‘මෛත්‍රීපාල සිරිසේන පක්ෂ නායකයා වුණේ නීත්‍යානුකූලවයි. ජනාධිපතිවරණයෙන් පසු දවසක මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා කතානායක නිල නිවසට තනිවම වාහනයකින් ආවා. මහින්ද රාජපක්ෂා මහතාත් හිටියා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ කිහිප දෙනකුත් හිටියා. මෛත්‍රී, මහින්ද, කතානායක චමල් නිල නිවසේ උඩ තට්ටුවට ගිහින් සාකච්ඡා කර ඉන් පසු තමයි මහින්ද පක්ෂ නායකත්වය මෛත්‍රීට බාර දුන්නේ.‘ යැයි ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.
ඇමැතිවරයා එලෙස කීවේ අද සවස ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති බදුල්ල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ බල මණ්ඩලය අමතමිනි.
‘ මහින්ද මෛත්‍රීට පක්ෂ නායකත්වය බාර දෙද්දී කතානායක චමල් එතන හිටියා. අපි දන්න තරමින් කවුරුවත් තර්ජනය කර නායකත්වය ගත්තේ නැහැ. උඩ තට්ටුවේ ඉඳන් පහළ තට්ටුවට දෙන්නාම ආවේ සිනා වෙමින්. මහින්ද අපි ඉන්න තැනම මෛත්‍රීට පක්ෂය බාරගන්න කීවා. නිලධාරී මණ්ඩලයත් පත් කරගන්න කීවා. ඒ නිසා තමයි මෛත්‍රී සමඟ අපි පක්ෂය එක්ක එකට ගියේ. මහින්දට අගමැති කම දෙන්න කියා මමත් අත්සන් කළා. එතුමාට දිනාගන්න බැරිවුණා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වසර හතර හමාරක් යද්දි මැතිවරණ නැහැ. අපට මේ වසර පහේදී අයාලයේ යන්න බැහැ. මෛත්‍රීපාල ජනපති අපිට කතා කළා. අපි ගියා. ඊට පස්සේ කටු කන්න ගියා කියනවා. අප ඉන්නේ පුද්ගලයන් සමඟ නෙමෙයි. පක්ෂය සමඟයි.
අපි එක්සත් ජාතික පක්ෂයට යන්නේ නැහැ. නායකයා කවුරු උනත් අපි ඉන්නේ අත ලකුණ, පක්ෂය සමඟයි. දේශපාලන නායකත්වය කවුරු වුණත් අපි එතැන ඉන්නවා. අපි ගියේ මධ්‍යම කාරක සභාව විධායකය ගන්න තීන්දුවකට අනුවයි. නිවැරැදි දර්ශනයක අපි යනවා. අපි දැන් යන්නේ සභාග ආණ්ඩුවක. සංවර්ධනයේදී එක්ව ගමන් කරනවා. මැතිවරණයකදී වෙන්ව ගමන් කරනවා. හරියට ගංඟාවක් එකට ගිහින් වෙන් වී ගමන් කරනවා වගෙයි. අපි එකිනෙකා මිනී මරාගන්නා දේශපාලනය නවත්වමු‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බමුණු මෝඩ කථා කියන්න එපා (බ)
දැන් ඔය අපුරුවට කරන්නේ වෛරීය දේශපාලනය අත හැරලා , සිංහල අපි ඔක්කොම ගෙන් පළි අරන් , රාජපක්ෂ මුළු පවුලගෙන් ම පළි ගන්නේ හරියට ප්‍රබාකරන්ගෙන් පළි ගන්නවා වගේ . රණ විරුවෝ හිරේ දාන්නේ ත්‍රස්තවාදී හිරේ දානවා . මහා සංඝරත්නය හිරේ දාන්නේ හරියට ආණ්ඩු පෙරලන්න ආවා වගේ . මේවා වාර්තා කරන සත්‍ය ප්‍රකාශ කරන මාධ්‍යයට කොහොමද තර්ජනය ? මේ වගේ ජේ ආර් ප්‍රේමදාස කාලේ වත් වුනේ නැහැ . කොහොමද ඇමති තුමා ආණ්ඩුව විවේචනය නොකර ඡන්දෙ කරන්නේ ආණ්ඩුවට විරුද්ධව . ආණ්ඩුව හොඳයි නම් විවේචනය කරන්න දෙයක් නැතිනම් එජාප ඩයස්පෝරා හවුල් ආණ්ඩුවෙන් ම ඉල්ලන්න , කිසම ප්‍රශ්නයක් නැහැ (බ)
