IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මාතර සන්ධාන අපේක්ෂකයන් හදිසියේ ගෙන්වයි

සහකාර මැතිවරණ කොමසාරිස්වරයකුට දකුණු පළාත් සභා ඇමැතිවරයකු ද වන අපේක්ෂයකුගේ ආධාර කරුවන් මරණිය තර්ජනය කළැයි කියන සිද්ධියකින් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් සියලු අපේක්ෂයන් මාතර මැතිවරණ කාර්යාලයට කැඳවා ඇත.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඔවුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව මාතර සහකාර මැතිවරණ කොමසාරිස්  විජය කුමාර මහතා   කියයි.

 

 



අදහස් (0)

මාතර සන්ධාන අපේක්ෂකයන් හදිසියේ ගෙන්වයි

කෝසල Friday, 28 March 2014 06:03 PM

ඡන්දෙට පෙර මෙහෙම නම් ඡන්දෙට පසු මොන තර්ජන දායිද මෙයාලා? (නි)

:       0       0

නිමල් Saturday, 29 March 2014 10:16 AM

නියම මහත්ම දේශපාලනයක් ඇත්නම් කළ යුත්තේ ගෙන්වා අවවාද කිරීම නොව මෙවැනි අය පක්ෂයෙන් ඉවත් කිරීම බවයි මගේ නම් අදහස වන්නේ. (නි)

:       0       0

කල්ප Friday, 28 March 2014 06:05 PM

ඡන්දෙ වෙලාවේ මැතිවරණ කොමසාරිස්ලට මරණ තර්ජන කරනවා. අනෙක් අය ජිනීවා යනවා. ජිනීවා ප්‍රශ්නෙන් බේරෙන්න නැවත මැතිවරණ පවත්වනවා. අපේ මිනිස්සු කවදා හැදේවිද? (නි)

:       0       0

සචින් Friday, 28 March 2014 06:06 PM

මැතිවරණය ඉතාම සාමකාමීව පැවැත්වේවි. (නි)

:       0       0

කෝසල Friday, 28 March 2014 06:10 PM

මොනවා වුණත් මැතිවරණය සාමකාමීව පවත්වනවා නම් එච්චරයි. (නි)

:       0       0

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Friday, 28 March 2014 06:59 PM

ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වුණහම, "බස්නාහිර සහ දකුණු පළාත් සඳහා අද පැවැත්වුණු ඡන්ද ප්‍රකාශ කිරීම සමහර ප්‍රදේශ වල සිදුවුණු සුළු සිදුවීම් හැර සාමකාමීව සිදුවූ අතර ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ හැකි බව මැතිවරණ කාර්යාලය පවසයි" කියන නිවේදනය අපිට අසන්න ලැබෙයි නේද? (නි)

:       0       0

අමාලි Friday, 28 March 2014 07:16 PM

දැන්මම පටන් අරගෙන වගේ, අපේ කට්ටිය. (නි)

:       0       0

කුමාරි Friday, 28 March 2014 07:16 PM

මිනිසාමයි ලොව දෙවියන් වන්නේ... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ...(නි)

:       0       0

සුජීවා Friday, 28 March 2014 07:37 PM

මේ ඡන්දෙදි වත් අපේ රට අසීලාචාර දුස්සීලයන්ගෙන් තොර විනයක් ඇති රටක් කරගන්න අඩිතාලමක් දමමු. (අ)

:       0       0

ඩයස් Friday, 28 March 2014 08:55 PM

මේ ඡන්දෙන් ආණ්ඩුවට 62% ලැබෙනවා කියලා දැන්මම අමති තුමෙක් කියල තුබුණේ. කොහොමද ඕක දැනගත්තේ. පරදින්නේ ආසන 6ලු. ඡන්දෙන් පස්සේ වැඩිවෙන්නේ කිරිපිටි,ගැස් ඇරෙන්ඩ තව මොනවද දන්නේ නෑ.(නදී)

:       0       0

සුපුල් Friday, 28 March 2014 10:03 PM

කොච්චර සාකච්චා කලත් මෙයාල හැදෙන්නේ නැහැ (දී)

:       0       0

සෑම් Saturday, 29 March 2014 05:14 AM

‍ අපි 100% අරාජික වෙන දිනය වැඩි ඈතක නැහැ වගෙයි. (නි)

:       0       0

සුමුදු Saturday, 29 March 2014 07:58 AM

ලංකාවේ මිනිස්සුන්ට ජිනීවා හැර විසඳුමක් නෑ. රට අරාජික වෙන එකට ලංකාවේ මිනිස්සුන්මයි වග කියන්න ඕනේ. ඡන්ද වලදී මොලේ පාවිච්චි කරන්නේ නැතිව ඡන්දෙ පාවිච්චි කරන එකයි ලොකුම වරද.(නදී)

:       0       0

රෙක්ස් Saturday, 29 March 2014 08:29 AM

මෙහෙම බලනකොට මේක නිදහස් සහ සාධාරණ මැතිවරණයක් වෙයිද? (නි)

:       0       0

රෙක්ස් Saturday, 29 March 2014 08:29 AM

මොනවා කළත් කමක් නැහැ,ඡන්දදායකයන්ට කරදරයක් නොවෙනවා නම්. (නි)

:       0       0

හැරල් Saturday, 29 March 2014 08:57 AM

මෙහෙම ගියොත් ඡන්ද තියන්නත් ජිනීවා නුවරින් ගෙනෙන්න වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site