IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘මෛත්‍රී ජනපති නොවුණානම් ශ්‍රී ලංකාව අසරණයි‘

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති නොවුණා නම් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ අසරණ වන බව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා අද ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘අපි දිගින් දිගටම දැක්කා ජිනීවාවල අපට විරුද්ධව සිදුවන ක්‍රියාකාරකම්. ජාත්‍යන්තර යෝජනා සම්මත වුණේ යුද්ධය ගැන විතරක් නෙමෙයි. අලුත් අලුත් දේවල් ඇතුළත් කළා. මේ යෝජනා සම්මතය මීට වඩා බැරෑරුම් වෙනවා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති වුණේ නැත්නම්. ඒක අපි පිළිගත යුතුයි. අද ජාතිවාදය ජනතාව ප්‍රතික්ෂේප කරනවා. යුද්දෙන් පසු අපි සියලු දෙනා බලාපොරොත්තුවුණා ලාංකික චින්තනයක් ගැන. ඒත් ඒක වුණේ නෑ ජාතිවාදී චින්තනයක් ඇතිවුණේ. කවුද හිතුවේ විපක්ෂ නායකවරයා ලෙස ටීඑන්ඒ නායකයා පත් වෙයි කියලා‘ යැයිද ඇමැතිවරයා කීවේය.

එම අවස්ථාවට රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතාද සහභාගී වෙමින් කියා සිටියේ රට තුළ තවත් ප්‍රභාකරන් කෙනකු බිහිවීම වැළැක්වීමට විසඳුම් ලබාදෙන්නේ ශ්‍රීලනිප නායකයන්ම බවයි. ශ්‍රීලනිපයට ජාතිවාදී මඩගොහොරුවේ ලැගීමට කිසිවිටක ඉඩ නොතබන බවද ඔහු කීවේය. 

webfaizer_20151022

වීඩියෝ - අතුල දේවප්‍රිය

 

වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

‘මෛත්‍රී ජනපති නොවුණානම් ශ්‍රී ලංකාව අසරණයි‘

මල්ලිකා Thursday, 22 October 2015 08:28 PM

අනිත් ඔක්කොම එඋන්ට හොදයිිි උන්ගේ ජාතියාගන කතා ක‍රන්න, සිංහලය කතා කලොත් තමය ජතිවදේ අවුස්සනවා කියන්නේ (රේ)

:       0       0

ශ්‍රීලාල් Thursday, 22 October 2015 08:45 PM

සමහරුන්ට නම් දැන් හැරෙන හැරෙන පැත්තට කතා කරන්න පුළුවන් කියලා පෙනෙනවා. (නි)

:       0       0

ටිරෝන් Thursday, 22 October 2015 09:27 PM

හොඳ කතාවක් (නි)

:       0       0

විජේසුන්දර Thursday, 22 October 2015 11:58 PM

ඒ වගේම මහින්ද ජනපති නොවුණා නම් ශ්‍රී ලංකාව අද අන්ත අසරණයි නේද? (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 23 October 2015 12:03 AM

'අපි නම් මේවට මොකුත්ම කියන්න යන්නේ නැහැ' කියන කෙනා ඔය ටිකවත් ලිවුවේ ඇයි එහෙනම්? (නි)

:       0       0

සනත් Friday, 23 October 2015 12:30 AM

අපිට ජීවත්වෙන්න පුළුවන් විදිහට බඩු මිල අඩු කරලා දෙන්න පුළුවන් වුණොත්, ගමන් යන්න වාහනයක් ගන්න පුළුවන් විදිහට බදූ ඉවත් කරලා දුන්නොත්, රජයේ මැති ඇමති, සභාපතිවරු යනාදී පිරිස් භුක්ති විඳින දැවැන්ත වරප්‍රසාද සියල්ල ඉවත් කරගෙන , ඇමති ධූර 20 ට අඩුකරගෙන , රට පාලනය කරන්න පුළුවන් කෙනෙක් බිහිවුණොත් ඔහු තමා මට නම් සැබෑ දියසෙන් කුමාරයා. (නි)

:       0       0

යොහාන් Friday, 23 October 2015 12:45 AM

කතාව ඇත්ත තමයි (නි)

:       0       0

රකිත Friday, 23 October 2015 12:46 AM

අද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට ලැබෙන වාහන පර්මිට් එක විතරක් ලක්ෂ ගණනක් වටිනවා. මේ වාහන පර්මිට් දුන්නේ නැත්නම් මේ ගොල්ලන්ගෙන් පර්මිට් ගන්න ව්‍යාපාරිකයෝ බදු ගෙවලා වාහන ගෙන්වන්න ඕනෑ නේද? ගණන් හදලා බලන්න කොච්චර බදු මුදලක් රටට අහිමි වෙනවද කියලා. රජයේ අයවැය රුපියලේ ඉඳලා වියදම්වෙන ආකාරය වෙබ් අඩවියකින් පළකරන්න කියන්න. එතකොට බලාගන්න පුළුවන් කොච්චර අනවශ්‍ය වියදම් කරනවද කියලා. කොච්චර මේ බදු මුදල් ඉතුරු කරගන්න පුළුවන්ද කියලා. (නි)

:       0       0

දුමි්න්ද Thursday, 22 October 2015 10:31 AM

සිදු වුණ ඔක්කොම හොඳා යුද්දේ නැති නිසා (ම)

:       0       0

උදාර Thursday, 22 October 2015 10:51 AM

ඔක්කොම වෙන්නේ හොඳට (බ)

:       0       0

පිවිතුරු යහපාල Friday, 23 October 2015 02:10 AM

මහත්තයෝ,පළාත් පාලන ඡන්ද ළඟ එනවා.ජනතා මතය මංකොල්ලකෑම ලොකු පාපකර්මයක්. ජනතාවගේ හදවත දිනූවෙක් මිසක වෙන කවුද, කවදාද මහත්තයෝ රටක් බේරාගත්තේ? (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 22 October 2015 11:06 AM

