ගුවන් ගමන් ද නැති නිසා සුදු අලියකු වී ඇති මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගබඩාවක් මහ කන්නයේ වී ගබඩා කිරීමට නොගන්නැයි කියමින් සේවකයෝ පිරිසක් ද, ගැමියෝ පිරිසක් ද අද උද්ඝෝෂණයක් කළහ.
වී පටවා ගත් ලොරි තුනක් එහි ළඟා වී ඇතැයි ද ඔවුහු කියති.
මේ ගැන විමසීමට වී අලෙවි මණ්ඩලයේ සභාපති දිසානායක මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.
හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයේ මේ වෑයම හෙළා දකින බව කියයි. වී ගබඩා කිරීමට ඕනෑ තරම් ස්ථාන සොයා ගත හැකි බව ද ඔහු පවසයි.

![s1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/s11.jpg)
![s2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/s21.jpg)
![s3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/s31.jpg)
![s4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/s41.jpg)
![s5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/s51.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගෙන් වත් පලිගන්න තියෙන උවමනාවට මෙහෙම දේවල් කරන එක හොඳ ද, අඩුපාඩු තියෙන ව නම් ගුවන්තොටුපෙළ හදලා ගන්නවා මිසක් හදපු දේ තවත් විනාශ කරන්න එපා. (අ)
වී ගබඩාවක් වත් හදා ගන්න බැරිද? ගුවන්තොටුපලේ වී දල ආයේ කවදාවත් දෙවෙනි ගුවන් තොටුපලක් හදන්න හිතන්න එපා ලංකාවේ.(අ)
වී දාන්නේ ගුවන් තොටුපළේ නෙමෙයි,ඒකට අයිති ගබඩාවකට. මේකේ ධාවන පථ වල ගොවියො ගම්මිරිස් වේලනකොට මේ කෑගහන අය කොහේද ඉඳලා තියෙන්නේ? (නි)
ප්‍රයෝජනවත් දේකට මේක යොදාගන්න එකේ වරදක් නැහැ (නි)
වී ගබඩා කරනවා ඇරෙන්න වෙනත් විකල්පයක් නව රජයට නැද්ද? පැවති රජයෙන් ඉදිකළත් මේවා මහජනතාවගේ මුදල්. අපි බලාපොරොත්තු වුණේ නවරජය අලුත් වැඩපිළිවෙලක් යටතේ මෙයින් වඩා හොඳ සේවාවක් ලබාගනීවි කියලයි. දැන්නම් පෙනෙන්නේ පසුගිය කාලේ කළ දේවල් හෑල්ලු කරනවා ඇරෙන්න අලුත් දැක්මක් නැති බවයි (නි)
මේවා ජනතා මුදල්. (නි)
දැනට ලාබ නැති කතාව ඇත්ත. සතියකට ගුවන්වාර 17කට වඩා මේකෙ තිබුනා. ඒකටත් හේතුව එම සැළැස්මෙහි අනිත් කොටස් පටන්ගෙන හෝ අවසන් නැති නිසා. ගුවන්යානා පුහුණු පාසල, අවට ඉදිවන කාර්මික නගරය නිදසුන්. සිල්ලර කඩයක්වත් දාපු ගමන් ලාබ ලබන්නේ නැහැ. එක රජයක් පටන්ගත් දේ රටේ අනාගතය ගැන සිතා ඉදිරියට ගෙනයාම සහ මේවා දියුණු කිරීමයි කළයුත්තේ. (නි)