ශාන්ත මහතා සමරගේ හරි , අද විපක්ෂයක් නැහැ , ආණ්ඩුව හිතුමතේ වැඩ කරන්නේ , එත් කමක් නැහැ හරියට කරනවා නම් . දැන් බලන්න මුළු රට ම විරුද්ද වෙද්දී ඉට්කා ගිවිසුම ගහනවලු . (අ)
අවුරුදු 41/2 ක් කටුකන එක ද හොඳ ඒ අවුරුදු 41/2 නම්බුව තියාගෙන ඉන්න එක ද හොඳ?. බොරු එපා. මහත්තයෙක් කියල තමයි ජනතාව ඡන්දෙ දුන්නේ.ඔය ගොල්ල එක හිතකින් කටු කන්නේ නැතුව ඒ අයට කටු බැරිනම් මස් කන්න දීල පැත්තකට වෙලා හිටියා නම් ජනතාව පිළිගනීවි. කටුසුප්පු කරලා අවු. 41/2 න පස්සේ ජනතාව ඉදිරියට ඇවිත් කියන්න හදන්නේ එදා අපි කටු සුප්පු කලට මේ සැරේ අපි මස් කනවා කියන්නද?(අ)
මෙතන දැන් වැදගත් වෙන්නේ කවුද දුන්නේ කවුද බාරගත්තේ කියන එක නෙමෙයි. නැවතත් මේ කතාවලට රටේ සාමාන්‍ය වැසියන් වන අප ඈදාගන්න ඕනෑ නැහැ. වෙනසක් බලාපොරොත්තුවෙන් රටේ ජනතාව තමන්ගේ ස්වකීය ඡන්ද බලය පාවිච්ච් කළත් අද ජනතාවගේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන් යමක් කරන්නට පාලකයින් අපොහසත් වෙලා තියෙනවා. මට නම් දැන් හිතෙනවා නොදන්නා යකාට වැඩිය දන්න යකා හොඳයි කියලා (නි)
කොහේ ගියත් යන්නේ නිදහස් පක්ෂ පාක්ෂිකයින් අකමැති ගමනක් (නි)
බඩ ගොස්තරකම නැති අය ඔය අතරේ ඉන්නවනම් ඒ අය කියන්න ඕන ඒ අයට මාසයකට කොච්චර හම්බ වෙනවද කියල. අන්න ඒ අයට මහා ජනතාව මල් තියල පිළිගනීවි. අපි බලමු කි දෙනෙක් ඉන්නවද කියල. (අ)
මේ මිනිස්සු මේ රටේ පාලනයට හොද නැහැ මේ අයෙ ගැන කලකිරීම මිස සතුටක් අපට නැහැ මහින්ද මහත්තයාගේ රැකවරණයේ ඉදල මෙහෙමනම් තව මොනවද (අ)
මහින්ද කවදත් ඇත්ත කතාකළ කෙනෙක් නෙමෙයි. ළඟම හිටිය ඇමති ඔක්කොම දුෂිතයෝ එයාට කවදාවත් යහපාලනයක් ගැන උනන්දුවක් තිබුනේ නැහැ. (බ)
දේශ පාලකයෝ ඔක්කොම හොරු කියන්නෙම බොරු කවුරු ඇත්ත කියනවාද කවුරු බොරු කියනවාද අපි දන්නේ නැහැ අනික මේක ජාතික ප්‍රශ්නයක් නෙමෙයි මගේ හිතේ මෙගොල්ලගේ රැකියාවේ ප්‍රශ්නයක් (අ)
අවස්ථාවාදී නොවී ලංකාව පොහොසත් රටක් කරමු, ණයබර තුරන් කරමු. මහජනතාව නොරවටනු! (නි)
කෝ ඔබතුමා කියන සංවර්ධනය? කොහොමද ඇමතිතුමා ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දාන්නේ ? මේවා දේශපාලනය මොන්ටිසෝරි කතානේ. (නි)
සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා, සිතේ ඇතිදේ කව්ද දන්නේ කියන්නට විමසා (නි)
