සහකාර මැතිවරණ කොමසාරිස්වරයකුට දකුණු පළාත් සභා ඇමැතිවරයකු ද වන අපේක්ෂයකුගේ ආධාර කරුවන් මරණිය තර්ජනය කළැයි කියන සිද්ධියකින් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාතර දිස්ත්‍රික් සියලු අපේක්ෂයන් මාතර මැතිවරණ කාර්යාලයට කැඳවා ඇත.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඔවුන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව මාතර සහකාර මැතිවරණ කොමසාරිස් විජය කුමාර මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට පෙර මෙහෙම නම් ඡන්දෙට පසු මොන තර්ජන දායිද මෙයාලා? (නි)
නියම මහත්ම දේශපාලනයක් ඇත්නම් කළ යුත්තේ ගෙන්වා අවවාද කිරීම නොව මෙවැනි අය පක්ෂයෙන් ඉවත් කිරීම බවයි මගේ නම් අදහස වන්නේ. (නි)
ඡන්දෙ වෙලාවේ මැතිවරණ කොමසාරිස්ලට මරණ තර්ජන කරනවා. අනෙක් අය ජිනීවා යනවා. ජිනීවා ප්‍රශ්නෙන් බේරෙන්න නැවත මැතිවරණ පවත්වනවා. අපේ මිනිස්සු කවදා හැදේවිද? (නි)
මැතිවරණය ඉතාම සාමකාමීව පැවැත්වේවි. (නි)
මොනවා වුණත් මැතිවරණය සාමකාමීව පවත්වනවා නම් එච්චරයි. (නි)
ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වුණහම, "බස්නාහිර සහ දකුණු පළාත් සඳහා අද පැවැත්වුණු ඡන්ද ප්‍රකාශ කිරීම සමහර ප්‍රදේශ වල සිදුවුණු සුළු සිදුවීම් හැර සාමකාමීව සිදුවූ අතර ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ හැකි බව මැතිවරණ කාර්යාලය පවසයි" කියන නිවේදනය අපිට අසන්න ලැබෙයි නේද? (නි)
දැන්මම පටන් අරගෙන වගේ, අපේ කට්ටිය. (නි)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ... මිනිසාමයි ලොව තිරිසන් වන්නේ...(නි)
මේ ඡන්දෙදි වත් අපේ රට අසීලාචාර දුස්සීලයන්ගෙන් තොර විනයක් ඇති රටක් කරගන්න අඩිතාලමක් දමමු. (අ)
මේ ඡන්දෙන් ආණ්ඩුවට 62% ලැබෙනවා කියලා දැන්මම අමති තුමෙක් කියල තුබුණේ. කොහොමද ඕක දැනගත්තේ. පරදින්නේ ආසන 6ලු. ඡන්දෙන් පස්සේ වැඩිවෙන්නේ කිරිපිටි,ගැස් ඇරෙන්ඩ තව මොනවද දන්නේ නෑ.(නදී)
කොච්චර සාකච්චා කලත් මෙයාල හැදෙන්නේ නැහැ (දී)
අපි 100% අරාජික වෙන දිනය වැඩි ඈතක නැහැ වගෙයි. (නි)
ලංකාවේ මිනිස්සුන්ට ජිනීවා හැර විසඳුමක් නෑ. රට අරාජික වෙන එකට ලංකාවේ මිනිස්සුන්මයි වග කියන්න ඕනේ. ඡන්ද වලදී මොලේ පාවිච්චි කරන්නේ නැතිව ඡන්දෙ පාවිච්චි කරන එකයි ලොකුම වරද.(නදී)
මෙහෙම බලනකොට මේක නිදහස් සහ සාධාරණ මැතිවරණයක් වෙයිද? (නි)
මොනවා කළත් කමක් නැහැ,ඡන්දදායකයන්ට කරදරයක් නොවෙනවා නම්. (නි)
මෙහෙම ගියොත් ඡන්ද තියන්නත් ජිනීවා නුවරින් ගෙනෙන්න වේවි. (නි)