
( බී.ජී. චතුරංග )
අනුරාධපුර, විජේපුර ප්‍රදේශයේ පෞද්ගලික ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අසල නිවසක් තුළ අද (12) උදැල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනයට ලක් කර ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කටුනේරිය ප්‍රදේශයේ පදිංචි සුජාන් දිසානායක නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි.
කුලී පදනම මත ගත් නිවසක් තුල රැඳී සිටි පුද්ගලයෙකු හා යහළුවන් දෙදෙනෙකු ඊයේ( 110 රාත්‍රියේ එම නිවසේ සාදයක් පවත්වා ඇති අතර එහිදී යහළුවන් දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් එක් යහළුවෙකු විසින් උදැල්ලකින් සිදු කළ පහර දීමකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.
පහර දීමට සම්බන්ධ 28 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිතුරාගේ උදලු පහරින් මිතුරා මරුමුවට පත්වේ. මිතුරාව අත්අඩංගුවට ගත් අතර මිතුරාගේ දේහය මෝචරිය වෙත ගෙනයන ලදි. මිතුරා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත. මිතුරාගේ මරන පරීක්ෂණය පසුව පැවැත්වෙන අතර මිතුරාව නඩු කටයුතු සඳහා ඉදිරිපත් කෙරනු ඇත.
මේ අතින් ලංකාව ඇමෙරිකාව වගේ දියුණුයි. අප සිටින නගරයට යාබද නගරයේත් උපන්දින සමරන පාටි කෙළවර වෙන්නේ වෙඩිතැබීමකින්.