ජනතාව තවදුරටත් බොරුවෙන් රවටන්න බැරි බව දැන්වත් තරයේ සිතට ගතයුතුයි. රටේ දැවෙන ප්‍රශ්න අනන්තයි. ඒවා විසඳීමට ඒ අයට බැරිවුණ නිසා නේද මෛත්‍රී ජනපති කරන්නත් රනිල් අගමැති කරන්නත් ජනතාව වරම් දුන්නේ? (නි)
ඇමතිතුමා ඔය කිවුවට ඒ කාලේ ඉතින් ඔය වගේ කප්පම් ඉල්ලලා, මරණීය තර්ජන කරලා, නිර්නාමික දුරකථන ඇමතුම් හැමෝටම එන කාලයක්නෙ (නි)
අනේ මන්දා මේ කතා! (නි)
බැරිකම වහගන්න මුක්කු ගහන්න ගිහින් තියෙන්නේ කවුද කියලා අපි දන්නවා (නි)
කපන්න බැරි අත සිඹිනවා කියලා අපි කියන්නේ මේවාට (නි)
තිලක් ඩුබායි ජම්පරයක් අන්දලා හිරේ දාන්න ඕනේ කට්ටිය ඉන්නේ මේ එජාපෙ ඩයස්පෝර අශුද්ධ හවුල ඇතුලේ. ඔබතුම ට මතකද 1988 89 කාලේ . නඩුත් නැහැ උසාවිත් නැහැ. මැරිලා ඉපදුනේ මම නොවේ ඔබතුමා . ජම්පර් නොවේ සාජන්ට් සුනිල් රත්නායක එල්ලුම් ගස් නියමවුනා . ඔබතුමා කොහෙද ඉන්නේ ? (බ)
දැන් ඔය අපුරුවට කරන්නේ. මහින්ද මහතාට පින්සිදු වෙන්න දිනා ගත්තා (නි)
ඇසළ සඳ දිය නොවුණ ඈත වැවුතල කොනක ගයා නිම වූ කවිය ඉකිබිඳී ....... සඳට ඉකිබිඳ හඩන නොදරුවන් නොවෙයි අපි සිනාසෙමු අතීතෙට සෙනෙහසින් ..... (නි)
පනින්න සූදානම්වෙලා, අන්තිම මොහොතේ අඩිය පස්සට ගත්තේ කවුද හැබෑටම? (නි)
පසුගිය පාලනය අච්චාරුවක් නොවුණේ රාජපක්ෂ රෙජිමය නිසා. ඒ පාලනයේ සිටි මේ අය පිළිබඳව ජනතාවට තිබුණේ කළකිරීමක්. ඒ කළකිරීම ගියේ මහින්ද මතින්. අද මහින්ද පරාජය කළ මහින්දගේ ඇමතිවරු මේ ආණ්ඩුවත් පරාජය කරනවා. (නි)
ඕවා දැන්ද මතක්වුණේ? (නි)
මහින්ද දෙපාරම පැරදුනේ කවුරු නිසාද කියලා එතුමාට කියන්න අමාරුයි වගේ. මහින්ද ගියොත් ශ්‍රී ලංකා පක්ෂයට දෙවිපිහිටයි (නි)
අපට ඕනෑ රට දිනවන මිනිස්සු මිසක් පක්ෂ දිනවන මිනිස්සු නෙමෙයි. මේ කාටවත් ජනතාව ගැන කැක්කුමක් නැති බව දැන් ක්‍රමයෙන් ප්‍රකටවෙමින් ඇත. (නි)
මහානාම - කඳාන හරියට මැරිලා ඉපදුන කෙනෙක් වගේනේ කතා කරන්නේ. දවසින් දෙකින් නඩු අහල, හිරේ දාල ජම්පරයක් තවම කාටවත් අන්ඩුවේ නැති නිසාද ඔහොම කියන්නේ? (ර)
කන්න හිතුනම කබරයත් තලගොයා වගේ පෙනෙනවා. (ර)
අපෝ මෙයාගේ රහස් කවුද ගිලින්නේ. තමන්ගේ ඊළඟ ගොදුර බාගන්න කියන ඒවානේ ඔය. (අ)
දේශපාලකයෝ හැමදාම දිනුම්. මහජනතාව හැමදාම පැරදිලා බැන බැන ඉන්නවා (නි)
අපි නැවත නිදහස් පක්ෂයට ඡන්දෙ දෙන්නේ නැහැ (නි)
රට මේ යන විදිය දකිනකොට කියන්න හිතෙන්නේ මේ කරන දේශපාලන වංචාවට දරදිය ඇද්ද, කඩේ ගිය, බොරු කී, රටේ ඒකීයභාවය අමු අමුවේ පාවාදෙන්නන්ට තම කැමැත්ත ඡන්දෙදි ඉහළින්ම දුන්, මෙකී නොකී සියල්ලටම ඊනියා යහපාලනයෙන් රටේ තත්වය ගරාවැටී ජන ජීවිතේ රීම් එකෙන් යන්න වෙනවිට දැනට වඩා නියම පාඩමක් ඇඟට දැනෙනවා නිසැකයි. (නි)
