දූෂණයට සහ දූෂිතයනට එරෙහිව ලෝක නායකයන් ලන්ඩනයේ දී පැවැත්වීමට යන සමුළුවට සහභාගීවන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවට එන ගමනේ දී නව දිල්ලියේ දී නරේන්ද්‍ර මෝදි ඉන්දියා අගමැති හමුවීමට නියමිතය.
මධ්‍ය ප්‍රදේශයේ දී උජේන් හි හින්දු කොවිලක කුම්බමේලා උත්සවයකට ජනපති සහභාගී වෙයි. පාලක භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයෙන් ජනපති එහි යයි.
ජනතා පක්ෂ මහලේකම් ජනපතිට කොළඹ දී පෞද්ගලිකවම එම ඇරියුම භාරදුන්නේය. ඉන්දු ලංකා නායකයන් අතර නව දිල්ලියේ දී සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
දූෂණයට එරෙහි ජගත් සමුළුව ලන්ඩනයේ දී සංවිධානය කරනුයේ එංගලන්ත අගමැති ඩේවිඩ් කැමරන් මහතාය.
දූෂණය හෙළිදරව් කිරීමටත්, දූෂිතයනට දඬුවම් කිරීමටත්, වින්දිතයනට සාධාරණය ඉෂ්ට කිරීම සඳහා ගත යුතු ප්‍රායෝගික තීරණ ගැනත් ජගත් නායකයන්ගේ සමුළුවේ දී තිරණයක් ගැනෙතියි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම ගිහිල්ලා ලංකාව ඉන්දියාවේ කොළනියක් වෙයිද? (බ)
එජාපෙ 87 සාම ගිවිසුමේ ගැහුවෙත් ජනතා විරෝධය එක්ක. ඊට පස්සේ 2004 සාම ගිවිසුමක් ගැහුවා ඒගොල්ලොන්ගේ ඇමතිලවත් දන්නේ නැතුව. එක හින්ද දැන් එක්ටා අස්සන් කරලා තියෙන්නේ කිව්වත් පුදුම වෙන්න එපා.(බ)
මට ඉදිරි අනාගතය ගැන ඇත්තේ බයකි (නි)
මෙන්න උදය සහ විමල්ට නැවතත් ජනතාව ඉදිරියට පැමිණීමට අවස්ථාවක්. (නි)
හොඳයි හොඳයි අපි කලබලනොවී බලමුකෝ (නි)
ඉන්දියාව අතේදුරින් තියාගන්න තරමට හොඳයි (නි)
ඉන්දියාව දුෂණයට එරෙහි නැතුව ඇති මගේ රටේ. එ්කනේ ඒ රටේ ලොක්කෝ මේ සමුළුවට නොයන්නේ. එයාලා සහභාගි වුණා නම් එහෙදීම මේ සාකච්ඡාව තියන්න තිබුනා. ජනාධිපතිතුමනි කල්පනාවෙන්, පාලම හදන්න අත්සන් ගන්න බලයි. (නි)
එට්කා සමඟ පාලමකුත් දෙමු නේද ? (හේ)
ජගත්, අපි කලබල වෙනකොට සිද්ධවෙන්න ඕනෑ දේවල් වෙලා හමාරයි. කරන දෙයක් දැන්මම කරන්න ඕනෑ (නි)
යුක්තිය සැමට ඉටුවිය යුතුයි.(හේ)
ඉන්දියාව අතේදුරින් තියාගන්න එක අපි කාටත් හොඳයි කියලා මාත් හිතනවා (නි)
මගේ රටට යහපතක් වෙන ඕනෑමදේකට අපි සහයෝ්ගය දෙනවා (නි)
මේ සැරේ මොන අණකිරීම් කරයිද දන්නේ නෑ! (ම)