මත්තල ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ බහලුම් ඒකකයේ ගබඩා තුළ වී අලෙවි මණ්ඩලය මගින් වී ගබඩා කිරීමට ගත් තීරණයට විරෝධය පල කළ ගුවන් තොටුපළේ සේවකයින් හතර දෙනෙකුට සහ ප්‍රදේශවාසීන් දෙදෙනෙකුට තිස්සමහාරාම මහේස්ත්‍රාත් රුවන් ඉන්දික ද සිල්වා මහතා රුපියල් ලක්ෂයක බැගින් වූ ශරීර ඇප මත (03) නිදහස් කිරීමට නියෝග කළේය.
වී ගබඩා කිරීමට ලොරි රථ පැමිණීමේ දී එයට විරෝධය පළකිරීම හා අයුතු ජනරාශිය , මත්තල ගුවන්තොටුපළට අනවසරයෙන් පුද්ගලයින් ඇතුළත් කිරීම යන චෝදනා යටතේ මොවුහු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුහ.
විරෝධතාවට එක්වූ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති විජිත උබේවර්ණ මහතාගේ සහෝදරයකුගේ අවමඟුලක් නිසා ඔහු හැර සෙසු හය දෙනා තිස්සමහාරාම අධිකරණයේ පෙනී සිටියහ. නඩු විභාගය දෙසැම්බර් 02 දිනට කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් කියන්නේ ඔය ජාතික අපරාධයකින් නිමවුණු මත්තල හොඳයි හොර හරක් පුනරුත්ථාපනය කරන්න (අ)
කවුරු හරිද කවුරු වැරදිද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
පියල්, හම්බන්තොට ඕන තරම් ගොඩනැගිලි ඇති. ඒත් එවා ගබඩාවක් වශයෙන් පාචිච්චි කරන්න අපහසුයි. එ් නිසා තමයි ගුවන් භාණ්ඩ තබන ගබඩාවෙන් කොටසක් මේ වෙනුවෙත් ගත්තේ. ගුවන් පථය හෝ පරියන්තය මේ වෙනුවෙන් භාවිතා කරන්නේ නෑ. (අ)
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කිවුවා වගේ වී ගබඩා කළ එක හරි. (නි)
මේවා කොහෙන් කෙළවර වෙයිද මන්දා? (නි)
මේ සියල්ල පුද්ගලික තරහව, අකමැත්ත නිසා කරනු ලබන අවිචාර ක්‍රියා. මේ වැනි වැඩ වලින් පෙනෙන්නේ . අපේ කෘර මනසිකතාව සහ අමන කම මිස වැරදි හද ගැනීම නොවේ .යහපාලනය යටතේත් තීරණ ගැනීම මේ වගේ නම් රටට " අහෝ" කියල තමා කියන්න වෙන්නේ. රටකට දෙවැනි ගුවන් තොටක අවශ්‍යතාව කටුනායකට ගුවන් තොතොට කොටි ප්‍රහාරයෙන් පසුවවත් තේරුම් ගන්න බැරි නම් අපිට ඉතින් දෙවියන්ගේම පිහිට තමා. ලෝකය පුරා ඕන තරම් උදාහරණ තියෙනවා මීට වඩා නාස්ති කියල හිතපු දේවල් අද සමහර රටවලට ආශිර්වාද වෙලා තියෙන හැටි. (අ) කරත්තය අදින ගොනගෙන් පර අහන්න ගියාම වෙන්නේ මේවගේ දේවල් තම. අපහු පහු වෙනකොට හොඳ හොඳ දේවල් දකින්න පුළුවන් වේවි.
