සන්ධානයෙන් තරඟ කර පාර්ලිමේන්තුවට පත්වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ එකම මන්ත්‍රීවරයා වන චන්ද්‍රසිරි ගජධීර මහතා විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරනු ඇතැයි පක්ෂ නායක ඩී.ඊ.ඩබ්ලිව්.ගුණසේකර මහතා කියයි.
රජයේ හොඳ යෝජනාවලට සහාය දෙන ගමන් පක්ෂ ප්‍රතිපත්තියට එකඟ නොවන යෝජනාවලට විරුද්ධවන බවද ඔහු පවසයි. මේ අතර ලංකා සමසමාජ පක්ෂයට පාර්ලිමේන්තු නියෝජනයක් ලැබී නැත. 1948 නිදහසින් පසු සමසමාජ පක්ෂයට පාර්ලිමේන්තු නියෝජනයක් නොලැබුණු මුල්ම වතාව මෙයයි. සන්ධානයෙන් තරග කර ජයගත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීන් 5 දෙනාද විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්කල ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සමසමාජ විකල්ප කණ්ඩායමේ නායකයෙක්.(නදී)
"1948 නිදහසින් පසු සමසමාජ පක්ෂයට පාර්ලිමේන්තු නියෝජනයක් නොලැබුණු මුල්ම වතාව මෙයයි".ඇයි 1977? (ම)