ගුවන් තොටුපොළ ගබඩාව පිරෙන්නේ ගුවන් යානා ආවොත්නේ. ඉතින් ඒ ගබඩාවේ වී ගබඩා කළාම මොකද වෙන්නේ? අනික ගුවන් ධාවන පථයේවත්, ගුවන් තොටුපොළ ඇතුළේවත් නෙමෙයිනේ මේක වෙන්නේ. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කරන්න ඕනෑ. මේ රජය කරපුවා, පහුගිය රජය කරපුවා කියලා වැඩක් නැහැ (නි)
ප්‍රධාන පර්යන්තයේ නෙවෙයි ගබඩා කරන්නෙ. ගුවන් බඩු ගබඩා කරන පර්යන්තයේ. නිකම් තියෙන් එකේ ගොවීන්ගෙ වී ගබඩා කළාම මොකද. වාසිය ගොවීන්ටනෙ. (බ)
ඇතැම්විට මෙය ආවේගශීලි තීරණයක්. වී ගබඩා කිරීමෙන් මියන් වැනි සතුන් පැමිණීම වැලක් විය නොහැක. එත් වටිනා යන්ත්‍ර සුත්‍ර වලට මියන් ගෙන් හානි සිදුවිය නොහැකි යයි කිව හැක්කේ කාටද! ඒ වගේම වන සතුන්ද වී සොයා පැමිණිය හැක...ඕනෑම ව්‍යාපාරයක් බාහිරට හුරු වීමට කාලයක් අවශ්‍යයි. ගුවන් තොටුපල ගැන ද කිවහැක්කේ එයමයි.අවශ්‍ය නිසි දැක්මක් පමණයි. (අ)
මත්තල ගබඩා කරනවට විරුද්ධ නම් කාල්ටන් ගෙදර ගබඩා කරන එකයි ඇත්තේ.(ම)
ඔය පාර්ලිමේන්තුවත් ඉතින් හැමදාම රැස්වෙන්නේ නැති එකේ නිවාඩු දවස් වලට ඕකෙනුත් වෙන ප්‍රයෝජනයක් ගන්න බැරිද? හිමාල්, ධාවන පථ වල කවදාවත් ගම්මිරිස් වේලුවේ නැහැ. එළියේ තිබෙන පාරවල් වල තමයි ඕවා කළේ. (නි)
කටුනායක ගුවන් හමුදා කඳවුර සීගිරියට ගෙනයන්න 2000 දී විතර උත්සාහ කළා නේද? දැන් ඒක මත්තලට ගෙනියන්න බැරි ඇයි? (නි)
එජාප ආණ්ඩුව කාලයේ තමයි වී ගබඩාවල් වැහුවේ (අ)
දැන් ගුවන් තොටුපළවල් එතකොට වී ගබඩාවල් වෙනවද? (නි)
අනේ මෙහෙමත් රටක්? එදා රත්මලාන තියෙද්දී කටුනායක හැදුවා. කරපු දෙයක් රැකගන්න බලන්න. මෙවන් වැඩ නොකරන්න (නි)
මේක වැරදි තීරණයක්. කවුරු කළත් මේවා රටේ සම්පත්. (නි)
මහින්ද කළේ ජාතික අපරාධයක් නම් මේ කරන්නේ ඊටත් වඩා අපරාධයක් කියලයි මම කියන්නේ. යමක් දියුණු කරලා ප්‍රයෝජනයට ගන්න දන්නෙ නැති ආණ්ඩුවක් රටක් කොහොම හදන්නද? අප්‍රිකාවේ නොදියුණු රටවල පවා ජාත්‍යන්තර ගුවන් තොටුපළ එකකට වඩා තියනවා. (නි)
මම යෝජනා කරනවා ආණ්ඩුවට බැරිනම් මේක විශ්ව විද්‍යාලයේ කළමණාකරනණ පළපුරුදු නිළධාරීන් කිහිප දෙනෙකු එක්ක. භාරදෙන්න අඩු පිරිවැයකින් අවුරුද්දක් -එකම එක අවුරුද්දක්! වගේ කාලයකදී මේක වැඩකරන මට්ටමට ගේන්න පුලුවන් කියලා.. මේක අභියෝගයක්.. (ම)
නිකන් තිබෙන ගුවන් තොටුපළේ ගබඩාවල වී රැස්කර තැබීම හෙළාදකින අය බත් කන්නේ නැද්ද? (නි)
මේක වරදවා වටහා ගැනීමක්. ගුවන් තොටුපළ නෙමෙයි එහි ඇති ගබඩාවක් පමණයි පාවිච්චි කරන්නේ.නාමල් දැන් මොකටද කෑගහන්නේ? රාජපක්ෂ පවුල බොරු ආටෝපයට රටේ මහජන මුදල් වලින් කරපු පිස්සු වැඩ තමයි මේ අනවශ්‍ය ගුවන් තොටුපළත්. (නි)
මේක ජාතික සම්පතක්. මේ අයට අලුතෙන් ඒවා හදන්නත් බැහැ. හැදුවහම ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ (නි)
මත්තල ගුවන් යානා ගෙන්න ගෙන දියුණු කරන්න බැරි පරිසරයක්! නමුත්තාමත් සමහරු කියන්නේ දියුණු කරන්න කියලයි.කාරනා එකක් දෙකක් නම් කමක් නැහැ.අසස් යානා ගෙන්නනවා නම්අක්කර සියදහස් ගානකට ස්වබාවික ඉඩම් ජලාශ ,වැව්, පොකුණු, වනාන්තර,ක්ෂීරපාය,පක්ෂීන්,ගස් කෝලන් විනාශ කරමින් නගර ඉදිකර ජනාවාස කලයුතුය්! එය ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ඔබින්නෙය් නැහැ!වරායත් එසේමය්!අපට තිබුන ස්වාභාවික වරායෙන් හොදම වරාය ත්‍රිකුණාමල වරාය පුළුල් කරමින් විශාල නාවික වරායක් ආසියාවේම,හා බටහිර නාවික නැවතුම් පොලක් ඉදිකරන්න ඇයි බැරිවුනේය්,රටේ හොද ඉංජිනේරු කාර්මිකයන්,උපදේශකයන්,හවුල් කරගෙන රටේ අමුද්‍රව්‍ය වැඩිවශයෙන් යොදවාගෙන කරන සංවර්ධනයෙන්,රටේ රැකියා ප්‍රශ්න,වගේම ජනතාවගේ අතමිට සරු කළහැකි සංවර්ධනයන් බොහොමයක්,උදා කළහැකි අවස්ථා පසුගිය ආණ්ඩුව නැතිකරගත්තා! මත්තල අවට වැසියන් ආපනශාලා,හා කඩ කාමර ඉදිකර බලාපොරොත්තු වුණේය කුමක්ද?ඔවුන්ගේ ජීවන තත්ත්වය අද අවිනිශ්චිත බලාපොරොත්තුවක්!ඔය ගුවන් තොටුපල,ආණ්ඩුව පෙරලීමෙන් පසු වසා දමා ඇති ලෙසින් සමහරු අර්ථකථනය කරතිබෙනවා, රාජපක්ෂ ආණ්ඩුවට බැරිවුනා අඩුම ගානේ දේශීය ගුවන් සේවාවක් ආරම්භ කරගන්නට! අපේ කටුනායක ගුවන් පථය තව සැතපුම් ගණනාවක් පුළුල් කර රත්මලාන,පලාලි ත්‍රිකුණාමල යාපනය, යනාදී කුඩා ගුවන් තොටුපළවල් තවත් පුළුල් කර විදිමත් සංවර්ධනයක් ඉටු කරන්න බැරි වුණේ ඒවා වලින් කොමිස් මේවා තරම් නොලැබෙන නිසා නේද ජනතාවට නොතේරෙන්නේ ඇයි! (අ)
නාමල් ගේ සල්ලි වලින් හදපුවට මොනවද මේ ආණ්ඩුවෙන් කොරන්න යන්නේ. (අ)
ශිහාන්, එළියේ ගම්මිරිස් වේලන්නෙත් මොකෙක් වත් යන්නෙ නැති හින්දනේ? ඕකට දේශපාලන හෙංචය්යියෝ පත් කරලා එතන ඉඳන් නිකං පඩි කනවා.පාර්ලිමේන්තුව රැස් වෙනවා අදාළ දිනවලට. මෙතන වැඩේ පාලුවට ගිය තැනක ගබඩාවක හාල් ගබඩා කරන එක (බ)
රටකට දෙවනි ඡාත්‍යයන්තර ගුවන් තොටුපලක් අනිවාර්යෙන්ම අවශ්‍යයි… කොටි කටුනායක ගහපු වෙලාවේ ගුවන් තොටුපල වැසුව නිසා ඒ වන විට ලංකාවට එමින් තිබූ සියලු ගුවන් යානා ඉන්දියාවට හරවා යැව්වා… අපේ අය හිතාගෙන ඉන්නේ කවදාවත් මොනව හේතුවක් නිසාවත් කටුනායක වහන්න වෙන්නේ නෑ කියලා… මහින්ද මහත්තයා වැඩ කලේ රටේ අවශ්‍යතාවය ගැන හිතලා… මේ අය රඡයේ වී ගබඩා ටික පුද්ගලික අංශයට විකුණලා දැන් ගුවන් තොටුපලවල් හොයනවා වී ගබඩා කරන්න.. ඇයි කටුනායකත් රත්මලානෙත් වී ගබඩා කරන්න… එහෙම කරලා ගුවන් තොටුපලවල් ටික වහලා, ලංකාවට එන මගීන්ව ඉන්දියාවෙන් බස්සල, ඉන්දියාවේ ඉදන් ලංකාවට එන්න උමගක් හදන්න.. එහෙම නැත්තං කෝච්චියක් දාන්න (අ)
ලංකාවේ අඩුවෙන්ම පිටරට යන දිස්ත්‍රික්කය හම්බන්තොට පළාත ගුවන් තොටුපළෙක් හදල තියෙන්නේ වැරදි තැනක. ඉස්සර අපු ගුවන් යනා දැන් එන්නේ නැත්ත පාඩු හින්ද. එක හින්ද තාවකාලිකව වෙන දෙයකට පාවිච්චි කලට වරදක් නැහැ .(අ)
මේක තමා දේශපාලන කුහකකම කියන්නේ, හැබෑට බැරිද මේ වැඩේට අරලියගහමන්දිරේ හරි ජනාධිපති මන්දිරේ හරි ගන්න, නැත්නම් අර ඉස්සර කීව උතුරේ හරි ආරුගම්බේ හරි තියෙනටා කීව රජ මාලිගා 2 ගන්න? (අ)
ගුවන් හමුදා මුලස්ථානයට දුන්නම නරකද ? (අ)
ගුවන් තොටුපලේ ගබඩාවක වී ගබඩා කිරීමෙන්, ගුවන්තොටුපල නිතැතින්ම වී ගබඩාවක් ලෙස හංවඩු ගැහෙනවා.මේවා ජාත්‍යන්තරයටද යනවා. ලැබී ඇති හොඳ මංමාවත් වලින් ප්‍රයෝජනයට ගෙන ගුවන් තොටුපල මෙන්ම හම්බන්තොට වරයෙන්ද හොඳ ප්‍රයෝජන ගත හැකියි. හොඳ ඉවසීමක් සහ නිසි දැක්මක් තුලින්, මැලේසියාවේ මෙන් අපට නව නගර ඇතිකර මේවායින් ප්‍රයෝජන ගත හැකියි. මේවයේ ණය ගෙවන්නේ මහජන මුදල් වලින් නිසා,අවෙගශීලි නොවී, නිසි ලෙස ආයෝජනය කල යුතු බවයි මගේ අදහස. (අ)
මත්තල ගුවන් හමුදා මුලස්ථානයට දුන්නොත් නරකද ? (නි)
ඒකාධිපතිය රටම විනාස කරලා ඉවරයි.කවුරු ආවත් තව අවරුදු 100 කට ගොඩ ගන්න බැරි වෙන්නම ණය කරලත් ඉවරයි.(ම)
මේකේ පුහුණු පාසලක් දාන්න පුලුවන්ද කියලා හොයලා බැලුවලු. සුළං බලපෑම වැඩි නිසා පුහුණු වෙන නියමුවන්ට ගුවන්යානා ගොඩබස්සන්න පුළුවන් මට්ටමක් මෙතන නැතිලු. කොටින්ම මේක තවත් එක අසාර්ථක ව්‍යාපෘතියක්. ඉතින් වී හරි ගබඩාකරන එක හොඳයි. (නි)
ලංකාවේ අඩුවෙන්ම පිටරට යන දිස්ත්‍රික්කය හම්බන්තොට පළාත ගුවන් තොටුපළක් හදලා තියෙන්නේ වැරදි තැනක. ඉස්සර අාපු ගුවන් යානා දැන් එන්නේ නැත්ත පාඩු හින්දා. එක හින්ද තාවකාලිකව වෙන දෙයකට පාවිච්චි කළාට වරදක් නැහැ (ම)
නිකම් තිබෙන ගබඩා ප්‍රයෝජනයක් ගත්තම මොකට විරුද්ධ වෙනවද? (බ)
ඕවා වල් වදින්න දෙන්නත් එපා එහෙනම් ප්‍රයෝජනයට නොගෙන.(ම)
මොකක් වුණත් මේක දියුණු කරලා ගන්න විදියක් හිතන්නේ නැතුව මේ වගේ අමන වැඩ කරන්න නරකයි (ම)
අහස්යාන නැති ගුවන් තොටුපළවල් නැවු නැති වරාය වල් හරක් ලගින සම්මන්ත්‍රණ ශාලා තියෙන්නේ මුළු ලෝකෙන්ම ලංකාවේ හම්බන්තොට තමයි අඩු ගානේ වී ගබඩා වකට වත් දීල කියක් හරි ගත්තට වරදක් නැහැ නේද?(ම)
එයාලගේ කතා දැන් වැඩක් නැහැ. එයාලව ජනතාව දෙපාරක්ම ප්‍රතික්ෂේප කරලානේ තියෙන්නේ. රජය කියන විදිහට කරගෙන ඉන්න (නි)
මේ වගේ අපරාධ කරන්න එපා කියලයි අපිත් කියන්නේ (නි)
අනේ නාමල්, මේවා කොහේද ඉතින් දැන් දාන්න කියන්නේ? (නි)