තිලක් ඩුබායි මහතා ඔබතුමා නින්දෙන් නැගිටලා වගේනේ කතාව . ජම්පර් ගහලා නොවේ , සාජන්ට් සුනිල් රත්නායක මහතා ජම්පර ගහ ගෙන එල්ලුම් ගහ දිහා බලා ගෙන ඉන්නවා බඩේ පැත්තක බෝම්බ කැල්ලක් එක්ක . කොටින්ව නම් නිදහස් කරලා මාසෙකට රු 3000 ක් දෙනවා . ඔබතුමා මේවා දන්නේ නැද්ද ? නැතිනම් කමක් නැද්ද ? බලන්නකෝ අද තියෙන නිදහස එදා වගේමයි . ඔබතුමාට මතකද රිචර්ඩ් ද සොයිසා , සාගරික ගෝමස්, නීතිවේදී විජේදාස ලියනාරච්චි , වෛද්‍ය සිසු දයා පතිරණ , කෝ අඩුම ගානේ මරණ සහතිකයක් වති තියෙනවද ? කෝ නඩු . හරියට බැලුවොත් මේ ආණ්ඩුවේ බාගයක් ම ඉන්න ඕනේ හිරේ 1988-89 කරපු දේවල් වලට . මම හිතන්නේ ඔබතුමා 1990 න් පස්සේ ඉපදුනු කෙනෙක් වෙන්න ඇති මේවා නොදැන මේ එජාප ඩයස්පෝර හවුල වෙනුවෙන් පෙනී සිටින්නේ (බ)
මෛත්‍රි මහතාට පක්ෂයේ නායකකම මහින්ද බාරදුන්නේ දුරදිග සිතාබලා කටයුතු කරන්න (නි)
නායකකම් දුන්නෙත්, නායකකම් ගත්තෙත් තමන්ගේ වාසියට මිස රටට හෝ පක්ෂයට ආදරය නිසා නොවන බව කාගෙ කාගෙත් වැඩ වලින් පැහැදිලි වෙනවා. මේ අයත් තමන්ගේ වාසියට බලය ඇති පැත්තට හේත්තුවෙලා වරදාන භුක්ති විඳිනවා හැර රටටවත් ජාතියටවත් කිසිම යහපතක් නැහැ. (නි)
මේ තමයි ඇත්ත. මහින්ද එක එක පාරට වෙනස් දේවල් කියනවා. කවුද දැන් එයා කියන දේවල් විශ්වාස කරන්නේ. මොකද ඒ වෙලාවේ කියන්න බැරිවුණේ? (නි)
දැන් අපි මේවා විශ්වාස කරන්න ඕනෑද? (නි)
සිරිපාල මහත්තයා නේද දින 100 සිරිසේන ආණ්ඩුවේ අගමැතිකමට තමන් අනික් අයට වඩා හොඳයි කියලා ඊට පසුව විපක්ෂ නායක කම ඉල්ලලා නැටුවේ. කටු සුප්පු කරන්න බැරි නම් දේශපාලනය කරන්න එපා. (අ)
එහෙනම් අලුත් පක්ෂයක් අවශ්‍යමයි. (නි)
මට මතකයි මහින්ද මහත්තයා බලයේ ඉන්නකොට මෙතුමන්ලා එතුමාට ආවඩපු හැටි. (නි)
ගංගාවක් කිසිකලෙක පහළ සිට ඉහළට ගමන් කරන්නේ නැති බව පහළ බාලාංශයේ ළමයි පවා දන්නා කාරණයක්. හරිම දුකයි මෙතුමා ගැන. සාමාන්‍යයෙන් වෙන්නේ ජලය ඕවිටි, ඇළ, දොළ මඟින් ගලා ගොස් අතු ගංගාවන් බවට පත්වී ඉන් අනතුරුව සියලුම අතු ගංගාවන් ගෙන් ආ ජලය එක් ගංගාවක් බවට පත්වීමයි. මට මේ මොහොතේ මතක් වෙනවා රෝහණ විජේවීර මහතා එකල ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතාකරන කාලයේදීම කිවුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකට එක්වී සභාග ආණ්ඩුවක් කරා යන බව. ඇත්තටම ඔහුගේ දුරදර්ශී දේශපාලන දර්ශනය ගැන අද මට පුදුම හිතෙනවා. (නි)
මේ කතා ගොඩක් වැඩකට නැති කතානේ, බලන්න අනිත් දියුණු රටවල්, ඡන්දයකින් කවුරු පත් වුණත් විරුද්ද පක්ෂය කටු ගහන්න යන්නේ නෑ. එයට ඉඩ දීලා ඊළඟ ඡන්දය එනකම් බලගන ඉන්නවා (අ)
