IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මිතුරා මරුට

ඉතාලියේ මිලානෝ නුවරදී එකට කා බී මිතුරකුගේ මරණය සිදු කළැයි සැකපිට ගජ මිතුරන් සිවු දෙනකු සොයන ඉතාලි පොලිසිය ඔවුන් මිලානෝ නුවර නැතැයි කියයි. මීට මාස දහයකට පමණ පෙර බටුගෙදර ආරච්චිගේ චානක (47) සිය මිතුරන් සිවු දෙනකු ඔහුගේ ගෙදර සාදයකට කැඳවීය. එහිදී වූ බහින් බස් වීමකින් පසුව රිය ගාලේදී පහර කෑමට ලක්ව සිහි සුන් වූ චානක ඔහුගේ මිතුරන් විසින් ඔහුගේ කාමරයටද රැගෙන ගොස් ඇත. මාස හතරක් මිලානෝ රෝහලක දැඩි සත්කාර ඒකකයේ සිටි චානක පසුගිය සිකුරාදා මිය ගියේය. ඔහු කාමරයට රැගෙන ගොස් මිතුරන් ගෙදරින් ගොස් ඇත.මරණයට හේතුව පහරදීමකින් මොළයට ලේ ගැලීම නිසා බව වෛද්‍යවරු කියති. රෑ කෑම ද කෑ මිතුරන් දැන් මිලානෝ නුවර නැතැයි කියති. චානක මරදානේ ද මිතුරන් කොම්පඤ්ඤවීදියේ ද සිට ඉතාලි ගියහ. චානකගේ මරණයෙන් ඔහුගේ බිරිය හා දරුවා අසරණ වී සිටිති.



අදහස් (0)

මිතුරා මරුට

සිසිර කුමාර Thursday, 16 August 2012 09:19 AM

පිටරට වලදී පුද්ගලයින් ඇසුරු කිරීමේදී බොහෝම පරීක්ෂාකාරී විය යුතුයි. (නි)

:       0       0

සමන් Thursday, 16 August 2012 09:31 AM

අයියෝ සල්ලි

:       0       0

කුමාරි Thursday, 16 August 2012 03:28 PM

ෆින්ලන්ඩ් ඉන්න ලංකාවෙ අයට කියන්නෙ අපේ ගෙදර එන්න එපා..!!(නු)

:       0       0

ෂෙහාන් Thursday, 16 August 2012 09:42 AM

කනගාටුයි

:       0       0

සමන් ' Thursday, 16 August 2012 09:49 AM

අයියෝ සල්ලි

:       0       0

බමුණුසිංහ Wednesday, 15 August 2012 08:27 PM

එක්කෙනෙක් මරදානේ. අනෙක් කෙනා කොම්පඤ්ඤවීදියේ. තවත් මොන කතාද? (නි)

:       0       0

ප්‍රවීන් මැනිලා Thursday, 16 August 2012 11:58 AM

අපේ අය ඉතා ඉක්මනට මැරුණ අයගේ පැත්ත ගන්නවා..කවුද දන්නේ එයත් මරන්න වටින වැඩක් කලාද කියලා ඒ වෙලාවේ..? මතකනෙ කප්රුක මුදලාලිගෙ සිද්ධිය.. පළවෙනි දවසේ මැරැණ කෙනාගේ පැත්ත ගන්නවා.. පස්සේ කට්ටිය මිනීමරුවගේ පැත්ත අරගෙන අදහස් දානවා..!!(නු)

:       0       0

සෞම්ම්‍යා Wednesday, 15 August 2012 08:51 PM

පිට රටවල ඉන්න අයට කියන්නේ තනියම ඉන්න කාවවත් විශ්වාස කරන්න එපා. යාළුවන් නොකරන දෙයක් නෑ අත්දැකීමෙන් කියන්නේ. (අ)

:       0       0

සුදත් Wednesday, 15 August 2012 09:03 PM

අපේ අය අපේ අයම මරණ කාලයත පව් අර අහිංසක දරුවයි මරපු අයට නිසි දඬුවම් ලබා දෙමු (අ)

