මත්තල සිට කටාර් රාජ්‍යය දක්වා පියාසර කිරීමට ගුවන් ගත වු යානයක මොණරකු ගැටීමෙන් එම යානය ආපසු මත්තල ගුවන්තොටුපෙළටම ගොඩ බැස්ස වීය . පුහුණුව ලැබූ ශ්‍රමිකයන් 28 දෙනකුද සමඟ188 දෙනකු මෙහි ගමන් කළ බව එහි කළමනාකරු පියදාස රත්නායක මහතා පැවැසීය.
මත්තල සිට කටාර් රාජ්‍යය දක්වා පියාසර කිරීමට ගුවන් ගත වු යානයක මොණරකු ගැටීමෙන් එම යානය ආපසු මත්තල ගුවන්තොටුපෙළටම ගොඩ බැස්ස වීය . පුහුණුව ලැබූ ශ්‍රමිකයන් 28 දෙනකුද සමඟ188 දෙනකු මෙහි ගමන් කළ බව එහි කළමනාකරු පියදාස රත්නායක මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අනතුරෙන් ෂුවර් එකටම කතරගම දෙවියොත් තරහා වෙනවා. මොනරා එතුමන්ගේ වාහනය.(නදී)
ලංකාව වගේ රටකට ගුවන් තොටුපළවල් දෙකක් වැඩක් නැහැනේ (අ)
පවු මොණරා.(නදී)
"මත්තල ගුවන්තොටුපලේදී සෙනසුරාදා(11)උදෑසන ගුවන් යානාවක් ගුවන්ගත කෙරෙන අවස්ථාවේ මොණරු දෙදෙනෙකු ගැටීම හේතුවෙන් හානි සිදුවු ඇත. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ” ෆ්ලයි ඩුබායි ” ගුවන් සේවයට අයත් යානාවකි. අනතුරින් ගුවන් යානයේ එන්ජිමකට හානි සිදුව ඇති අතර අනතුරත් සමඟ එහි සිටි මඟීන් 180කට හෝටලයක නවාතැන් දී පසුව කටාර් බලා යන යානයකට නංවා පිටත් කැර ඇත".(නදී)
විමුක්ති ඔබ හරි, සත්‍යපාල යනු අසත්‍ය පාලයෙකි.(නදී)
ලන්ඩන් ,රෝම ,මිලාන්,කොරියා ,සිට මත්තලට ප්ලේන් දාන්න බලන්න පුළුවන්නම් කට්ටිය.(නදී)
සමහර අය කොමෙන්ට්ස් දැම්මට මොනරුන් ඉහල අහසේ පියාඹන කුරුල්ලෙක් කියලවත් දන්නේ නැ. ඉතින් මේ අයගේ කොමෙන්ට්ස් වල තරම හිතාගන්න පුළුවන්. රටේ ඉන්නේ හුගක් මේ වගේ අය. මේ වගේ වයාපෘති නිර්මානය කරන්නෙත් මේ වගේ අය. අනාගත හත්මුතු පරම්පරාවක් නය කරලා ලෝකය හිනස්වන රටක් බවට අපේ මේ රට පත්වෙලා. කුරුලෝ කියන්නේ ලෝක ගුවන් සේවයට තියෙන මාරාන්තික අභියෝගයක්. දියුණු රටවල සැම ගුවන් තොටුපොලකම ආරක්ෂණ ක්‍රියා මාර්ග තියෙනවා මේ අනතුරු අඩුකරගන්න. මගින් හට මෙහි අනතුරක් දැනුනේ නැති උනාට ගුවන් කාර්‍ය මන්ඩලය දන්නවා මේක මාරාන්තිකයි කියලා. ලෝකේ කොහෙවත් කැලේ මැද සිවිල් ගුවන්තොටුපලක් හදල නැහැ. (නදී)
