මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති නොවුණා නම් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ අසරණ වන බව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා අද ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘අපි දිගින් දිගටම දැක්කා ජිනීවාවල අපට විරුද්ධව සිදුවන ක්‍රියාකාරකම්. ජාත්‍යන්තර යෝජනා සම්මත වුණේ යුද්ධය ගැන විතරක් නෙමෙයි. අලුත් අලුත් දේවල් ඇතුළත් කළා. මේ යෝජනා සම්මතය මීට වඩා බැරෑරුම් වෙනවා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති වුණේ නැත්නම්. ඒක අපි පිළිගත යුතුයි. අද ජාතිවාදය ජනතාව ප්‍රතික්ෂේප කරනවා. යුද්දෙන් පසු අපි සියලු දෙනා බලාපොරොත්තුවුණා ලාංකික චින්තනයක් ගැන. ඒත් ඒක වුණේ නෑ ජාතිවාදී චින්තනයක් ඇතිවුණේ. කවුද හිතුවේ විපක්ෂ නායකවරයා ලෙස ටීඑන්ඒ නායකයා පත් වෙයි කියලා‘ යැයිද ඇමැතිවරයා කීවේය.
එම අවස්ථාවට රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතාද සහභාගී වෙමින් කියා සිටියේ රට තුළ තවත් ප්‍රභාකරන් කෙනකු බිහිවීම වැළැක්වීමට විසඳුම් ලබාදෙන්නේ ශ්‍රීලනිප නායකයන්ම බවයි. ශ්‍රීලනිපයට ජාතිවාදී මඩගොහොරුවේ ලැගීමට කිසිවිටක ඉඩ නොතබන බවද ඔහු කීවේය.
වීඩියෝ - අතුල දේවප්‍රිය
වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් ඔක්කොම එඋන්ට හොදයිිි උන්ගේ ජාතියාගන කතා කරන්න, සිංහලය කතා කලොත් තමය ජතිවදේ අවුස්සනවා කියන්නේ (රේ)
සමහරුන්ට නම් දැන් හැරෙන හැරෙන පැත්තට කතා කරන්න පුළුවන් කියලා පෙනෙනවා. (නි)
හොඳ කතාවක් (නි)
ඒ වගේම මහින්ද ජනපති නොවුණා නම් ශ්‍රී ලංකාව අද අන්ත අසරණයි නේද? (නි)
'අපි නම් මේවට මොකුත්ම කියන්න යන්නේ නැහැ' කියන කෙනා ඔය ටිකවත් ලිවුවේ ඇයි එහෙනම්? (නි)
අපිට ජීවත්වෙන්න පුළුවන් විදිහට බඩු මිල අඩු කරලා දෙන්න පුළුවන් වුණොත්, ගමන් යන්න වාහනයක් ගන්න පුළුවන් විදිහට බදූ ඉවත් කරලා දුන්නොත්, රජයේ මැති ඇමති, සභාපතිවරු යනාදී පිරිස් භුක්ති විඳින දැවැන්ත වරප්‍රසාද සියල්ල ඉවත් කරගෙන , ඇමති ධූර 20 ට අඩුකරගෙන , රට පාලනය කරන්න පුළුවන් කෙනෙක් බිහිවුණොත් ඔහු තමා මට නම් සැබෑ දියසෙන් කුමාරයා. (නි)
කතාව ඇත්ත තමයි (නි)
අද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට ලැබෙන වාහන පර්මිට් එක විතරක් ලක්ෂ ගණනක් වටිනවා. මේ වාහන පර්මිට් දුන්නේ නැත්නම් මේ ගොල්ලන්ගෙන් පර්මිට් ගන්න ව්‍යාපාරිකයෝ බදු ගෙවලා වාහන ගෙන්වන්න ඕනෑ නේද? ගණන් හදලා බලන්න කොච්චර බදු මුදලක් රටට අහිමි වෙනවද කියලා. රජයේ අයවැය රුපියලේ ඉඳලා වියදම්වෙන ආකාරය වෙබ් අඩවියකින් පළකරන්න කියන්න. එතකොට බලාගන්න පුළුවන් කොච්චර අනවශ්‍ය වියදම් කරනවද කියලා. කොච්චර මේ බදු මුදල් ඉතුරු කරගන්න පුළුවන්ද කියලා. (නි)