:       0       0

ප්‍රගීත් Wednesday, 15 August 2012 09:09 PM

මරු අපේ රට (අ)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 August 2012 10:19 PM

හතුරාගෙන් ගැලවිය හැක. මිතුරාගෙන් ගැලවිය නොහැක. (ත)

:       0       0

සුමිත් Wednesday, 15 August 2012 10:32 PM

දැන් ඉතිං කරන්න තියෙන්නේ එයාගේ යාලු‍වන් ගැන දන්නා තොරතුරක් පොලිසියට දැනුම් දෙන එකයි. (නි)

:       0       0

ගාමිණි Wednesday, 15 August 2012 10:45 PM

ඔබ ඕනෑම කෙනෙක් ඇසුරු කළාට කම්නැත. නමුත් ගමන් බිමන් යන්නේ කා සමගද, කන්නේ බොන්නේ කා සමගද යනාදී වශයෙන් මිතුරන් තෝරා බේරා ගැනීමට සැළකිළිමත් වීම වැදගත්ය. (නි)

:       0       0

අමරා Wednesday, 15 August 2012 10:46 PM

අගහරු ලෝකයට ගියත් අපේ අයගේ ජන්ම ගති එලෙසම පවතී. (නි)

:       0       0

අරුණ Wednesday, 15 August 2012 11:43 PM

කවුරුහරි ජෙනරේටර් ටිකක්වත් ලංකාවට ගෙනල්ලාද දන්නේ නැහැ මෙහෙම විදුලිය කප්පාදු කරන්නේ? (නි)

:       0       0

මනුල Thursday, 16 August 2012 12:20 AM

පාස් පෝර්ට් යාලුවෝ ඇති කරගත්තම ඔහොම තමයි. (නි)

:       0       0

කවින්ද Thursday, 16 August 2012 02:36 AM

ඉතාලියේ ඉන්න වෙන්නප්පුව පැත්තේ කට්ටිය විශ්වාස කරන්න හොද නැහැ. (නි)

:       0       0

ගාමිණී -කුවේට් Thursday, 16 August 2012 03:07 AM

මේ සිද්ධියටත් සමහරු ලියයිද දන්නෙ නැහැ, ඔන්න ආසියාවේ ආශ්චර්යය කියලා. (නි)

:       0       0

සිල්වා Thursday, 16 August 2012 04:54 AM

මිතුරන් අතුරින් සැබෑ මිතුරා හදුනා ගැනීමට ඔහු සමත්ව නොමැත. (නි)

:       0       0

ජයකොඩි Thursday, 16 August 2012 06:09 AM

"ඉතාලියෙවත් මරණ දඩුවම ඇතැයි සිතමි." මෙන්න අනාගත ලොකයේ සාමාන්‍ය දෑනීම් ප්‍රශ්නයක්. ප්‍රශ්නය- ලෝකයේ හොදම බුදුදහම තිබෙන, ප්‍රචණ්ඩත්වය,මිනිමෑරුම්,දුෂණ වැඩිම රට කුමක්ද? පිළිතුර-ශ්‍රී ලංකාව (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Thursday, 16 August 2012 01:50 PM

මගේ නේනාගේ අයියලා ඉන්නේත් ඉතාලියේ. ඉතාලියට ගිහින් බලල එන්නකෝ එහෙනම් එයාලවත් මේකට පැටළිලාද කියලා. (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ Thursday, 16 August 2012 07:24 AM

මෙන්න අනාගත ලොකයේ සාමාන්‍ය දෑනීම් ප්‍රශ්නයක්. ප්‍රශ්නය- ලෝකයේ හොදම බුදුදහම තිබෙන, ප්‍රචණ්ඩත්වය,මිනිමෑරුම්,දුෂණ වැඩිම රට කුමක්ද? පිළිතුර-ශ්‍රී ලංකාව (නි)

:       0       0

වරුණ Thursday, 16 August 2012 07:42 AM

තරහා වුණහම වැලිකඩින් නවතින ගජ මිතුරු හවුල් මෙහෙත් තියෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 759 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 572 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site