‘මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හැටියට පත් වුණේ කිසිදු බලපෑමකින් නොවේ. එතුමා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමඟ කථානායක නිල නිවසේ දී සෘජුව සාකච්ජා කිරිමෙන් පසු හිටපු ජනාධිපති තමයි යෝජනා කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පක්ෂයේ සභාපතිකම බාර ගන්න කියලා. එතුමා පක්ෂයට තියන ආදරය නිසාම එය බාරගෙන කටයුතු කරන්න පටන් ගත්තා විතරයි. එ්කාබද්ධ විපක්ෂය කියලා පාර්ලිමේන්තුවේ කථානායකවරයාවත් පිළිගන්නේ නැති කණ්ඩායමක් හදාගෙන මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගේ කුකුලෙන් අදින්න පටන්ගත්තා‘ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පානදුර සංවිධායක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (02) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනත් කිසිවෙකුට හිටපු ජනපති මහින්ද මැතිතුමාට මෙන් ආකර්ෂණිය නායකත්වයක් නොමැති බව අවවාදිතය. ශ්‍රී.ල නි. ප. ජයග්‍රාහි මාවතට පිළිගත කරන්නේ නම් මහින්ද අනිවාර්ය සාධකය බව අමතක නොකළ යුතුය. පක්ෂයෙන් කැඩී වෙන්ව යන ගමන වියළි පොළොවට සුළුදිය හෙළීමක් වන්නේමය. නැවත නැවත සිතන්න. (නි)
මහින්දට නීතියෙන් එම පදවියේ ඉන්න බැහැ. ඒ නිසා මහින්ද සභාපතිකම දුන්නා (නි)
බන්දුල පෙරේරා වගේ අයගේ ඡන්ද වලට කරන්න පුළුවන් දෙයක් නෑ කියන එක පහුගිය ඡන්ද දෙකේදීම ඔප්පු වුනා. වැඩවසම් දේශපාලන වහල් බැම්මෙන් හිරවෙලා ඉන්න ඔබ වගේ අයට පුද්ගල ප්‍රතිරූප එක්ක දේශපාලනය කරනවා හැර වෙන පැවැත්මක් නෑ. (බ)
මහින්ද කියන්නේ ශ්‍රේෂ්ඨ නායකයෙක් (නි)
අපට මුල මතකයි. චන්ද්‍රිකාගෙන් සභාපතිකම ගත් හැටි අමතකද? පක්ෂ නීතියට අනුව පක්ෂයෙන් පත්වන ජනපතිට නිතැතින්ම සභාපති තනතුර උරුමයි. අපි කියන්නේ ජනතාව ගොනාට අන්දවන්න හදන්න එපා. (නි)
මහත්තයෝ, අපේ ඡන්දයට ද්‍රෝහීවුණ කිසිම කෙනෙකුට දේශපාලන ජිවිතයේ ආයේ හෙටක් නම් නැහැ. (නි)
උනේ මොකද්ද කියල අපි දන්නවා දැන් පක්ෂ බලතල ඔබලාට සාමාජිකයෝ මහින්ද සමග. (ර)
කල පව් පලදෙන විට මොන තරම් අභාග්‍ය සම්පන්නද කියලා මේවා දිහා බලලා තේරුම් ගත යුතුය.(බ)
එහෙම කරපු මහින්ද ද දැන් කුරහන් සාටකය බෙල්ල වටේ ඔතාගෙන ජනපති තුමාට විරුද්ධව වේදිකා, පන්සල් ගානේ අල්ලේ පැලවෙන බොරු කියමින් යන්නේ ? (අ)
මහින්ද නාගෙන සබන් කෑල්ල හොයනවා (අ)
හරි හරි වරෙල්ලකෝ ඡන්දෙට උඹලට පෙන්නන්න කවුද හරි කියලා සද්දේ දැම්මට ජනතාව කලබල වෙන්නේ නෑ (බ)
පක්ෂයට තියන ආදරය නිසාම එය බාරගෙන කටයුතු කරන්න පටන් ගත්තා විතරයි. (ම)
පක්ෂය යනු නාම පුවරුවක් නොවේ (ම)
පෙරලුන පිට හොඳය නොකියා මක් කරන්නද? එ්ත් සිදුවූ දේවල් අපිටත් මතකයි. (බ)
සමහරුන්ට හිතෙන්නේ මහින්ද ජනතාවට ආදරේ හින්දා රට වටේ දුවනවා කියලා. (නි)
මේ මොනවද කියන්නේ. එයා පක්ෂේ සභාපති කාලේ පක්ෂ සාමාජිකත්වයට වැඩකරන්න නේද? දැන් මේ යනහැටියට කෙරෙන්නේ පක්ෂය රැකෙන එකද? නැත්නම් විනාස වෙන එකද? (ර)
ඔන්න බලාගන්න. නිදහස් පාක්ෂික ඡන්දයෙන් ගොස් දැන් කරන දේවල්. එන්නකෝ ඊළඟ පාර (නි)
මොනවා කරන්නද ඉතින්? පක්ෂයත් කාලා, රටත් කනකන් අපේ රටේ මිනිස්සු බලා ඉන්නේ නැහැ. ඔයාල අවලංගු වුණ කාසි. පැරදිලා පස්ස දොරෙන් ආ අය. දිනපු අය මහින්ද ළඟ. චන්ද්‍රිකා ඉන්නතුරු ඔය පක්ෂය අපිට එපා (නි)
දෙපැත් නයි.(අ)