"මෛත්‍රීපාල ජනපති අපිට කතා කළා. අපි ගියා.“ එතකොට තමන් ඔලුවෙන් හිතාලා නෙමෙයිද වැඩ කරන්නේ? (නි)
මෙහෙමත් කටවල් . (හේ)
දැන් ඕක කියලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? (නි)
කට්ටියට හොඳ උත්තරයක් දී තිබෙනවා (නි)
මොනවද මහත්තයෝ මේ කතා? (නි)
මැතිවරණයක් අවුරුදු පහකට නැත්නම් ශක්තිමත් විපක්ෂයක් වෙලා රටට වැඩක් කරන්න. තමන්ගේ බඩ ගැන විතරක් හිතන්න එපා. (නි)
1989දි ලලිත් ඇතුලත්මුදලි ඇමතිතුමා කිව්වා රටක් ගොඩ නැඟෙන්න ඒ රටට ශක්තිමත් රජයක් වගේම ශක්තිමත් විපක්ෂයකුත් අවශ්‍ය බව. මේ වගේ තමුන්ගේ බඩගෝස්තරේට විතරක් වැඩ කරගන්න දේශපාලුවෝ හිටියම මොන ආණ්ඩුවක් ආවත් හරියන්නේ නැහැ. (නි)
රමණී, ඉතින් ඒකාබද්ධ විපක්ෂය කියලා එකක් තියෙන්නේ. ඒක ශක්තිමත් නැද්ද ? රටක් දියුණු කරන්න විපක්ෂයක් ඕනෑම නැහැ. තියෙන්න ඕනෑ හොඳ සැලසුම්, මඟපෙන්වීම්. ඒකාබද්ධ විපක්ෂය කියාගන්න අය ඒ දෙකම කරන්නේ නැහැනේ. එයාලා කරන්නේ දේවාල ගානේ පොල් ගහ ගහ ඇවිදින එක. අනික ඒකාබද්ධ විපක්ෂේ අයට දැන් තියෙන ලොකුම කාර්යය තමුන් ආණ්ඩු කරපු කාලේ කරපු දේවල් වලට නීති සහනාධාර සොය සොයා යාමයි. (නි)
ශාන්ත, ඒකාබද්ධ විපක්ෂයට වෙනම ඒ කාර්යය ඉටු කරන්න පාර්ලිමේන්තුවවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයවත් ඉඩ දෙන්නේ නැහැ. රටකට විපක්ෂයක් අවශ්‍ය ආණ්ඩුවක් හරි පාරේ යන්නේ නැත්නම් හරි පාරට ගන්න. ඔයාට ඔප්පු කරන්න පුලුවන්ද අද ආණ්ඩුව හරි පාරේ යන බව (නි)
ඉතින් අපිට මේවා කියන්නේ මොකෝ? කවූද ඕවා ඇහුවේ. (ර)
බොහොම හොඳ කතාවක්. ස්තුතියි. (ර)
ඔයාල කොහොමත් හැමදාම දිනුම් ජනතාව පරාදයි ඕකයි ඇත්ත (බ)
ස්තුතියි, ඔයාගේ ගමන ඔයා යන්න. අපේ ගමන අපි යන්නං පස්සේ එකතු වෙන්න එපා අපිත් එක්ක. (ර)
දියේ යන දණ්ඩට පිහිටක් වුනත් දුදනන්හට පිහිට වෙන්න එපා කියන්නේ මේවට තමයි (බ)
ඕක තමයි ඇත්ත. (ර)
හරියට අපි ඇහුවා වගේ කියන්නේ. ඔය බලලා මල්ලෙන් එලියට පනිනවා වෙන්න ඇති. (බ)
"ලංකා පුත්‍ර බැංකුව මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ හිතවතුන් හා දේශපාලන හෙංචයියලාට ලබා දී තිබෙන රුපියල් මිලියන 5000 කට අධික ණය මුදල්වලින් මිලියන 2000 කට අධික ප්‍රමාණයක් ආපසු අයකර ගැනීමට නොහැකි තත්ත්වයක පවතින බව නි.අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය".මහජන මුදල් අවබාවිතාව ගැන විස්තරාත්මක වීඩියෝ එකක් තිබෙනවා .(බ)
මහින්ද නැති පක්ෂයක් පරදිනවම්යි. (ර)
මේ වගේ ඇමතිවරු ඉන්න ආණ්ඩුවක් හරි පාරේ යන්නේ නැති බව මෙයාගේ කාතාවෙන්ම ඔප්පු වෙනවා. රට නෙවෙයි බඩ තේමාව තමයි යන්නේ, (බ)