කුඩා ගැහැණු ළමයින්ගේ ඡායාරූප යොදා සකස් කළ මතභේදකාරී ෆේස්බුක් පිටුවක් ෆේස් බුක් ආයතනයට දැන්වීමෙන් හා ජනතා ප්‍රතිචාර මත අත්හිටුවීමට පියවර ගත් බව පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (සර්ට්) පවසයි.
තමන්ට එම ෆේස්බුක් පිටුව සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබුණු බවත් එම පිටුව නිර්මාණය කළ අය නරඹන්නන් ප්‍රමාණය වැඩි කරගැනීම සඳහා ලිංගික ආකර්ශනය ඇතිවන ආකාරයට කුඩා ගැහැණු දරුවන්ගේ ඡායාරූප යොදා ඇති බවට තොරතුරු ලැබුණු බවත් සර්ට් ආයතනයේ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසයි.
ෆේස්බුක් සාමාජිකයන්ට කැමැති පරිදි ඡායාරූප ඇතුළු කිරීමට හැකිවීම හා එවැනි පිටු සකස්කර පවත්වාගෙන යාමට ලබාදී ඇති නිදහස හේතුවෙන් මෙවන් ගැටළු ඇතිවන බව චන්ද්‍රගුප්ත මහතා පෙන්වා දෙයි.
තම ඡායාරූප තමාගේ මිතුරන්ට පමණක් නැරඹීමට හැකිවන පරිදි ෆේස්බුක් හි තිබෙන ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමෙන් මෙවැනි දේ වළක්වාගත හැකි බවද සර්ට් ආයතනය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටුව වැස්සුවේ ෆේස්බුක් එකේම පේජ් ඇඩ්මින්ලා ඇතුළු මිනිස්සු. සර්ට් එකට රිපෝට් කළා තමා. ඒ රිපෝට් කළේ පේජ් එක කරපු කෙනා අල්ලලා දඬුවමක් දෙන්න. අසහනකාරයෝ අල්ලන්න. (නි)
පිටු අත්හිටුවන්න ඔය කියන ආයතන ඕනෑම නැහැ. අපිටත් පුළුවන් රිපොර්ට් කරන්න. කරපු කෙනා හොයලා දඬුවම් දෙන්න ඕනෑ ආයේ වෙන අයටත් ඔයවගේ වැඩ නොකරන්න. (නි)
ෆේස් බුක් එකේ පිටුවක් නැත්නම් ගෘප් එකක් වහන්න පුළුවන් ෆේස් බුක් එකේ අයට විතරයි නේද. වෙන අයට බැහැ. අනිත් අයට පුළුවන් පැමිණිලි කරන්න (නි)
මේක නම් ඉතාම හොඳ වැඩක් (නි)
ඇයි ෆේස්බුක් නතර කළොත් ඔක්කොටොම වැඩිය හොඳ නැද්ද. ඕකෙන් වෙන්නේ සමාජය පිරිහෙන එක විතරයි. තනිකරම බොරුව මුලාව අපහාස යන හැමදේම තියන තැනක්. විස ගසක් නසන්න ඕනෑ අතු කපලා නොවෙයි මුල කපලා. එෆ්බී තියනකල් අපේ රටේ සමාජය කවදාවත් හැදෙන්නේ නැහැ කොච්චර බණ කිව්වත් ලංකාවේ මිනිස්සු දැන් ෆෝන් ගන්නේ එෆ්බී යන්න. (නි)
මම ඉන්න කටාර් රටේ නම් අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරලා තියෙන්නේ. අසැබි දර්ශන හා වෙබ් අඩවි තහනම් කරන්න ඕනෑ ලංකාවෙත්. ඒවා බලලා තමා ඔය මිනිසුන්ගේ මනස විකෘති වෙලා තියෙන්නේ. (නි)
විවිධාකාරී අසහනකාරී පුද්ගලයන් කොහෙත් ඉන්නවා (නි)
එම ෆේස්බුක් පිටුවේ විවිධ පිළිකුල්සහගත ප්‍රකාශ සටහන් කළ අසහනකාරී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන්නේ මන්ද? (නි)
අමල්, මෝඩ කතා කියන්න එපා. විශාල වශයෙන් සමාජ සත්කාරයන් නිවාස සදාදීම්, පන්සල් වලට උපකාර කිරීම් ස්වයං රැකියා වගේ දේවල් ෆේස් බුක් එක හරහා කෙරෙනවා. අමල්ට පුළුවන් නම් තනියම ඒ සමාජ සත්කාර කරන්න, ෆේස් බුක් එක වහන්න යෝජනා කරන්න. අනික් කිසිදු මාධ්‍යයකින් ඉඩක් නොලැබෙන අසරණ දරුවන් කි දෙනෙක් ෆේස් බුක් එක හරහා උදව් ලබා තියනවද? (නි)
තව තියෙනවා එක එක අසභ්‍ය දේවල් දාන පිටු. (තනිකර කුණුහරුප දේවල්) (නි)
සර්ට් එකට මමත් කතා කළා මගෙ පින්තූරයක් වැරදි විදිහට දාලා. ඒ ගැන පැමිණිලි කරන්න ඒකෙ ඉන්න නිලධාරිනියක් එවිට කිව්වෙ මේක නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක් නෙමෙයි. ඔයා ඒ පින්තූරය රිපෝර්ට් කරන්න කියලයි (නි)
කවුරු කළත් මේවා හොඳ වැඩ (නි)
ජනාධිපතිගේ වෙබ් එකට පැන්නා කියලා කට්ටිය හොයාගෙන අත්අඩංගුවට ගන්නවා. මේකෙත් එහෙම වනේන ඕනෙනෙ. ඔය පිටුව වැහුවා කියලා ඕක කරපු එකාට තව එකක් හදන්න පුලුවන්නේ.. (බ)
එක ෆේස් බුක් පිටුවක් තියනවා, ඒ අය නිල් චිත්‍රපටි දර්ශන පවා අපගේ ෆේස් බුක් පිටුවට එවනවා. සමහරවිට මේ තනනම් කරලා ඇත්තේ එ්ක වෙන්න ඇති. එහෙනම් හොඳයි. (නි)
සර්ට් එක කියලා එකක් තියනවා කියලා දැනගත්තෙත් අදයි. මේ ෆේස්බුක් පිටුව වැස්සුවේ මිනිස්සු. මෙයාලා දැන් එ්කෙනුත් නමක් හදාගන්න හදනවා. (නි)
රට යන අත....! (නි)
පිටුව අත්හිටෙවුවාට මදි. ඒ පිටුව පවත්වාගෙන ගිය පුද්ගලයා නීතිය ඉදිරියට ගෙනියන්නත් අවශ්‍යයි. එතකොට තමයි මෙවැනි කි්රයාවන් නවත්වන්න පුළුවන් වෙන්නෙ. (නි)