කොළඹදී පැවැති ජාතික ටයිකොන්ඩෝ තරගාවලියේ සමාප්ති උත්සවයේ ප‍්‍රධාන අරාධිතයා වු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය විසින් කළුපටි 9 වැනි ශ්‍රේණියේ ගෞරවනීය සහතිකයක් පිරිනමන ලදී.
මෙරට ජනතාවගේ මෙන්ම ක‍්‍රීඩාවේ යහපත් අභිවෘද්ධිය වෙනුවෙන් ජනපති මූලිකත්වයෙන් ක්‍රියාත්මක කළ ‘මතින් තොර රටක් ’යන වැඩසටහනට දකුණු කොරියාවේ ලෝක ටයිකොන්ඩෝ සම්මේලන නිලධාරීන් මෙම තිළිණය ජනාධිපතිවරයාට පිළිගැන්වීය.
මෙම අවස්ථාවට ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර සහ ශ‍්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරු ද සහභාගිවුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතට තිත වගේම අළෙවියටත් තිත වලංගු වියයුතුයි (නි)
බොහොම හොඳයි (නි)
නියමයි. සුබ පැතුම්! (නි)
මේ වගේ අවස්ථාවක් උදා වීමක් ලොකු දෙයක්.(හේ)
දැන් ඉතින් වැඩ ටිකක් පෙන්වන්න පුළුවන්.(හේ)
ඔන්න කොල්ලනේ දැන්නම් ඉතින් වැඩි විහිළු තහළු වලට යන්න එපා. (නි)
ෂා නියමයිනේ! (නි)
ඔය පටිය දෙන්න තිබුනේ අර ඉස්සර හිටපු අචාර්ය ගස් බඳින තුමාට නාස් ලණුවක් විධියට පාවිච්චි කරන්න.(කෞ)
සසකාවා කියන ජපන් ජාතික කෝටිපතියා ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාටත් ඔය වගේ ගෞරවනීය කළුපටියක් පැළැන්ඳුවා මට මතකයි. (නි)
ජේ. ආර්. මහත්තයටත් ජපානෙන් ඔහොම එකක් දුන්න වෙලාවේ, එතුමා ඒක බැඳගෙන රොනී ද මෙල් මහත්තයට සයොනාරා කිව්වලු නේද? (නි)
ඔබතුමාට සුබ පැතුම්! (නි)
අනේ වාසනාවන්! (නි)
අවුරුද්දක් පිරෙන දවසේ කළු කොඩි දාන්න යනවලු. කළු පටියක් තියෙන නිසා දිගට හරහට ගහන්න පුළුවන් දැන් ඉතින්. (බ)
ඒක හොඳයි. දැන් ඉතින් සහතිකය තිබෙනවානේ... (නි)
ඔය පටිය ප්‍රවේශම් කරලා තියාගන්න (නි)
ඕක දැන් පළඳින්නේ කොහොමද? ඉනේ බැඳගන්න එකක්ද? (නි)
මෙතුමා තිසරපටිය ගැන කියලා දවස් කීයද ගියේ? දැන් කළුපටියක්... (නි)
ඔබතුමාට සුබ පැතුම්! (නි)
දැන් ඉතින් දිගට හරහට දීලා අතාරින්න පුළුවන්, කලුපටිනේ. (කෞ)