IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මංතීරු නීතියෙන් කඩ වේළේ

හම්බන්තොට නගරයේ මාර්ග  කිහිපයක තනි තීරුවට වාහන ගමනාගමනය කිරීමට අවසර දීමෙන් එම මාර්ග වල ව්‍යාපාරික ස්ථානයන්ට පාඩු සිදු වී ඇති බවට ව්‍යාපාරිකයින් නාගරික මන්ත්‍රීවරුන්ට දැනුම් දි ඇති හෙයින් මංතීරු නීතිය වහා ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි, හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා නාගරික කොමසාරිස්ට  උපදෙස්  දුන්නේය.

හම්බන්තොට  බස් නැවැතුම්පොළේ සිට පොලීසිය ඉදිරියෙන් ඉඳිවින්න දක්වා දිවෙන  මාර්ගය සහ යළි පැරණි නගර සභාව අසල සිට බස් නැවතුම් පොළ දක්වා මාර්ග තනි තීරුවට වාහන ගමන් කරන ලෙසට නම් කර තිබේ.

මෙම මාර්ගයන්හි ඇති ව්‍යාපාරික ස්ථානවලට පාරිභොගිකයෝ පැමිණීමේ දී අපහසුතා සිදුවන හෙයින් ව්‍යාපාරික ස්ථානවලට පාඩු සිදුවන බවට ව්‍යාපාරිකයෝ නාගරික මන්ත්‍රීවරුන්ට  දැනුම් දී ඇති බව හම්බන්තොට මහ නගර සභාවේ මාසික සභා රැස්විමේ දී නාගරික මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.

හම්බන්තොට නගරය එතරම් ජනාකීර්ණ නොවන හෙයින් මෙම ඉල්ලීම සම්බන්ධව සොයා බලා හම්බන්තොට  මුලාස්ථාන පොලිසිය සමඟ සාකච්ඡා කර මං තීරු නිතිය ඉවත් කිරිමට  පියවර ගන්නැයි නගරාධිපති කියයි.



අදහස් (0)

මංතීරු නීතියෙන් කඩ වේළේ

ජයනාත් Thursday, 26 November 2015 05:44 PM

මාසයක් දෙකක් යනවිට ඊට අනුගත වේවි . එතකොට ව්‍යාපාරිකයන්ගේ පැත්ත විතරයි බලන්නේ...! .ඉන් ඇතිවන මහජන පීඩාව ..? (රේ)

:       0       0

සමීර Thursday, 26 November 2015 08:45 AM

හැම පැත්තම ගැන අපි හිතන්න ඕනෑ (නි)

:       0       0

ගයනාත් Thursday, 26 November 2015 10:17 AM

අනේ මෙහෙම හරක්. එකෙක්ගේ දෙන්නෙක්ගේ බඩ පිරෙන්න පාරවල් හිරකරගෙන හැමෝටම වදයක් වෙන තීරණ ගන්න රටක් මේක. මේවට කැමති අයත් ඉන්න එකයි පුදුමේ (බ)

:       0       0

රුවන් Thursday, 26 November 2015 10:45 AM

මෙය අනිවවර්යයෙන්ම කළ යුතුයි. ගෝඨා ඉන්න කල කොළඹ කරනකොට පුස් පැටවූ වගේ හිටපු අය දැන් බඩගෝස්තරවාදය ගැන කතා කරනවා. මෙය ස්ථාපිත කළ යුතුයි (බ)

:       0       0

කමනි Thursday, 26 November 2015 11:02 AM

ගයන්ත සහ රුවන් සමග ඒකග වෙමි. මේ රටේ මිනිස්සු කිසි දවසක හොඳ දෙයක් කරන්න දෙන්නේ නැහැ. මේ රටට කවදාවත් මේ ආගාධෙන් ගොඩ ඒමක් නැහැ. (ස)

:       0       0

නුවන් Thursday, 26 November 2015 06:54 AM

ඔවු ඉතින්, ඒවා ගැනත් බලන්න එපායැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 496 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site