ලංකා ඉතිහාසයේ මගේ රට මුහුණ දුන් සියලුම අසීරු අවස්ථාවලදී දියසේන කුමාරයෙක් පහල වන බව අපි දන්නෙමු. මහද්වීපයක් දුපතක් වූ ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි බෞද්ධ දර්ශනය මේ රටේ ස්ථාපිත වුයේ එම වාසනාවන්තකම නිසාය. (ර)

:       0       0

රෝහණ Friday, 23 October 2015 02:38 AM

බන්දුල පෙරේරා නොහොත් පිවිතුරු යහපාලගේ මෝඩ කතා කවදා නතරවෙයිද? (නි)

:       0       0

ලීල් Friday, 23 October 2015 02:42 AM

ඒ වුණත් ඉතින් ඔය කියන රට අදටත් අන්ත අසරණයි කියලනේ අපිට හිතෙන්නේ (නි)

:       0       0

අමල් Thursday, 22 October 2015 11:08 AM

ඒකනම් ඇත්ත. (ර)

:       0       0

සමන් Friday, 23 October 2015 02:52 AM

ඔව් ඔව් මේ මස හත අටට එක හොඳාකාරව අපි දැක්කා (ම)

:       0       0

රනිල් Thursday, 22 October 2015 11:46 AM

හොඳයි ඉතින් ඔය කියන කෙනාටයි ඔය කියවන කෙනාටයි දෙන්නටම පිනුම් ගහන්න අර මනුස්සය රට එක්සේසත් කළ හින්ද! (බ)

:       0       0

මොහොමඩ් Friday, 23 October 2015 03:31 AM

ගොඩක් දෙනෙකුට මුල අමතකවෙලා වගේ මෙතන ලියන්නේ (නි)

:       0       0

රුවන් දිසානායක Thursday, 22 October 2015 11:56 AM

අපේ ලංකාවේ මිනිස්සු තාමත් බලාගෙන ඉන්නවා දියසේන කුමාරයා පහල වෙලා අපිව බේර ගෙන අපේ සියලුම ප්‍රශ්න විසදලා දෙනකම්.එත් අර දකුණේ ගිරුවාපත්තුවේ ඉපදිලා රටේම ගිණි දැල් නිවපු දියසේන කුමාරයාව වැඩේ කර ගත්තට පස්සේ පැදුරටත් නොකියා එලවල දැම්ම.දියසේන කුමාරය නෙමෙයි අද රාවණා රජ්ජුරුවෝ මරණෙන් නැගිටලා සිංහලයව බේර ගන්න ආවත් ඔච්චරයි.පස්සට පයින් ගහල එලවාවී ජාතිවාදී කියල. (බ)

:       0       0

දිමේෂ් Friday, 23 October 2015 03:37 AM

අනේ මොකටද අපි මේවට උත්තර කියන්නේ? (නි)

:       0       0

අමාලි Thursday, 22 October 2015 12:43 PM

මට කියන්න දෙයක් නැත. (ර)

:       0       0

චුලක Friday, 23 October 2015 04:32 AM

අපි නම් මොකුත්ම දන්නෙ නැහැ ඕවා (නි)

:       0       0

ඉමාක් Thursday, 22 October 2015 01:05 PM

මමත් කියන්න තියෙන දේ නොකියාම කට වහගන්නවා (නි)

:       0       0

හනීස් Thursday, 22 October 2015 01:08 PM

මම නම් කියන්නේ ඔබතුමා ඊළඟ ඡන්දෙට ඇවිල්ලා දිනලාම පෙන්නන්න අපිට. (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 22 October 2015 01:13 PM

දැන් එතකොට ජයවික්‍රම සහෝදරයා ඔය දියසේන කුමාරයා කියලා කිව්වේ කාටද? (නි)

:       0       0

නාමල් Friday, 23 October 2015 04:57 AM

මේවා අහගෙන අපිත් ඉතින් නෑසු කන් ඇතුව ඉන්නවා (නි)

:       0       0

උමේශ් Thursday, 22 October 2015 01:37 PM

අපි නම් මේවට මොකුත්ම කියන්න යන්නේ නැහැ (නි)

:       0       0

දහම් Thursday, 22 October 2015 02:50 PM

මෙයා දන්නේ නැද්ද 77 යූ එන් පී හත් හවුල් ආණ්ඩුව වෙලාවෙදිත් අමිර්තලිංගම් විපක්ෂ නායක වෙච්ච බව. රටේ සමගිය ඇති වුනාද. කොටිය බලවත් වුනා මිසක. (බ)

:       0       0

දීපාල් නිරෝෂ් Thursday, 22 October 2015 04:09 PM

අනේ මහතුනේ, ඔය ඔක්කොම සාම කතා, සංහිඳියා කතා, යහපාලන කතා, දූෂණ විරෝධී මෙහෙයුම් ගැන කට්ටියට කතා කරන්න පුළුවන් වුණේ යුද්ධය දිනපු නිසා, නැත්නම් ඔය දේශීය සාම වීරයො කොහේද කියල හොයන්න බැරිවෙනවා. (බ)

:       0       0

විමල් පාලිත Thursday, 22 October 2015 04:33 PM

කෝ වස කුප්පි මහින්දට දැන් දෙන්න. දිව දෙකේ කතා. (අ)

:       0       0

මනෝජ් සාජා Thursday, 22 October 2015 05:15 PM

මට කියන්න තියෙන දේ කිවොත් ලංකාදීපේ මහත්තුරු පල කරන‍ෙ නැ.(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site