ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන සතියේ තායිලන්ත සංචාරයක නිරතවීමට නියමිතව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සිදුවන බවද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
නොවැම්බර් 01 වනදා තායිලන්තය බැංකොක් නුවර බලා පිටත්වන ජනාධිපතිවරයා එහිදී එරට අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ බලධාරින් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා කිහිපයකට සහභාගී වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට රටවල් සමග සහයෝගයෙන් ඉන්න එක ලංකාවේ අනාගතයට යහපතක් වේවි. (ර)
සුබ ගමන් මැතිතුමනි! (නි)
මහින්ද රට යනකොට වැරදියි. මෙයා යනකොට හොඳයි !!! (බ)
හැම රටක් සමගම මිත්‍රව සිටීම හොද දෙයක්. (ර)
අපේ ජනපති තුමාට ජය වේවා.! (ර)
මහින්ද මහත්තය යනකොට බුරුතු පිටින් ප්ලේන් එකක් පුරවාගෙන ගියා. ඒ වෙනුවෙන් මහජන මුදල් කාබාසිනියා කළා. මෛත්‍රිපාල ජනාධිපතිතුමා එහෙම නැහැ. මේ වගේ ජනහිතකාමී දේශපාලන නායකයෙක් මෑත ඉතිහාසයේ පහල වුනේ නැහැ. ඇමෙරිකා ගියෙත් සාමාන්‍ය ගුවන් යානයක. මානව හිතවාදී ජනාධිපති තුමන් ලංකාවටම ආශීර්වාදයක්. ලෝකෙටම ආදර්ශයක්. බුරුතු පිටින් ගිය අයට මේවා දකිනකොට හූල්ල හූල්ල ඉන්නවා හැර වෙන කරන්න දෙයක් නැහැ. (අ)
ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න ජනපති තුමා දන්නවා. (ර)
අපේ ජනාධිපතිතුමා බුද්ධිමත් කෙනෙක් (නි)
හොද සංචාරයක් වේවා.! (ර)
සුබ පැතුම්.! (ර)
ප්‍රසන්න තවත් බන්දුල පෙරේරා කෙනෙක් හෝ පිවිතුරු කෙනෙක් නොවන්න. බලන්න වෙනස. ඉස්සර වියදම සහ දැන් වියදම වෙනසක් තියෙනවද නැද්ද කියලා බලන්න. (ර)
සුබ ගමන්! (නි)
අන්තර්ජාතික සබදතා තරකර ගනිමින් ජනාධිපතිතුමා ඇතුළු අපේ මැති ඇමතිවරුන් විදේශ රටවල සංචාරය කිරීම උචිත උවත් දේශයේෙ වැදගත් ප්‍රශ්නවලට මුල් තැනදී පසුව විදේශ සංචාරවල යෙදෙන්නේ නම් හොඳයි.පාර්ලිමේන්තුවේ වැදගත් ප්‍රශ්න සාකච්චා කරන මෙම අවධියේ මන්ත්‍රීන් රැසක් විදේශ සංචාරවල යෙදී ඇත...(රේ).
තායිලන්තයට වීසා නැතුව යන්න ලෝකයේ ගොඩක් රටවලට පුළුවන්. එහෙත් ලංකාවේ අපිට බැහැ. ගරු ජනාධිපතිතුමනි, කරුණාකර අපේ පාස්පෝර්ට් එකට ලෝකයේ වටිනාකමක් එකතු කරන්න කටයුතු කරන්න (නි)
ඔබගේ කටයුතු සඵල වේවා! (නි)
ජිනිව ගිහිල්ල හයිබ්‍රිඩ් ගෙනාව තායිලන්තෙන් මොනා ගෙනේවිද දන්නේ නැහැ. (අ)