ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිංහල භාෂාවෙන් එක්සත් ජාතීන්ගේ මහ සමුළුව අමතන විට තමාට ආඩම්බරයක් දැනුණු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (15) කොළඹදී පොත් එළිදැක්වීමේ උළෙලකට එක්වෙමින් පැවසීය.
සිංහලයෙක් ලෙස මව් භාෂාව ලෝකය ඉදිරියේ කතා කිරීම හේතුවෙන් තමාට එවැනි ආඩම්බරයක් දැනුණු බවත් ජාත්‍යන්තරයේදී සිංහල භාෂාවෙන් ලෝකය ඇමතීම ඇතැම් පිරිස් වැරදි ආකාරයට අර්ථකථනය කිරීමට උත්සාහ කළස එවැනිදෑ නොසලකා හැරිය යුතු යැයිද රාජපක්ෂ මහතා කීවේය.
පසුගිය කාලවලදී තමා නියෝජනය කළ එක්සත් ජාතීන්ගේ සමුළුවලදී තමා මුල්වරට සිංහල හා දෙමළ භාෂාවලින් කථා කළ බවත් කී රාජපක්ෂ මහතා යුද ජයග්‍රහණයෙන් පසුව ලෝකයේ බලගතු රටවලින් ශ්‍රී ලංකාවට එල්ලවී ඇති බලපෑම් හේතුවෙන් මෙරටට යන කලදසාව පිළිබඳව අවධානයෙන් සිටිය යුතු යැයිද සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යමු යමු ඔහොම යමු! (නි)
සිංහල භාෂාවෙන් කතාකරන එක මගේ රටට ආඩම්බරයක් (නි)
ජාත්‍යන්තර භාෂාවක් දැනගැනීම ආඩම්බරයට කාරනාවක් නෙමෙයි. මේ මානසිකත්වය තියෙනකම් අපිට ජාතියක් විදිහට ඉස්සරහට යන්න බැහැ. (බ)
මේක ආඩම්බර වෙන්න වත් දුක් වෙන්න වත් කාරණාවක් නෙමෙයි. යූඑන් එකට යන ඕන රාජ්‍ය නායකයෙක්ට පුළුවන් තමන්ගේ භාෂාවෙන් සමුළුව අමතන්න. ඉංග්‍රීසියෙන් අමතන්නේ නම් බහුතරයක් රාජ්‍ය නායකයින්ට තේරුම් ගැනීම පහසු නිසා ඇතැම් අය ඉංග්‍රීසියෙන් අමතනවා. හැමදේටම ආගමයි, ජාතියයි, භාෂාවයි ගාවගන්න ඕනේ නෑ (බ)
ඔබතුමාගේ කතාව හොඳ එකක් බව ලොවම පිළිගත්තා (නි)
මෛත්‍රී කරපු දෙයක් ගැන එක පාරටම මෙයාට ආඩම්බරයක් දැනුනේ ඩුබායි වල ඩොලර් කෝටි ගානක ගිණුම ගැන එලිදරව් වීමෙන් පස්සේ වෙන්න ඇති. (බ)
සිංහල භාෂාව අංග සම්පුර්ණ භාෂාවක්. එය අපි පාවිච්චි කළේ නැත්නම් තව කවුද මේ ලෝකයේ පාවිච්චි කරන්නේ. ඉංග්‍රීසි භාෂාව සුද්දා පාවිච්චි නොකළත් පාවිච්චි කරන අය මේ ලෝකයේ ඕන තරම් ඉන්නවා. සිංහල භාෂාව අප ලොවටම රැගෙන යායුතුයි (බ)