දැන් මේකට කරන්න තියෙන්නේ ලොකු කතා කියන එක නෙමේ. මේක නාස්තියක් නොවෙන්න අවශ්‍ය කටයුතු කරලා නියම ගුවන් තොටුපොළක් කරන එක.(නදී)
ගුවන් තොටුපලක් කැලෑවක හදන්නේ නැතිව නගරයක් මැද්දේ හදන්නද? ගම නොහදා රට හදන්න බැහැ! සංවර්ධිත රටක් කියන්නේ ගමත් නගරයත් ඒකාකාරීව දියුණුවුනු රටවල්. (නදී)
සාරා සහ සනත් ඉන්දිකා කියන කතා සම්පුර්ණ ඇත්ත. ගුවන් බලපත්‍රය දැක්කහම සැලකිලි දෙකයි. පිටරට ගුවන් බලපත්‍රයක් දැක්කහම කට්ටිය දෙකට නැවෙනවා.(නදී)
ලංකාවට 100% ගැලපෙන ගුවන් ප්‍රවාහන මොඩලය වන්නේ, කටුනායක ගුවන් තොටුපොලට නව පර්යන්ත හා ධාවන පථ එකතු කර රට අභ්‍යන්තරයේ දේශීය ගුවන් තොටුපොළවල් ඇතිකිරීමයි. තවද, පාඩු ලබන මිහින් එයාර් සමාගම අභ්‍යන්තර ගුවන් සමාගමක් ලෙසට වෙනස් කර වඩාත් ඵලදායී ලෙස මෙහෙයවීමයි. දේශපාලන ඇස්බැන්දුම් වලින් සිදුවන්නේ ලංකාව තවත් ආර්ථික අතින් පහලට වැටීමයි. (නදී)
මොණරට මොකද කලේ ? (නදී)
සමහර අය කියන කතා දැන් හරියනවා.(නදී)
ඕක මොකද්ද ? මුහුදේ යන නැව් පෙරලෙන්නේ තල්මහගේ ඇගේ හැපිලා. (නදී)
කතරගම දෙවියන්ගේ වාහනේ අනතුරේ.(නදී)
අනේ අපේ මිනිස්සුන්ට රට පිළිබද තියෙන හැගීම තේරෙනවා මේවට ලියන විදියෙන්. ඕවා සාමාන්‍ය සිදුවීම් අදිවේගී මාර්ග හදනකොටත් එය වගේ කෑගැසුවා.(නදී)
වැරැද්ද වැරැද්දක් ලෙස දකින්න බැරිකමත් එක්තරා කාලකන්ණි කමක් බව මෙහි අදහස් ලියන ඇතැමුන්ගේ නොමේරු වදන් වලින් පැහැදිලි වෙනවා. මේ අඳ බාලයින්ට උත්තර ලියන වා වෙනුවට ශාස්ත්‍රීය හා විද්‍යාත්මකව මේ තීරයට දිගටම ලියන්න කියා රටට ආදරේ සැමගෙන් මා ඉල්ලා සිටිනවා. (නදී)
මේ සිද්ධියට මේ තරම් ලොකු ප්‍රචාරයක් දෙන්නේ ඇයි කියලා මට නම් හිතා ගන්නවත් බෑ. කාලයක් හම්බන්තොට වරායටත් මේ වගේම දේවල් කිව්වා. බලන්න දැන් තත්වය ගොඩක් වෙනස් වෙලා. අද හම්බන්තොට වරාය චීනයට මුදල් උපයා දෙන ආදායම් මාර්ගයක් වෙලා. මෝඩ මිනිසුනේ ඕනම දෙයක් ගැන දේශපාලනික කෝණයෙන් බලනකම් ඕක හරියන්නේ නෑ කියන මතයෙන් බලන්න එපා. මහින්ද ජනපතිවරයා මෙහෙම වත් ගුවන් තොටක් හදපු එක ගැන සතුටු වෙයල්ලා. (නදී)
පාරවල්වල බල්ලෝ හරක් වගේ සත්තු නිසා අනතුරු වෙනවා. ඒ නිසා පාරවල් වහල වාහන ධාවනය නතර කරනවද? (නදී)
හැම දෙයක් දිහාම කුඩා කෝණ වලින් බලන්නේ නැතුව ටිකක් පුළුල්ව බලන්න පුළුවන් නම් හොඳයි නේද? (නදී)
මේ කියන විදියට ගුවන්තොටුපොළක් හදන්න තිබ්බේ ගෝල් ෆේස් එකේ හරි බම්බලපිටියේ කොල්ලුපිටියේ හරි, නැද්ද මන් අහන්නේ?(නදී)
ටිකක් ඇස් ඇරලා බලන්න සංවර්දනයේ මුවාවෙන් රට ආර්ථික ,සාමාජික විදිහට වැටෙන්න යන ප්‍රපාතය. රටක් සංවර්දනය වෙන්න අපනයන අංශය හොදින් තියෙන්න ඕනේ. මීට අවරුදු 10 කට පෙර අපනයන අංශය සහ දැන් තත්වය පොඩ්ඩක් බලන්න. අබ ඇටේ පටන් ආනයනය කරනවා. මොකද අපේ රටේ වගා කරන්න ගොවියෝ නැද්ද? ඇහෙම නැත්නම් ඉඩම් නැද්ද? උත්තර දෙන්න බලන්න. (නදී)
බන්දුල පෙරේරා අතුරුදහන් වෙලාවත්ද? (නදී)
මම ගුවන් යානා සියයක විතර ගිහින් තියෙනවා. මේවා සාමාන්‍ය දේවල්.(නදී)
මොණරුන්න්ට ඔච්චර උඩ පියාඹන්න බැහැ.(නදී)
අනේ මන්දා මොනවා වෙයිද කියලා (දී)
රට වටේටම මුහුද ,බලන බලන හැම පැත්තම කොලපාට. හොදට වතුර තියනවා. ශිත සෘතුවෙන් කරදරයක් නැහැ. පිටරට වල වැඩකරන ලංකාවේ මිනිස්සු දක්ෂයි. පාර දෙපැත්තේ පලතුරු එළවලු කඩ මීටර් 100 න් 100 ට. ඇයි උබලා රට අතහැරලා යන්නේ ?(විදේශිකයන් කීප දෙනෙක් මගෙන් අසු ප්‍රශ්න හැම වෙලේම මම අහසට ඇගිල්ල දික්කරල දෙවියෝ තමයි දන්නේ කියල ශේප් වෙනවා.(නදී)
අපි නොදන්නවා උනාට ලෝකෙත් මෙවන් වැඩ ඕනා තරම් වෙනවා, මේ සිද්දිය අපි දකින්නේ දේශපාලන ඇසකින් නිසා අපිට පෙන්නේ වැරදි විදිහට (දී)
මංජුල අබු ඩාබි සිට 2014-01-11 22:12:51 හාවා හද දකිනවා වගේ අවුරුද්දකටම එන්නෙත් එක ගුවන් යානයයි.(නදි)........ මෙය මවිසින් කරන ලද ප්‍රකාශයක් නෙවෙයි කරුණාකර ඉවත්කරන්න. (දී)
ජිවිත කියක් නම් විනාශ වෙනවාද තව ටිකකින් (දී)
කුරුල්ලෙක් පෙනවා කියන එක සාමාන්‍ය දෙයක් (දී)
ඔය වදෙන් වෙන්නේ ලන්කාවෙ මොනරු අඩු වෙන එක (දී)
වනාන්තර මැද්දේ ගුවන් තොටුපොළවල් හැදුවම මේවට මුහුණ දෙන්නත් වෙනවා.(නදී)
මොණරෑට පුලුවන්ද ඔය තරම් උඩ යන්න (දී)
මත්තල ගුවන් තොටුපොල විවෘත කළ දවස් වල කියපු රට රටවල් වල ගුවන් යානා දැන් එන්නේ නැද්ද? 28 දෙනකු අරන් ගුවන් යානයක් ගුවන් ගත වෙනවා ඇහැව්වමයි.(නදී)
මොණරා කුමටද ඉගිලෙන්න ගියේ , (දී)
මම නම් නිකන් ගුවන් පතක් මගේ අතට දුන්නත් මත්තලින් නම් යන්නේ නැහැ. මොන යකාද නිකන් දුන්නා කියලා මැරෙන්න යන්නේ.(නදී)
ඔය පළමු සිදු වීම නෙමෙයි. මීට පෙරත් කුරුල්ලන් වැදීම නිසා මත්තල ගුවන්තොටුපොළට සහ බණ්ඩාරනායක ගුවන් තොටුපොළට ගොඩ බස්සපු අවස්ථා ගණනාවක් තිබුනා.(නදී)
උදේ 7.45 ට ඩුබායි බලා ගුවන් ගත කළ ප්ලයි ඩුබායි ගුවන් යානය තවමත් මත්තල. ඒකට මොකද උනේ? (නදී)
ඇයි කෆීර් ,මිග් යානා නග්ගලා සද්ද දාලා, අහසට වෙඩි මුර තියලා,මගුල් බෙර වාදනය කරලා නෙමෙයිද ඔය යානාව මත්තලින් නැග්ගුවේ? (නදී)
සියලු දෙවිවරුන්ගේ පිහිටෙන් මත්තලින් නිරුපද්‍රිතව යානය ගොඩ බස්සවා ගත්ත කියමුකෝ. ඊට පස්සේ මත්තල ඉඳලා කොලඹ එනකොට අලියා ගැහැව්වොත් කොහොමද? (නදී)
කවදා හරි කටුගෙයක් වෙයිද? (නදී)
අපරාදෙ සල්ලි.(නදී)
ඔය ටික කලින් කිව්වා . කවුරුත් ඇහෙව්වේ නෑ. දැන් කල් ගියා. ගිය හකුරට නාඩන්නේ තියන හකුර රැක ගන්නේ. (නදී)
ආස්චර්යන් සඳහාම ඉදිකළ අපේම ගුවන් තොටුපොල.(නදී)
තවම ගුවන් යානා වල කුරුල්ලන් හැපුනා විතරයි. ගුවන් ගත වීමට එන යානයක එන්ජින් එකට මොනරෙකු ගිය දාට දෙවියන්ගේ පිහිටයි. යලට මහට මත්තලට එන යාන වලට කුරුල්ලන් හැපුණු තුන්වෙනි පාර. සමහරුන්ට මෙය සාමාන්‍ය කාරණයක් කියන්නේ. (දී)
මේ පක්ෂීන්ට නිදහසේ පියාඹන්න තිබෙන අවකාශය බලෙන් පැහැරගෙන. රටේ අවිචාරවත් සංවර්ධන නිසා සතා ,සිව්පාවා ඇතුළු ස්වාභාවික පරිසරය දිනෙන් දින විනාශ වෙනවා. සතුනට ඔවුනගේ පරිසරය අහිමිවනවා සේම මගීනට විස්වාශයෙන් ගුවන් ගත වීමට ද නොහැක.(නදී)
මීට මාස දෙකකට පෙර ඕස්ට්‍රලියාවේ බ්‍රිස්බන් සිට ග්ලැස්ටන් නගරය වෙත යන, මගීන් 120 පමණ සිටි ගමන්කළ කොන්ටාස් ගුවන් සේවයේ යානයක් ඉහලට ගනිද්දී කුරුල්ලෙකු වැදීම නිසා ගුවන් ගතකර විනාඩි 10-15 න් ආපසු ගොඩ බෑවා. විනාඩි 45 ක් පරීක්ෂාවෙන් පසු නැවත පිටත්වුණා. මේ සිදුවීම වුන ගුවන්යානයේ මා සමග අප ආයතනයේ වැඩට යන 25-30 අතර පිරිසක් සිටියා. එහෙත් එම සිදුවීම අනෙක් අය කිසිදු ලෙසකින් ගණන් ගත්තේ නෑ. අඩුම තරමින් එවැන්නක් සිදුවූ බව එකට වැඩකරන අන් අය සමග කියන්නටවත් කිසිවෙක් නෑ. එහෙත් මා පමණක් මේ ගැන කිහිප දෙනෙකුටම කීවා. ඒ අපේ හැටි. පොඩි දෙයකටත් අපි කලබල වෙනවා. තල මලක් පිපුනත්,දෙබිඩි කෙහෙල් ගෙඩියක් ගැන ඇහුවත් පුදුමවෙලා බලන්න පිරෙනවා. ඒකනේ "අටපට්ටම" වැඩසටහන හරිම ජනප්‍රිය.(නදී)
