මාතර මහ රෝහලේ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ සේවකයන් 150 ක් පමණ සේවයට වාර්තා නොකර මාසික වැටුප් ගෙවන දින කිහිපයේ පමණක් සේවයට පැමිණෙන බව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය මල්කාන්ති මැදිවක මහත්මිය මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේ අද (01) පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ දී ඒ බව කීවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සහ රෝහල් අධ්‍යක්ෂිකාව අතර ඇති වූ සංවාදය මෙසේය.
බුද්ධික පතිරණ: නොපැමිණෙන සංඛ්‍යාව කීයද?
අධ්‍යක්ෂිකාව: 150 ක් විතර
බුද්ධික පතිරණ: හරියටම කීයද?
අධ්‍යක්ෂිකාව: 100 ත් 150 ත් අතර
බුද්ධික පතිරණ: මේක මාධ්‍යට හොඳ ප්‍රවෘත්තියක් . ඒ අය සේවයට නොඑන්නේ ඇයි? වෙනත් රැකියාවක්වත් කරනවද?
අධ්‍යක්ෂිකාව: වැටුප් ගෙවන දින කිහිපයට පෙර දින 05 ක් පමණ වැඩට එනවා.වැඩි දවසක් එන්නේ නැහැ.
බුද්ධික පතිරණ: ඒකට හේතුව ප්‍රසිද්ධියේ කියන්න බැරි නම් මට පෞද්ගලිකව හෝලිඛිතව දන්වන්න. ඔවුන් වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක් ද?
අධ්‍යක්ෂිකාව: ඔවුන් ‘නෝ පේ’ (වැටුප් රහිත) යනවා. වැටුපෙන් මුදල් අයකර ගන්නවා.
බුද්ධික පතිරණ: ඔවුන් ඉවත් කිරීම සඳහා ක්‍රමවේදයක් ජාතික මට්ටමෙන් සැකසිය යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම නෝපේ ගියාම වැටුපක් ඉතුරුවෙනවද? (නි)
කනිෂ්ඨ සේවකයන්ගෙන් වැඩිම පිරිසක් ඉතාමත් ප්‍රවේශමෙන් පාලනය කළයුතු පිරිසක්. එයට ප්‍රධාන හේතුව ඔවුන් දේශපාලන ගැත්තන් වීම. කළයුත්තේ නිලධාරීන් අමාරුවේ නොදමා දේශපාලකයන් මැදිහත්ව මෙවැනි අය ගෙදර යැවීමට කටයුතු කිරීමයි. (නි)
මෙය මාතරට පමණක් සීමාවුවක් නොවේ. රටේ බොහෝ තැන්වල සිදුවෙන පාලකයින් අතපොවන්න බය දේශපාලන උණෙන් පෙළෙන චණ්ඩින්ගේ රාජධානි මේවා. හොඳට හොයලා බලන්න. (නි)
ඒක වෙන්න ඇති සෞඛ්‍ය ඇමතිතුමා පිටරට යන්නේ (නි)
පුදුම රටක්නේ ලංකාවත් බලාගෙන යද්දී (නි)
මාතර රෝහලේ විතරක් නොමයි, ලංකාවේම රෝහල් වල තත්වය ඕකයි. සීයට අනුවකටත් වඩා මේ අය පත්වෙන්නේ දේශපාලන පත්වීම් විදිහට. රෝහල් පරිපාලනය කිසි දවසක ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ ඒ නිසා. මේ අයගෙන් වැඩි දෙනෙක් අත්සන් කරලා ත්‍රී රෝද එළවනවා නැත්නම් ඒ අයගේ බිස්නස් වැඩ කරනවා. කිසිම දෙයක් එයාලට විරුද්ධව කරන්න බැහැ. (නි)
මේ කාගේ වුවමනාවට රැකියාව දුන්නද කියලා දන්නෝ දනිති. දැන් රනිකන් බබා වගේ කථාව (බ)
රටපුරා රෝහල් වල ඉන්නේ බදුල්ලේ අය. ඒ අය බදුල්ලේ ගිහිල්ල මාසේ අන්තිමට එනවා ඇති පඩි ගන්න. (බ)
මෙන්න මේ ප්‍රශ්නයට තමා පිටින් කම්කරුවෝ ගේන්න වෙන්නේ (බ)
අපේ රටට මෙහෙම වෙන්නේ මිනිස්සු හරියට වැඩ කරන්නේ නැති නිසා (නි)
පොඩි පොඩි බිස්නස් කරනවා ඇති. (නි)
මේ වගේ දේ අහන්න ලැබෙන්නේ ශ්‍රී ලංකාවෙන්ම විතරයි. රාජ්‍ය පාලනය අන්ත අගාධයට වැටිලා තිබෙන හැටි. (නි)
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හදිසියේ රෝහල් වලට පැමිණ රෝහල් පරික්ෂාකර මෙවැනි නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණ කර ඔවුන් සේවයෙන් පහකර හැරීමට කටයුතු කළයුතුය (නි)