ඉතාලියේ මිලානෝ නුවරදී එකට කා බී මිතුරකුගේ මරණය සිදු කළැයි සැකපිට ගජ මිතුරන් සිවු දෙනකු සොයන ඉතාලි පොලිසිය ඔවුන් මිලානෝ නුවර නැතැයි කියයි. මීට මාස දහයකට පමණ පෙර බටුගෙදර ආරච්චිගේ චානක (47) සිය මිතුරන් සිවු දෙනකු ඔහුගේ ගෙදර සාදයකට කැඳවීය. එහිදී වූ බහින් බස් වීමකින් පසුව රිය ගාලේදී පහර කෑමට ලක්ව සිහි සුන් වූ චානක ඔහුගේ මිතුරන් විසින් ඔහුගේ කාමරයටද රැගෙන ගොස් ඇත. මාස හතරක් මිලානෝ රෝහලක දැඩි සත්කාර ඒකකයේ සිටි චානක පසුගිය සිකුරාදා මිය ගියේය. ඔහු කාමරයට රැගෙන ගොස් මිතුරන් ගෙදරින් ගොස් ඇත.මරණයට හේතුව පහරදීමකින් මොළයට ලේ ගැලීම නිසා බව වෛද්‍යවරු කියති. රෑ කෑම ද කෑ මිතුරන් දැන් මිලානෝ නුවර නැතැයි කියති. චානක මරදානේ ද මිතුරන් කොම්පඤ්ඤවීදියේ ද සිට ඉතාලි ගියහ. චානකගේ මරණයෙන් ඔහුගේ බිරිය හා දරුවා අසරණ වී සිටිති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටරට වලදී පුද්ගලයින් ඇසුරු කිරීමේදී බොහෝම පරීක්ෂාකාරී විය යුතුයි. (නි)
අයියෝ සල්ලි
ෆින්ලන්ඩ් ඉන්න ලංකාවෙ අයට කියන්නෙ අපේ ගෙදර එන්න එපා..!!(නු)
කනගාටුයි
අයියෝ සල්ලි
එක්කෙනෙක් මරදානේ. අනෙක් කෙනා කොම්පඤ්ඤවීදියේ. තවත් මොන කතාද? (නි)
අපේ අය ඉතා ඉක්මනට මැරුණ අයගේ පැත්ත ගන්නවා..කවුද දන්නේ එයත් මරන්න වටින වැඩක් කලාද කියලා ඒ වෙලාවේ..? මතකනෙ කප්රුක මුදලාලිගෙ සිද්ධිය.. පළවෙනි දවසේ මැරැණ කෙනාගේ පැත්ත ගන්නවා.. පස්සේ කට්ටිය මිනීමරුවගේ පැත්ත අරගෙන අදහස් දානවා..!!(නු)
පිට රටවල ඉන්න අයට කියන්නේ තනියම ඉන්න කාවවත් විශ්වාස කරන්න එපා. යාළුවන් නොකරන දෙයක් නෑ අත්දැකීමෙන් කියන්නේ. (අ)
අපේ අය අපේ අයම මරණ කාලයත පව් අර අහිංසක දරුවයි මරපු අයට නිසි දඬුවම් ලබා දෙමු (අ)
මරු අපේ රට (අ)
හතුරාගෙන් ගැලවිය හැක. මිතුරාගෙන් ගැලවිය නොහැක. (ත)
දැන් ඉතිං කරන්න තියෙන්නේ එයාගේ යාලුවන් ගැන දන්නා තොරතුරක් පොලිසියට දැනුම් දෙන එකයි. (නි)
ඔබ ඕනෑම කෙනෙක් ඇසුරු කළාට කම්නැත. නමුත් ගමන් බිමන් යන්නේ කා සමගද, කන්නේ බොන්නේ කා සමගද යනාදී වශයෙන් මිතුරන් තෝරා බේරා ගැනීමට සැළකිළිමත් වීම වැදගත්ය. (නි)
අගහරු ලෝකයට ගියත් අපේ අයගේ ජන්ම ගති එලෙසම පවතී. (නි)
කවුරුහරි ජෙනරේටර් ටිකක්වත් ලංකාවට ගෙනල්ලාද දන්නේ නැහැ මෙහෙම විදුලිය කප්පාදු කරන්නේ? (නි)
පාස් පෝර්ට් යාලුවෝ ඇති කරගත්තම ඔහොම තමයි. (නි)
ඉතාලියේ ඉන්න වෙන්නප්පුව පැත්තේ කට්ටිය විශ්වාස කරන්න හොද නැහැ. (නි)
මේ සිද්ධියටත් සමහරු ලියයිද දන්නෙ නැහැ, ඔන්න ආසියාවේ ආශ්චර්යය කියලා. (නි)
මිතුරන් අතුරින් සැබෑ මිතුරා හදුනා ගැනීමට ඔහු සමත්ව නොමැත. (නි)
"ඉතාලියෙවත් මරණ දඩුවම ඇතැයි සිතමි." මෙන්න අනාගත ලොකයේ සාමාන්‍ය දෑනීම් ප්‍රශ්නයක්. ප්‍රශ්නය- ලෝකයේ හොදම බුදුදහම තිබෙන, ප්‍රචණ්ඩත්වය,මිනිමෑරුම්,දුෂණ වැඩිම රට කුමක්ද? පිළිතුර-ශ්‍රී ලංකාව (නි)
මගේ නේනාගේ අයියලා ඉන්නේත් ඉතාලියේ. ඉතාලියට ගිහින් බලල එන්නකෝ එහෙනම් එයාලවත් මේකට පැටළිලාද කියලා. (නි)
මෙන්න අනාගත ලොකයේ සාමාන්‍ය දෑනීම් ප්‍රශ්නයක්. ප්‍රශ්නය- ලෝකයේ හොදම බුදුදහම තිබෙන, ප්‍රචණ්ඩත්වය,මිනිමෑරුම්,දුෂණ වැඩිම රට කුමක්ද? පිළිතුර-ශ්‍රී ලංකාව (නි)
තරහා වුණහම වැලිකඩින් නවතින ගජ මිතුරු හවුල් මෙහෙත් තියෙනවා. (නි)