හම්බන්තොට නගරයේ මාර්ග කිහිපයක තනි තීරුවට වාහන ගමනාගමනය කිරීමට අවසර දීමෙන් එම මාර්ග වල ව්‍යාපාරික ස්ථානයන්ට පාඩු සිදු වී ඇති බවට ව්‍යාපාරිකයින් නාගරික මන්ත්‍රීවරුන්ට දැනුම් දි ඇති හෙයින් මංතීරු නීතිය වහා ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි, හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා නාගරික කොමසාරිස්ට උපදෙස් දුන්නේය.
හම්බන්තොට බස් නැවැතුම්පොළේ සිට පොලීසිය ඉදිරියෙන් ඉඳිවින්න දක්වා දිවෙන මාර්ගය සහ යළි පැරණි නගර සභාව අසල සිට බස් නැවතුම් පොළ දක්වා මාර්ග තනි තීරුවට වාහන ගමන් කරන ලෙසට නම් කර තිබේ.
මෙම මාර්ගයන්හි ඇති ව්‍යාපාරික ස්ථානවලට පාරිභොගිකයෝ පැමිණීමේ දී අපහසුතා සිදුවන හෙයින් ව්‍යාපාරික ස්ථානවලට පාඩු සිදුවන බවට ව්‍යාපාරිකයෝ නාගරික මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බව හම්බන්තොට මහ නගර සභාවේ මාසික සභා රැස්විමේ දී නාගරික මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.
හම්බන්තොට නගරය එතරම් ජනාකීර්ණ නොවන හෙයින් මෙම ඉල්ලීම සම්බන්ධව සොයා බලා හම්බන්තොට මුලාස්ථාන පොලිසිය සමඟ සාකච්ඡා කර මං තීරු නිතිය ඉවත් කිරිමට පියවර ගන්නැයි නගරාධිපති කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාසයක් දෙකක් යනවිට ඊට අනුගත වේවි . එතකොට ව්‍යාපාරිකයන්ගේ පැත්ත විතරයි බලන්නේ...! .ඉන් ඇතිවන මහජන පීඩාව ..? (රේ)
හැම පැත්තම ගැන අපි හිතන්න ඕනෑ (නි)
අනේ මෙහෙම හරක්. එකෙක්ගේ දෙන්නෙක්ගේ බඩ පිරෙන්න පාරවල් හිරකරගෙන හැමෝටම වදයක් වෙන තීරණ ගන්න රටක් මේක. මේවට කැමති අයත් ඉන්න එකයි පුදුමේ (බ)
මෙය අනිවවර්යයෙන්ම කළ යුතුයි. ගෝඨා ඉන්න කල කොළඹ කරනකොට පුස් පැටවූ වගේ හිටපු අය දැන් බඩගෝස්තරවාදය ගැන කතා කරනවා. මෙය ස්ථාපිත කළ යුතුයි (බ)
ගයන්ත සහ රුවන් සමග ඒකග වෙමි. මේ රටේ මිනිස්සු කිසි දවසක හොඳ දෙයක් කරන්න දෙන්නේ නැහැ. මේ රටට කවදාවත් මේ ආගාධෙන් ගොඩ ඒමක් නැහැ. (ස)
ඔවු ඉතින්, ඒවා ගැනත් බලන්න එපායැ (නි)