හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග හා මහින්ද රාඡපක්ෂ යන දෙදෙනාම ජනපතිවරුන් ලෙස පත්වුණේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජනතාවගේ ඡන්ද වලින් බවත් ඒ නිසා ඔවුන්ට ඉදිරියේදී පැවැත්වෙන සියලු මැතිවරණ වලදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය දිනවීමේ යුතුකමක් හා වගකීමක් ඇති බවත් ශ්‍රීලනිප මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවැසීය.
ගන්නෝරුවේ පැවැති සමුළුවකදී මේ බව පැවසූ අමාත්‍යවරයා පක්ෂය ශක්තිමත්ව සංවිධානාත්මක ලෙස ගොඩනගන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ හා වත්මන් සභාපති ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපති පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රී මහත්තය ශ්‍රී ලංකා එක වෙනුවෙන් වගකීම් ඉටු කරලා පක්ෂයටම වග කියල තියෙන නිසා අපි ඔක්කොම මේ පෝලිමේ බලාගෙන ඉන්නේ එතුමාගේ නායකත්වයෙන් එන ප්‍රථම මැතිවරණයේදී එතුමා වෙනුවෙන් දුවල දුවල ගිහින් කතිරේ ගහන්න..(බ)
ඡන්දෙ තියල බලමුකෝ මොකද වන්නේ කියල .අපිනේ ඡන්දෙ දෙන්නේ ! අඩුම තරමේ පෝලිම් බූත් එකේ ඉන්න එකනෙක් වත් හොයාගන්න පුළුවන්ද බලමුකෝ. (බ)
වත්මන් නායකත්වය යටතේ මහින්ද මහත්තයා ශ්‍රී ල.නි.ප. යෙන් ජන්දෙ ඉල්ලුවත් මිනිස්සු ජන්දෙ දෙන්නෙ නැහැ. (ම)
මැතිතුමණි ඔබව අපට සැමදා මතකයේ තියේවි ඔබේ සේවය අගය කරනවා (ම)
මහින්දගේ සහයත් ලැබෙනවද? (නි)
ශ්‍රීලංකා එකට ජනතාව චන්දය දුන්නෙත් , දෙන්නෙත් , මහින්ද මැතිතුමා වෙනුවෙන් , (කෞ)
ඒ කතාව නම් ඇත්ත තමයි (නි)
දැන් ටිකක් බයවෙලා වගේ. (ර)