එක්සත් ජනතා නිදහස් සන්ධානයත් හා එක්සත් ජාතික පක්ෂයත් තද බල ලෙස ඡන්ද නීති උල්ලංඝනය කරතියිද එහෙයින් මාතර මහා නගර සභාවට නිදහස් හා සාධාරණ ඡන්දයක් පැවැත්වීම සැක සහිත යැයිද මාතර සහකාර මැතිවරණ කොමසාරිස් සුනෙත් ලෝචන මහතා මැතිවරණ කොමසාරිස්ට දන්වා ඇත. පෙළපාළි තහනම් කර තිබියදිත් සන්ධානය මාතර නූපේ සිට කොටුවේගොඩ දක්වා පෙළපාළියක් යමින් ඡන්ද නීති අමු අමුවේම කැඩූ බවද කොළඹට දන්වා ඇත.පොලිසිය මේ පෙළපාළිය නතර කිරීමට කිසිම පියවරක් ගෙන නැතැයිද මැතිවරණ කොමසාරිස්ට වාර්තා කර තිබේ. පළාත් පාලන ආතන විසි තුනක් සඳහා ලබන අට වැනි දා ඡන්දය පැවැත්වේ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd