අඩු ආදායම්ලාභී පවුල්වල ආදායමෙන් තුනෙන් එකක ප්‍රමාණයක් සිගරට් හා මත්පැන් සඳහා යොදවන බව තොරතුරු හෙළිවීම නිසා ජනතාව මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළැක්වීමට සියලුම නිලධාරින්ගේ සහය අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අනුරාධපුර දිස්ත්‍රික් කමිටු රැස්වීමේ දී අද (15) පැවසුවේය.
“මත්ද්‍රව්‍ය නිසා රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් රෝගින් බවට පත්වෙලා. ලෙඩරෝග වලට වැළදිලා. ඒ නිසා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමට සියලු දෙනා අදිටන් කළ යුතුය.” අනුරාධපුරයේ වකුගඩු රෝගය පැතිර යාම ගැනත්, පිළිකා රෝගින් වැඩිවම ගැනත් එහිදී සිරිසේන මහතා අනාවරණය කළේය.
අනුරාධපුර රෝහලේ පිළිකා රෝගින් මුහුණපාන ගැටලු විසඳන බවත් ඒ සඳහා දෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදිකිරිමට ප්‍රතිපාදන ලබාදෙන බවත් ජනාධිපති පොරොන්දු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලේ සුදාලා වැරදි තමයි, නමුත් මිනිසුන්ට බලෙන් පොවන්නේනේ නෑ. තමුනුත් දැනගන්නට ඕනා පරිස්සම් වෙන්නට. (ර)
අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන නිසා අපි මේක පාර්ලිමෙන්තුවෙන්ම පටන් ගනිමු. (ර)
ඔබතුමාගේ කතාව හදවතින්ම අගයනවා (නි)
ඉහත සඳහන් නුවරාලියේ වසන්තගේ අදහස මා අගයනවා. අකුරක් නොදන්නා වෙලේ සුදා කෝටිපතියකු වී දේශපාලඥයින්ටද ආධාර කළ අන්දම එම නඩු විභාගයෙදී හොඳින් අනාවරණය වුණා. ඔහු පෝරකයට නියමවුයේ හෙරොයින් ග්‍රැම් 7.5 ළඟ තබාගැනීමටයි. එබැවින් මෙම නඩු විභාගයෙදී අනාවරණය වූ කරුණු මෙම උවදුර මැඩලීමට උපයෝගී කරගත හැකි හොඳම සාක්කියකි (නි)
අපේ පුර්ණ සහය ඔබ තුමාට. (ර)
මේක තුරන් කරන්න අමාරුයි ඒත් උත්සාහ කරමු. (ර)
ඉතින් මහත්තයෝ කෝ තාම කතා විතරනේ? කෝ වැඩ? ඕව අපිට කියා කියා හිටිය කියල වැඩක් වෙයිද? ඔබතුමා මේවා අපිට කියනවනම් අපි කාටද මේවා කියන්නේ? (බ)
හොඳ උත්සාහයක් (නි)
මත් උවදුර තුරන් කරමු. (ර)
මම පුද්ගලිකවම දන්නවා ජනාධිපතිතුමා සෙෘඛ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ විශාල උනන්දුවක් තිබුනා මේ ගැන. සිගරැට් පැකට්වල සියයට අසුවක් රූපමය අවවාද ඇතුළත් කිරීම වගේ දේවල් ඒ කාලේ සැළසුම් කළා (නි)
එහෙට මෙහෙට බෝලේ පාස් නොකර එක වැඩක්වත් කරලා පෙන්නන්කෝ, අඩුම තරමේ බලය පාවිච්චි කරලා එල්ලුම්ගහවත් ගේනන බැරි වුනානේ. මොකක්ද මේ වෙන්නේ කිසිම වැඩක් නෑනේ පේන්න. බොරු කයිය විතරයි. (බ)
