මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටිය දී රතුපස්වලට ගොස් තමා ජනපති වී තුන් මාසයෙන් එම ප්‍රශ්න විසඳන බවට පොරොන්දු වී වසරක් සපිරුණත් තවම කිසිවක් කර නැතැයි තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ රතුපස්වල ගම්වාසීහු කියති.

2014 දෙසැම්බර 25 වැනි දා තෙරිපැහැ සිරිධම්ම හිමියන්ගේ පංසලට පැමිණි සිරිසේන මහතා රතුපස්වල ප්‍රශ්න වලට රාජපක්ෂ ආණ්ඩුවෙන් කිසිවක් නොකළ බව කීවේය.

සිවිල් සංවිධාන සහ ගම්වැසියන් කියනුයේ රතුපස්වල ගැටළු තවමත් පරණ තත්ත්වයේ බවයි. වෙඩි තැබූවන් නිදැල්ලේ සිටිය දී වෙඩි කෑ පිරිසට නඩු දමා ඇතැයි ද, වතුර ප්‍රශ්නයට ද තවම විසඳුම් නැතැයි ද ඔවුහු පවසති.