මත්තලට කිලෝමිටර් හය හතක දුරින් වනාන්තර තියෙනවා කියල එයට එරෙහි වෙන අය,අත්තිඩිය කුරුළු අබය බුමිය කිලෝමීටරයකටත් අඩුවෙන් ආසන්නයෙන්ම තියෙන නිසා රත්මලාන ගුවන් තොටුපල ඉවත් කරන්න කියන්නේ නැත්තේ ඇයි?අනාගතය ගැන ටිකක් සිතා බලන්න. (අ)
මත්තල ගුවන් තොටුපල නිවැරදි ආයෝජනයක් නොවේ. නමුත් මේ උත්සාහය නම් කුහක කමට කරන දෙයක්.(අ)
නිකන් තියෙන ගබඩාවක වී දැම්මා කියලා මක්වෙනවද? (නි)
මේක නම් මහා කැත වැඩක්, මෙවන් ගුවන් තොටුපලක් දියුණු කරන්න බැරිකම පෙන්නනවා මේ බලධාරින්. හරිම කතා වැඩක් ජාත්‍යන්තර ගුවන් තොටුපලක් වී ගබඩාවක් කරන්න තරම් නුගත් බලධාරින්ද පාර්ලිමේන්තුවේ ඉන්නේ? (අ)
අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)
ගබඩා කළාට මිනිසුන්ගේ වී අරගෙන කොහෙද දාන්නේ? (නි)
මානව නිදහස! ප්‍රජාතන්ත්‍ර අයිතීන් කෝ? (අ)
ගංවතුර එන වෙලාවට මිනිස්සු පාසලට එකතුවෙන එකත් මෙහෙම බැලුවොත් වැරදියි. දිරලා යන ගබඩා වල වී ටික තාවකාලිකව ගබඩා කරලා තියන එකේ වැරැද්ද මොකද්ද? (නි)
මගේ පොද්ගලික අදහස නම්, මහා කැත වැඩක්. ලංකාවට නින්දාවන මෙවන් ක්‍රියා පිළිකුල් කරනවා මං. මොකද ලංකාවේ අන්තර්ජාතික ගුවන් තොටුපළ වී ගබඩා කරන්න යොදාගන්නවා නම් ඒකේ පුටු ගලවාගෙන ඇවිල්ලා වෙන අරහේ මෙහෙ සවිකරනවා නම් තනිකරම පළිගැනීමක්. මෙච්චර ලංකාවේ වී ගබඩා කරන්න ඉඩ තියෙද්දී මේකම ගෙන්න ඕනෑද? එතකොට ප්‍රවාහන පිරිවැය කවුද ගෙවන්නේ? අනික ගුවන්යානා වී ගබඩාවකට බාන්න කැමති වෙයිද රට වලින්. හරි නම් කරන්න ඕනෑ ගුවන් තොටුපළ ප්‍රවර්ධනය වන ක්‍රියා සහ ඒ පහසුකම් ඇති කිරීම, සංචාරක මං පෙත් විවර කිරීම වගේ දේවල් මිස මේ වගේ ක්‍රියා නොවේ. (නි)
ඔහොම කියනවා නම් නෙළුම් කුලුණ ප්‍රදීපාගාරයක් වශයෙනුත්, නෙළුම් පොකුණ රඟහල කුකුල්ලු ඇති කරන්නත්, හයි වේ එකේ වී වේලන්නත් ගන්නේ නැත්තේ ඇයි? අනේ මේ වගේ අයත් ලංකාවේ තවම ඉන්න එක ගැන කණගාටුයි. කිසිම සංවර්ධනයක් නැතුව ඉන්නද කල්පනාව? (නි)
බත් කන මිනිස්සුන්ට කන්න, වී ටික ඉඩ තිබෙන තැනක ගබඩා කරන එක වැරදියිද?(ම)
ලංකාවේ වී ගබඩා වල වී නරක් වෙනතුරු තියාගෙන නොසිට අඩුමගානේ සමෘද්ධිය ගන්න මිනිසුන්ට හරි දෙන්න ඕනෑ (නි)
විශාල මුදල් කන්දරාවක් වැයකරලා හදපු මේ වගේ තැනකින් දුප්පත් මිනිසුන්ට ආදායමක් ගන්න පුලුවන් විදිහේ දෙයක් කරනවා නම් නේද හොඳ? (නි)
මෙම ගුවන් තොටුපළ ලාබලබන ගුවන් තොටුපොළක් කරන්න තව අවුරුදු 50 ක්වත් යාවි. වී ගබඩා කරන්නේ ගුවන් තොටුපළේ නොවෙයි. එහි නිකම් තිබෙන ගබඩාවල. (නි)
රන්ජිත්, එහෙම කියලා කොහේහරි දාන්න බැහැනේ. අනික මුළු හම්බන්තොටම දාන්න තිබුණ එකම තැන මේකද?? අනික මේ මිනිසුන්ට අද විරෝධයක් දක්වන්න අයිතියක්වත් නැද්ද? (නි)
මිනිසුන්ට සාධාරණ කෝපයක් ඇතිවිය හැකියි (නි)
මේ වගේ වැඩක් නැති දේවල් කරන්න කලින් හිතන්න තිබුනා මේවා අපේ මුදල් කියලා. නිසි වටිනා දෙයකට යෙදෙව්වා නම් අපේ මිනිස්සු ප්‍රයෝජනයකට ගන්නවා.වැඩක් නැති පුහු වැඩ කරලා විනාශ කළේ මහජන සල්ලි විතරක් නෙමෙයි ස්බභාව ධර්මයත් විනාශ කළා.මේවා තවත් අලුත්වැඩියා කරන්න සල්ලි යොදවනවට වඩා නිසි පලක් ඇති දෙයක් කළා නම් තමා හොඳ.මෙහෙම වී ගබඩා කරන එකේ වරදක් නම් මට පෙනෙන්නේ නැහැ (නි)
හරිම කැත වැඩක්. මෙහෙම දැක්මක් අැති නායකෙයකුෙගන් අපට සංවර්ධනයක් බලාෙපාෙරාත්තු විය හැකිද? (අ)
මේ වැඩ වලින් අපිට හැඟෙන්නේ මේ ආණ්ඩුවට ඕනෑ ගිය ආණ්ඩුව කළ හැමදෙයක්ම අර්ථයක් රහිත දෙයක් කියලා පෙන්නන්න කියායි (නි)
රන්ජිත් සහ සමන් මහතාණනි, ඔබගේ අදහස් වලට මාද 100% එකඟ වෙමි. (නි)