ඒක ඇත්ත තමා. මොකද ඔය සමහර ලොක්කෝ ගිහිල්ලා තිර දිහා බලාගෙන ඉංග්‍රීසියෙන් කතාකළ හැටි අපි දැක්කා පහුගිය කාලේ (නි)
නියමයිනේ. ජයවේවා! (නි)
මටත් ඇල්ලුවේ නැහැ මේ කතාව නම් (නි)
ඔහු සිංහලෙන් හෝ කියූ දෙය ලෝක නායකයෝ එක පාරෙන්ම පිළිගත්තා. (නි)
අපිටත් ඒ වෙලාවේ එහෙම හිතුනා (නි)
ඉස්සර කාලේ ග්‍රාම සේවකලා වැඩකරලා තියෙන්නෙත් ඉංග්‍රීසියෙන් කියලා මම අහලා තියෙනවා (නි)
ඔබතුමා අගය කළයුත්තන් අගය කරන කෙනෙක් බව අපි දන්නවා (නි)
මහින්ද මහතාගේ කතාව අගය කරනවා (නි)
අපිටත් එහෙමයි (නි)
අපි ලෝකයේ කොතැනක ජීවත්වුවත් අපේ මව්බස ගැන අපි ආඩම්බර වියයුතුයි. (නි)
අජිත් කරුණාරත්න, ඔබට යමක් හොඳට තේරෙනවා. (නි)
මහින්ද මහතාණෙනි, වැඩිකළ වාහන මිල නිසා සංචාරක ව්‍යාපාරයට මරු පහරක් එල්ල වුණා විතරක් නෙමෙයි දුප්පත් ජනතාවගේ සිහින බොඳ වුණා. (නි)
අපේ හිටපු ජනාධිපති තුමා , කියන කරන දෙය නිතරම සිංහල කම මතු කරන අපිට සතුටු විය හැකි දේවල් , ඔහුට දිර්ගායුෂ පතමි (බ)
මහින්ද හිටපු ජනාධිපතිතුමා කියන දෙයක් කෙළින් මිසක් ව්‍යංගයෙන් කියන්න උත්සාහ කරන්නේ නැතුව ඇති. (නි)
සිංහලෙන් කතාකරන්න කවුරුත් ලැජ්ජාවෙන්න අවශ්‍ය නැහැ (නි)
මොකද මෙතුමාගේ මේ හදිසි වෙනස? (නි)
ජාත්‍යන්තරයට කතාකරන භාෂාව නෙමෙයි වැදගත්. දෙන පණිවුඩයයි වැදගත්. එය ක්‍රියාවෙන් සිදු කළයුතුය. (නි)
මව් භාෂාවෙන් ජාත්‍යන්තරය ඇමතීම අපිට ආඩම්බරයක් තමයි. ඒ වගේම ජාත්‍යන්තර භාෂාව දැනගැනීමත් ආඩම්බරයක් (නි)
චීනයේ, රුසියාවේ, ජපානයේ නායකයො දන්නෙත් තමන්ගේ භාෂාව විතරනේ (නි)
ජනාධිපතිතුමා සිංහල භාෂාවෙන් ලොව අමතා ලොවම අල්ලා ගැනීම නිසා මහින්ද මැතිඳුන්ටත් සතුටු ඇති. (නි)
ලංකාවේ මිනිස්සු සුද්දන්ටත් ඉංග්‍රීසි උගන්වන එකේ මේ සිංහල ටිකක් උගන්නපුවහම මොකද වෙන්නේ.? (ර)
මහින්ද කියන්නේ නිකන් කෙනෙක් නෙවේ බුද්දීමතෙක්. (ර)
මෛත්‍රී මහත්තයා හොඳ සිංහලයෙක්. මහින්ද මහත්තයාත් එහෙමයි. හැමෝම එකතුවෙලා අපේ රට හැදුවා නම් කොච්චර හොඳද? (නි)
එතුමා කැමති භාෂාවෙන් තමා එතුමා කතාකළේ. (නි)
