IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මෛත්‍රීගේ රහස් පොත ජනවාරියේ එළියට

(ඩයනා උදයංගනී)

ජනතාව නොදන්නා කරුණු රැසක් ඇතුළත් කෘතියක් තමන් රචනා කර ඇති බවත්, එය ලබන ජනවාරියේදී පමණ එළිදැක්වීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) පැවසීය.

තමන් එදා රාජපක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන විවිධ අය චෝදනා කළත්, එවැනි තීන්දුවක් ගැනීමට දැඩි ලෙස සිත් පෑරුණු සිදුවීම් ගණනාවක් හේතු වූ බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙතෙක් ජනතාව නොදැන සිටි කරුණු සහිත කෘතිය පිටවූ පසු තමන්ට මොනවා වෙයිද දන්නේ නැතැයි ද හෙතෙම කීවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ වෘත්තීයවේදීන්ගේ සංගමය මගින් ‘අර්බුදය, අයවැය හා රටේ අනාගය’ යන මැයෙන් කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වූ සම්මන්ත්‍රණයක් අමතමිනි.

තමන් පළමු සිද්ධියට මුහුණ දුන්නේ 2007 වසරේ පරිසර අමාත්‍යවරයාව සිටියදී, පසුගිය දිනවල ලංකාවේ නොසිටි, එක්තරා අයකුගේ ටෙන්ඩරයක් අත්සන් කිරීම ප්‍රතික්‍ෂේප කිරීම නිසා බවත්, එදා සිට රාජපක්‍ෂ ආණ්ඩුව හා තමා අතර ප්‍රශ්න ඇතිවූ බවත් හෙතෙම කීවේය.

එමෙන්ම එවක අගමැතිවරයාව සිටි දි.මු ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති තමන් ද ප්‍රධානත්වය ගත්, ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී රැස්වීමකදී අධිවේගී මාර්ග ඉදිකිරීමේදී වංචා දූෂණ සිදුවන බවට එල්ල වන චෝදනා ගැන මන්ත්‍රීවරයෙක් කතා කළ බවත්, පසුදින තමන් අරලියගහ මන්දිරයට ගෙන්වූ බවත් එහිදී වෙනදා දකිනවාට වඩා වියරු මුහුණක් දුටු බවත් වංචා දූෂණ ගැන කතා කළාදැයි එම මුහුණින්ම තමන්ගෙන් ප්‍රශ්න කළ බවත් හිටපු ජනාධිපතිවරයා පැවසීය.

පක්‍ෂ ලේකම්වරයෙක්, ඇමතිවරයෙක් ආණ්ඩුවේ දූෂණ වංචා කතා නොකළ යුතු බවත්, කරනවා නම් තනතුරු කළ නොහැකි බවත් තමන්ට එහිදී පැවසූ බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

 



අදහස් (3)

මෛත්‍රීගේ රහස් පොත ජනවාරියේ එළියට

Bamunuarachchi Monday, 21 November 2022 07:14 AM

දැන් කාටුන්වල කඩුව අතට අරන් පොත කිහිල්ලේ ගහගෙන මොදිගේ ජැකට් එක ඇඳගෙන ඉන්න සිරිසේන කෙනක් බලා ගන්න පුළුවන්. කඩුව වැනිල්ල වගේ තමයි පොත කියවිල්ලත් කියලා මට හිතෙනවා.

:       1       8

Senarath Monday, 21 November 2022 09:22 AM

මෙත් අපෙරටෙ කරුමෙට ලන්කවෙ ඉපදුනු ගොබිලෙක්. 2015දි බලයට අවෙම කිසිම සලසුමක් නොමතිව. වටෙට හිටපු උන් මහබැංකුව කොල්ල කාල රටම කෑව ඩොලර් බිල්යන 12ක් නයත් අරගෙන විශාල පොලි අනුපාත වලට. එදා රජයෙ සෙවකයට රුපියල් 10,000 ක් පඩි වැඩිකිරිමම රටෙ ආර්තිකය වලපල්ලට යවිමෙ ආරම්බ්යක්. එ වෙනුවෙන් පමනක් මාසෙකට රුපියල් බිලියන 14 ක් අවශ්ය උනා. එ මුදල 2020 වෙනකොට ඩොලර් බිලියන 5.5ක්. ඉතින් කොහොමද රටක් ගොඩයන්නෙ ? දැන් ආයෙත් පොත් ලියල, මිනිස්සු රවටල බලයට එන්න හිතනව ැති.

:       3       5

සන්කා Monday, 21 November 2022 10:04 AM

මෙයා තමයි දුෂිත රාජපක්ෂ රෙජීමයට බලයට එන්නට උදව් කරල මුලු රටම වලපල්ලට යවල නැත්තට නැති කරල රටම ලෝකෙන්ම හිගාකන ඛන්කොලොත් තත්ත්වයට පත්කලේ.මේ කම්බ හොරුන්ට අපායෙදි තමයි දඩුවම් ලැබෙන්නෙ.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site