මාතර වෙරළ පාරේ පවත්වාගෙන ගිය එක්සත් ජනතා සංධානයේ අපෙක්ෂකයකුගේ හිටපු පළාත්ඇමැතිවරයකුගේ මැතිවරණ කාර්යාලයක් ඉවත් කිරීමට ගිය සහාකාර මැතිවරණ කොමසාරිස්වරයකු ඇතුළු නිලධාරීන් පිරිසකට එම අපෙක්ෂකයාගේ ආධාරකරුවන් බැන වැදී මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් ලබා දුන් බවත් දකුණු සහ බස්නාහිර මැතිවරණ නිදහස්ව හා සාධාරණ ලෙස අද (29) දින පවත්වන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මාතර දී පැවැසීය
සිද්ධියට සම්බන්ධ බව කියන අපෙක්ෂකයා හා එක්සත් ජනතා නිදහස් සංධානයේ සෙසු අපෙක්ෂකයන් ද කැඳවා සාකච්ඡාවකි පසු
මාධ්‍යවේදීන් හමුවේ කොමසිරිස් මෙසේ ද කීය.
යම් දෙයක් වී තිබෙනවා. මා ඒ පිළිබඳව ප්‍රකාශයක් කරන්න යන්නේ නෑ. ඡන්දයෙන් පසුව ඒ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කීරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් දුන්නා. සෙනසුරාදා (29) උදෑසන නියමිත පරිදි මැතිවරණය පවත්වනවා. ඡන්ද පොළට උදෑසනම පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිනවා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙස්ලි, ඔයාට කොහෙන්ද තොරතුරු ලැබුනේ? ඔයා කොහෙද ඉන්නේ? (නි)
වැරදි දේ කවුරු කළත් වැරදියි. ඒකට පක්ෂ,පාට බේදයක් නැහැ. (නි)
සුමුදු ලෙස්ලිට මේක ලංකාව බව මතක් කලාට මගේ ස්තුතිය. (දී)
සිද්දිය දැන්මම කිව්වනම් නේද හොද රටටම දැන ගන්න ආණ්ඩුවේ ඇත්තන්ගේ වැඩ. (නදී)
සත්‍ය ජය ගන්නවා (දී)
මොනවා උනත් ඇත්ත සිද්ධිය දන්නෝ දනිති (දී)
මේගැන නියම පරීක්ෂණයක් පවත් විය යුතුයි (දී)
ඔබ තුමාට ආතතිය හැදෙන්නේ නැති නිසා හොදයි (දී)
හොර චන්ද පෙට්ටිත් තිබුනා කියලා ආරංචි (දී)
පොලිසියෙන් කොහාටද දෙන්න? (දී)
සුජීවා කොහෙන්ද දන්නේ නෑ ආරංචි වුනේ. හරියට සිද්දිය මොකද්ද කියල දැනගෙන අදහස් දන්න. ඔය විදියට රාජකාරි කරන නිලදරින්ට අපහස කරන්න එපා. මැතවරණ නිලදාරීන් දන්නව දැන් චන්දෙ හොර කරන්න බැ කියන එක. ඔව්න්ගේ මහන්සියට ගරහන්න එපා (දී)
නැතුව වෙන කාට බාර දෙන්නද? (දී)
මෙතන තිබිල තියෙන්නේ චන්ද පත්‍රිකා තොගයක් .නමුත් පොලිසිය ලියල තියෙන්නේ නීති විරෝදී කාර්යාලය ගැනයි .ඇත්ත ලගදීම හෙළිවේවි (දී)
මොනවා කිවුවත් සිදුවෙලා ඇති හරිය අපිට හිතාගන්න පුළුවන්. (නි)
ලෙස්ලිට මේක ලංකාව බව අමතක වුණාද? ඇත්ත හෙළි වුණත් වෙනසක් නැහැනේ.මේක ලංකාව බව අමතක කරන්න එපා. (නි)
මොනවද ඕක ඇතුළේ තිබුනේ, ඔය තරම් තරහ යන්න? (නි)
මෙන්න මේ නිසා තමා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනයක් තියෙනවා කියන්නේ. අඩුමගානේ ජාත්‍යන්තර පරීක්ෂණයක් ගැන අහලවත් මේ මිනිස්සු හැදෙන්නෙ නැහැ. රටට ගියකලක්. කෝ මේ රටේ නීතිය? (නි)
ලෙස්ලි ලෝඩ් , ඔබ කියන තොරතුරු නිවැරදි වුණාට ""ඇත්ත"' එළිවෙන්න දෙන්නේ නැතිවෙයි. (නි)
මිනිස්සුන්ගෙ ඉවසීම අඩුවීම තමයි මේ සියල්ලටම මුල. (නි)
බලමු ඡන්දයෙන් පසුව ප්‍රකාශ කරන්නේ කුමක්ද කියලා. (නි)
"මේක නිදහස් හා සාධාරන මැතිවරණයක්" (නි)
බලමු පොලිසිය ගන්න පියවර මොකක්ද කියලා? (නි)
චන්න අදහස් දක්වන්නේ ලංකාව ගැනද? (නි)
දැන් පොලිසිය මොන වගේ ක්‍රියාමාර්ගයක් ගනීද දන්නෙ නැහැ නේද? (නි)
වෙනසක් වෙන එකක් නැහැ. බලමුකෝ. (නි)
මෙන්න දැන් තිබෙන අලුත්ම ආරංචි. (නි)
මේක තමයි සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය. මේ ක්‍රමය අනුව කොහොමහරි දිනන්නම වෙනවා. (නි)
බලමු මේක සාධාරණ ලෙසට විසඳේවිද කියලා. (නි)