134 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.
ඒ වෙනුවෙන් දිස්ත්‍රික්කයට පුරා වෙනමම ආරක්ෂිත වැඩසටහනක් ද ක්‍රියාත්මක කර තිබේ.

2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතරට යළි ගංවතුර:ශිෂ්‍යත්ව දරුවන්ටත් පණිවිඩයක්