මත්තල රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයේ තුළ සිටින මුව රංචුව ඉවත් කිරීමට සැලැස්ම සකස් කර දෙන ලෙසට මහාචාර්ය සරත් කොටගම මහතාට වනජීවී හා තිරසාර සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා උපදෙස් දුන්නේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමේ දී ඔහු මේ බව සඳහන් කළේය.
ගුවන්තොටුපොළේ ගුවන් පථයත්, ආරක්ෂිත වැටත් අතර ප්‍රදේශයේ කොටසක මෙම මුව රංචුව සිටින හෙයින් එම ප්‍රදේශය ආවරණය වන සේ මෙම වැඩපිළිවෙළ සකස් විය යුතු බවද ජයවික්‍රම පෙරේරා මහතා කිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුවෝ වී කන්නේ නෑ නේද? (ර)
අගමැතිතුමා පරීක්ෂා කළාට පස්සේ ඇවිත් බලන්න (බ)
ආණ්ඩුවේ වැඩ ඉතින් ඔහොම තමයි දරුවනේ. (නි)
අගමැතිතුමාගේ උපදේශකත්වය සහ දුරදක්නා නුවණ අගයමි. මහජන සම්පත් සහ ණය මීට වඩා වැදගත් ව්‍යපෘති වලට යොදවා රටේ දියුණුව සැළසිය යුතුව තිබුනත්, මහා ධනයක් වියදම්කර තනවා ඇති මේ ස්ථාන හැකි පමණ ආදායම් උපයන, රැකියා අවස්ථා වැඩිකරන මාර්ග බවට පත්කර ගතයුතුයි. මේවාට ගෙන ඇති ණය පියවීමට තව බොහෝ කාලයක් ගතවෙයි (නි)
පව් අනේ ! ඉඳල හිටලා හෝ " මත්තල රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන්තොටුපලට " ගොඩබාන අහස් යාත්‍රාවක් බලාගන්න ආපු මේ අහිංසක සත්තු කව්ද ආපහු කැලේට යවන්න හදන්නේ ? (ර)
ඉවත් කරන්න එපා අනේ. තව කොටි, වලස්සු වගේ සතුන්වත් ගෙනත් දාන්න. එතකොට අපිට පුළුවන් මත්තල සත්තු වත්ත බලන්න යන්න. (බ)
ක්‍රමක් ක්‍රමයෙන් වන සතුන් ද මේ වෙනස් වූ පාරිසරික තත්වයන්ට හුරු වනු ඇත. ඒ වාගේම නොබෝදා මෙම ගුවන් තොටුපල ඇතුළු ඇතැම් ව්‍යාපෘති පරීක්ෂා කළ අගමැති තුමා, සිය නිලධරයනට උපදෙස් දී ඇත්තේ ,මෙම යෝජනා ක්‍රම නිසි ලෙස වැඩට යොදාගෙන ආදායම ඉපයිය යුතු බවයි. එයද ඉතා හොඳ අදහසකි. (ර)