සිදු වුණ ඔක්කොම හොඳා යුද්දේ නැති නිසා (ම)
ඔක්කොම වෙන්නේ හොඳට (බ)
මහත්තයෝ,පළාත් පාලන ඡන්ද ළඟ එනවා.ජනතා මතය මංකොල්ලකෑම ලොකු පාපකර්මයක්. ජනතාවගේ හදවත දිනූවෙක් මිසක වෙන කවුද, කවදාද මහත්තයෝ රටක් බේරාගත්තේ? (නි)
ලංකා ඉතිහාසයේ මගේ රට මුහුණ දුන් සියලුම අසීරු අවස්ථාවලදී දියසේන කුමාරයෙක් පහල වන බව අපි දන්නෙමු. මහද්වීපයක් දුපතක් වූ ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි බෞද්ධ දර්ශනය මේ රටේ ස්ථාපිත වුයේ එම වාසනාවන්තකම නිසාය. (ර)
බන්දුල පෙරේරා නොහොත් පිවිතුරු යහපාලගේ මෝඩ කතා කවදා නතරවෙයිද? (නි)
ඒ වුණත් ඉතින් ඔය කියන රට අදටත් අන්ත අසරණයි කියලනේ අපිට හිතෙන්නේ (නි)
ඒකනම් ඇත්ත. (ර)
ඔව් ඔව් මේ මස හත අටට එක හොඳාකාරව අපි දැක්කා (ම)
හොඳයි ඉතින් ඔය කියන කෙනාටයි ඔය කියවන කෙනාටයි දෙන්නටම පිනුම් ගහන්න අර මනුස්සය රට එක්සේසත් කළ හින්ද! (බ)
ගොඩක් දෙනෙකුට මුල අමතකවෙලා වගේ මෙතන ලියන්නේ (නි)
අපේ ලංකාවේ මිනිස්සු තාමත් බලාගෙන ඉන්නවා දියසේන කුමාරයා පහල වෙලා අපිව බේර ගෙන අපේ සියලුම ප්‍රශ්න විසදලා දෙනකම්.එත් අර දකුණේ ගිරුවාපත්තුවේ ඉපදිලා රටේම ගිණි දැල් නිවපු දියසේන කුමාරයාව වැඩේ කර ගත්තට පස්සේ පැදුරටත් නොකියා එලවල දැම්ම.දියසේන කුමාරය නෙමෙයි අද රාවණා රජ්ජුරුවෝ මරණෙන් නැගිටලා සිංහලයව බේර ගන්න ආවත් ඔච්චරයි.පස්සට පයින් ගහල එලවාවී ජාතිවාදී කියල. (බ)
අනේ මොකටද අපි මේවට උත්තර කියන්නේ? (නි)
මට කියන්න දෙයක් නැත. (ර)
අපි නම් මොකුත්ම දන්නෙ නැහැ ඕවා (නි)
මමත් කියන්න තියෙන දේ නොකියාම කට වහගන්නවා (නි)
මම නම් කියන්නේ ඔබතුමා ඊළඟ ඡන්දෙට ඇවිල්ලා දිනලාම පෙන්නන්න අපිට. (නි)
දැන් එතකොට ජයවික්‍රම සහෝදරයා ඔය දියසේන කුමාරයා කියලා කිව්වේ කාටද? (නි)
මේවා අහගෙන අපිත් ඉතින් නෑසු කන් ඇතුව ඉන්නවා (නි)
අපි නම් මේවට මොකුත්ම කියන්න යන්නේ නැහැ (නි)
මෙයා දන්නේ නැද්ද 77 යූ එන් පී හත් හවුල් ආණ්ඩුව වෙලාවෙදිත් අමිර්තලිංගම් විපක්ෂ නායක වෙච්ච බව. රටේ සමගිය ඇති වුනාද. කොටිය බලවත් වුනා මිසක. (බ)
අනේ මහතුනේ, ඔය ඔක්කොම සාම කතා, සංහිඳියා කතා, යහපාලන කතා, දූෂණ විරෝධී මෙහෙයුම් ගැන කට්ටියට කතා කරන්න පුළුවන් වුණේ යුද්ධය දිනපු නිසා, නැත්නම් ඔය දේශීය සාම වීරයො කොහේද කියල හොයන්න බැරිවෙනවා. (බ)
කෝ වස කුප්පි මහින්දට දැන් දෙන්න. දිව දෙකේ කතා. (අ)
මට කියන්න තියෙන දේ කිවොත් ලංකාදීපේ මහත්තුරු පල කරනෙ නැ.(රේ)