තිර දිහා බලාගෙන ඉංග්‍රීසි වලින් කතාකළත්, නොබලා ඉංග්‍රීස් වලින් කතාකළත් ඒක ජාතියන්තර භාෂාවක් නිසා ගොඩක් අයට තේරෙනවා. සිංහලෙන් කතාකළාට ගොඩක් අයට තේරෙන්නෙ නැහැ (නි)
කාවින්ද, විජිත, ඔබලා නොදන්නවා වුණාට මහින්ද මහතා අගය කළයුතු දේ අගය කරන නායකයෙක් බව හැමෝම දන්නා කරුණක්. (නි)
ජයරත්න සහ පියුමිගේ කතා මමත් අනුමත කරනවා. (නි)
සුද්දාගෙන් පැවතගෙන එන එහෙත් අපේ මේ උතුම් රටේ උපදින්න වාසනාව ලැබුන සමහර උදවිය සිංහල භාෂාව කතාකරන්න බොහොම ලැජ්ජයි.සෝබනේට ඉංග්‍රීසි කතාකෙරුවත් හරියට ලියන්න අකුරු දන්නේ නැහැ.ඉංග්‍රීසියට කොච්චර ආවඩනවද කිවුවොත් සමහර අය වැසිකිළි යන්නෙත් ඉංග්‍රීසියෙන්.ඉංග්‍රීසි විතරක් නෙමෙයි ලෝකයේ ඕනෑම භාෂාවක් හරියට ඉගෙනගන්න එක බොහොම වටිනවා. (නි)
ඒ වුණාට මට නම් මහින්ද මහත්තයාගේ කතාව එච්චර ඇල්ලුවේ නැහැ (නි)
ජාත්‍යන්තර භාෂාව සිංහල භාෂාව කිරීමට අපි ජාත්‍යන්තර වැඩපිළිවෙලක් දියත් කළයුතුයි. (නි)
කාලෙකට පස්සේ අහපු හොඳ කතාවක් (නි)
හැම කෙනෙක්ම මව් භාෂාව ගැන කතාකරනවා. නමුත් ලංකාවේ බහුතරය සුළුතරය වෙන්කරන්න මෙම මවු භාෂා සංකල්පය භාවිතා කරන ආකාරය තදින්ම බලපානවා. (නි)
මොකද මෙතුමා මේ ජනාධිපතිතුමාගේ ගුණ වයන්න පටන් ගත්තේ? (නි)
ඇත්තටම එතුමා රටටම ආඩම්බරයක් (නි)
මනෝජ් හරියටම හරි. මම කාලයක් තිස්සේ මේ ප්‍රතිචාර කියවනවා. ඒත් වචන කීපයකින් මහා අර්ථයක් දුන් මනෝජ් මිහිපිට ජීවත්වන සැබෑ මිනිසෙක් බව මෙයින් වටහාගත්තා. ඔබට මගේ උපහාරය! (නි)
හරි
අනුරාධ, ඔබේ අදහස් ඉතාම නිවැරදියි. ඉංග්‍රීසි අවශ්‍යවෙනවා නම් ඒ අධ්‍යාපනයටත්, වෘත්තීයටත් පමණයි. ආභරණයක් කරගෙන ඉන්න නෙමෙයි. තව දෙයක් මට මතක විදියට ප්‍රේමදාස මහතා තමයි සිංහලෙන් එ.ජා. සමුළුව ඇමතූ ප්‍රථම නායකයා. (නි)
ප්‍රභූ පුතාගේ නිව්ස් එකට බයවුණා වගෙයි (බ)
මටත් සන්තෝෂයි (බ)
අන්න අන්න දන්නා සිංහල සහ නොදන්නා ඉංග්‍රීසි කතාව එලියට ඇදලා ගත්තා. (ර)
හැම දේම වැරදි විදියට හිතන්න එපා අජිත් කරුණාරත්න (ම)
මහින්ද මහත්තයා අගය කළයුතු අය අගය කරන්න පසුබට වෙන්නේ නැහැ (නි)