ජනතාවගේ සහයෝගය නම් තියෙනවා. ඔබතුමාලගේ සහයෝගය තමයි ගොඩක් වටින්නේ (නි)
පුළුවන් වෙයිද ..? (බ)
ආදායම වැඩිකරන්න රජය මැදිහ් වෙලා එතකොට ඉබේම නවතී. වැඩි ආදායම් ලබන පවුල්වල ඔය ප්‍රශ්නේ නෑ නේද (බ)
මේක නතර කරන්න පුලුවන් නම් ලොකු ජයග්‍රහණයක් (නි)
මත්ද්‍රව්‍ය නිසා සිදුවන මහා විපත ජනතාව අතරට වේගයෙන් ගෙන යායුතුයි. සියලුම රූපවාහිනි මාධ්‍ය ආයතන අවම වශයෙන් සෑම ටෙලිනාට්‍යයක් අතරතුර විනාඩි තුනක පමණ කාලයකට මත්ද්‍රව්‍ය ආදීනව පිළිබඳ දැන්වීමක් ප්‍රචාරය කිරීමට ඉදිරිපත් වියයුතුය.එසේම ජනප්‍රිය කලාකරුවන් වැනි ජනතාව අතර රැඳී පිරිස්වල සහයෝගය ලබාගත හැක. එසේම පාසැල,ආගමික ස්ථාන වැනි සමාජයට කතා කළහැකි අය සම්බන්ධ කරගැනීම වැදගත්. (නි)
වෙළඳ කලාපයේ රබර් නිපැයුම් කම්හල්වලින් හොරෙන් පිටකරන පිළිකාකාරක රසායනික ද්‍රවයක් වන "ටොලුවින්" බැරල් පිටකිරීම වහාම නතර කරන්න. බියගම කලාපය අවට ගෙවල්වල මේවා යොදාගෙන නීතිවිරෝධීව අත්වැසුම් කම්හල් පවත්වාගෙන යනවා. (නි)
වෙලේ සුදා හෙළි කරපු තෝරු මෝරු ඔක්කොටම නිදහසේ ඉන්න දීලා අපිට කියනවා මත්ද්‍රව්‍ය තුරන් කරන්න උදවු කරන්න කියලා. වෙලේ සුදා කියපු ලොකු ලොක්කෝ මේ රටේ මත්ද්‍රව්‍ය තුරන් කරන්න ඉඩ තියයිද? (බ)
වෙලේ සුදා හෙළි කරපු තෝරු මෝරු ඔක්කොටම නිදහසේ ඉන්න දීලා අපිට කියනවා මත්ද්‍රව්‍ය තුරන් කරන්න උදවු කරන්න කියලා. වෙලේ සුදා කියපු ලොකු ලොක්කෝ මේ රටේ මත්ද්‍රව්‍ය තුරන් කරන්න ඉඩ තියෙයිද?? (ම)
වෙලේ සුදා හෙළි කරපු තෝරු මෝරු ඔක්කොටම නිදහසේ ඉන්න දීලා අපිට කියනවා මත්ද්‍රව්‍ය තුරන් කරන්න උදවු කරන්න කියලා. වෙලේ සුදා කියපු ලොකු ලොක්කෝ මේ රටේ මත්ද්‍රව්‍ය තුරන් කරන්න ඉඩ තියයිද? (අ)
සිගරට් මත්පැන් ලංකාවට ගෙන්වන එක නවත්තල දාන්නකෝ. (අ)
පාර්ලිමේන්තුවෙන්ම පටන් ගත්තොත් නරකද? (අ)
අපිත් හොඳට කන බොන අය ඒවා කරන්නේ අපි හොයන සල්ලිවලින් (අ)
සියලු දෙන කියා කියන්නේ ව්‍යාපාරය කරන අයත් එක්කද (බ)
රටේ ජනතාව වැඩි හරියක් රෝගීන් වෙලා තියෙන්නේ අරක්කු බීලම නෙමෙයි. සීමාවක් නැතුව කෘමි නාසක පරිසරයට එකතු වුන හින්දා. (ර)
ජනපතිතුමනි නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඊට සුදුසු විය යුතුයි (බ)
ගරු ජනදිපතිතුමනි ඔබතුමාට සියලු ශක්තිය දිරිය මේ කාර්ය සදහා ලැබේව එසේම මේ කටයුතු වලට අකුල් හෙලන හෝ විරෝදය දක්වන නීතිය හරියට ක්‍රියාවේ නොයොදන සියලුම දෙනාට දැඩි දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලනවා (ම)