IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මුත‍්‍රා ගල් දිය කරන, රුධිරය පිරිසිදු කරන තිබ්බටු

යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය චමරි වෛද්‍යරත්න

සමඟ පමණක් බත් අනුභව කළ හැකිය. වියළි කලාපයේ හේන්වල ඉතා සරුවට වැවෙන තිබ්බටු හේනකදීම හේන් බතක් සමඟ ආහාරයට ගැනීමට මටද අවස්ථාවක් ලැබුණි.  ඔවුන්ගෙන් මෙම තිබ්බටු මාළුව සකසා ගන්නා ආකාරය දැනගත් පසු වැටහුණේ මෙම හේන් හොද්දේ සියලූ ආකාර රස ගුණ තිබූ බවය. එම තිබ්බටු මාළුව සකසා තිබුණේ මේ ආකාරයෙනි. තිබ්බටු කහ ලූණු මිශ‍්‍රකර තම්බාගෙන තිබුණේ හාල්මැස්සන් අහුරක්ද  දමාය. හොඳින් තැම්බුණ පසු එය වෙන භාජනයකට අස්කර එයට පොල් තෙල් ටිකක් දමා රත්කර රතුඵෑණු කොච්චි හා කොච්චි කොළද පොල් සමඟ මිශ‍්‍ර කර පොල් වතුර දමා හොඳින් පොඩි කර තිබුණි. තුනපහ ස්වල්පයක්ද දමා කලින් තම්බා ගත් තිබ්බටු හා හාල්මැස්සන් මිශ‍්‍රණය සමඟ නැවත ලිප තබා හැන්දෙන් පොඩි කර තිබුණි. මෙය මා ජීවිතයේ ගත් ආහාර අතර අමතක නොවන ආහාරයක් වූ බව වසර 20කටත් වඩා ගතවී තිබුණද මගේ මතකයෙන් ඈත්වී නැත.

download-(11)   අපගේ මාතෘකාව වන තිබ්බටු කන්ඨකාරිකුලය  යන solanaceae ටය. තිබ්බටු ගසේ උද්භිද විද්‍යාත්මක නාමය Solanum Indicum  Linn යනුවෙනි. මෙම ගසේ ගෙඩි වලින් ව්‍යංජන සකසන අතර ගසේ පංචාංගයම ඖෂධ පිණිස භාවිතා කරයි. අඩි 4ක් 5ක් පමණ උසට වැවෙන තිබ්බටු ගස නිල් මල් පිපෙන වර්ගය හා සුදුමල් පිපෙන වර්ගය ලෙස දෙවදෑරුම්ය. සුදුමල් වර්ගයේ ගෙඩි තරමක් විශාලය. වාතය හා සෙම සමනය කරන ගුණ පිරි නිසා සෙම් කුපිත වූ විට හා වාතය සමනයට යොදා ගනී.

ආහාර පරිපාචන ක‍්‍රියාවලිය හොඳින් සිදුකිරීමට සමත් තිබ්බටු ආහාරයට ගැනීමෙන් පණුවන් නැසේ. ආහාර රුචිය ඇතිකරයි. එම නිසා බඩගිනි අඩු අයටද, ආහාර රැචිය අඩු අයටද, ග‍්‍රහණී රෝග ඇති විටද, උදර වේදනාව ඇතිවිටද සුදුසුය. හෘදය වස්තුව උත්තේජනය කරන ගුණය ඇත. රුධිරය පිරිසුදු කරන ගුණය ද ඇති අතර තිබ්බටු ශාකයේ පංචාංගය සිරුරේ ඉදිමුම නැති කරයි.

නරක්වූ කුපිත වූ සෙම ඉවත් කිරීමේ ගුණය ඇති අතර ස්වාස රෝග අවස්ථා වලදී හුස්ම ගැනීම පහසු කරවයි. කැස්ස ප‍්‍රතිශ්‍යාව, ස්වර භේද හෙවත් උගුර බැරැන්ඩිය ඇතිවිටද හික්කා රෝගින්ටද ආහාර පිණිස ගැනිම සුදුසුය.

download-(12)මුත‍්‍රා ගල් දිය කිරීමද තිබ්බටු වලට හැකියාව ඇත. තිබ්බටු ඇටවල ගර්භාෂය සංකෝචනය කරන ගුණය ඇත. එමනිසා ඔසප් ශ‍්‍රාවය අඩු අයට ඔසප් සමයේ ආහාරයට සුදුසු අතර දරුවන් ලැබූ මුල් කාලයේ (සූතිකා සමයේ) ගැනීම සුදුසුය. එහෙත් රුධිරය පිටවීම වැඩි අයට අහාර පිණිස නොගත යුතුය. යෝනි මාර්ගයේ කැසීම් ඇති විට අමු කහ සමඟ අඹරා ගෑමෙන් කැසීම සුවවෙයි. වාජීකරණ ගුණය ඇති නිසා තරුණ වියේ සිට නිතර ආහාරයට ගැනීමෙන් කාම ශක්තිය වැඩි වෙයි.

ඇට චූර්ණය නස්‍ය කිරීමට වෛද්‍යවරු භාවිතා කරයි. කාමලා රෝගයටද, ග‍්‍රහණි හා මාන්දම් රෝග වලදී ද , නේත‍්‍රා රෝගවලදී ද භාවිතා කරන තිබ්බටු කායම,තිබ්බටු ගෙඩි ඉස්ම, අමුකහ ඉස්ම, අමු ඉඟුරු ඉස්ම, කිතුල් හකුරු, කිතුල්පැණි හා මිශ‍්‍රකර නැවුම් වළඳක දමා ගිනි රස්නය වැදෙන සේ ලිප ළඟ තබා වරකට කෝප්ප කාලක් ගැනීමට නියම කොට ඇත.

මේ ආදී ඖෂධමය හා ආහාරමය ගුණ පිරි තිබ්බටු ග‍්‍රෑම් 250ක මිල ගැන බැලීමේදී පවා වගාකිරීමෙන් ආර්ථිකමය වටිනාකමක්ද වැඩි ශාකයකි.

 

 



අදහස් (0)

මුත‍්‍රා ගල් දිය කරන, රුධිරය පිරිසිදු කරන තිබ්බටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site