අනේ මගේ මොණරා.(නදී)
මත්තලට නත්තල්ද? (නදී)
මෙම යානය අයත් ගුවන් සේවය කුමක්ද ? (නදී)
පහන් ඔබ හරි. මම මගෙන්ම අහගෙන තියනවා. එත් උත්තර නැහැ. (දී)
ඇන්ටන් මේක අයත් ගුවන් සේවය ඩුබායි.(නදී)
අපරාදේ ෆ්ලයි ඩුබායි.(නදී)
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නිල ලාංඡනය වන මොණරාට ඇයි මෙහෙම වුනේ. අබුඩාබියේ මංජුල ඔබ සත්‍යවාදියෙක් වැරැද්ද නිවැරදි කලාට එය අගය කලයුතුයි.(නදී)
සත්‍යපාල, ඔබ සඳහන් කර තිබෙන දෙය හරියටම හරි. මීට මාස කිහිපයකට පෙර කටාර් එයාර්වේස් යානයක් හදිසි ගොඩ බැස්සවිමක් කලා අයිස් කැට වැඩි යානයේ ඉදිරිපස කොටසට හානි වීම හේතුවෙන්. මෙවන් සිදුවීම් ලොව කොහෙත් සිදුවෙනවා. අවශ්‍ය නම් අන්තර් ජාලයෙන් නිදසුන් ඕනෙ තරම් සොයා ගත හැකියි. හැම දෙයක් දිහාම කුඩා කෝණ වලින් බලන්නේ නැතුව ටිකක් පුළුල්ව බලන්න පුළුවන් නම් හොඳයි නේද. (නදී)
එක පැත්තකින් අහිංසක සතුන් විනාශ වෙනවා. අනිත් පැත්තෙන් දරාගත නොහැකි බදු බරක් අපිට බලෙන් පටවා ඇති නිසා අපි ජීවිත කාලයම මේවට ගිය වියදම පියවන්න නය ගෙවනවා. අවසානයේ මිනිස්සුත් ඉවරයි,අහිංසක සතුනුත් ඉවරයි.(නදී)
අපරාදේ මේවාට වියදම් කරපු මුදල්. (නදී)
ඕක තමයි කීවේ මත්තල ගුවන්තොටුපොළ අසාර්ථකයි කියලා.(නදී)
අනාගතයේ මෙය ගුවන් හමුදා පුහුණු කඳවුරක් කරන්න.(නදී)
මත්තල කියන්නෙ ඉන්දියාවෙ කොටසක් නෙවේ. අපේ රටේම කොටසක් මෙතන කමෙන්ට් දාන කට්ටිය බලන්නෙ දේශපාලන කෝණයෙන්. මේ වගේ දේවල් ලෝකෙ කොහෙත් වෙනවා. ඉස්සර කොළඹත් අලි හිටියලු කවදා හරි දවසක මෙම ගුවන් තොටුපල වහලා දාන්නෙ නෑ ඉස්සර ප්‍රේමදාස මහත්තයා කරපු සංවර්දන වැඩත් මේ වගේම විවෙචනය කලා. ඒත් දැන් ඒවයෙ ප්‍රතිලාබ හැමෝම භුක්ති විඳිනවා.(නදී)
දාල තියෙන කොමෙන්ට්ස් වලින් පේනවා අපේ අය හිතන විදිහ. අපිට මෙහෙම වෙන එක සාධාරනයි.(නදී)
කව්ද මේකේ වගකීම බාර ගන්නේ?(නදී)
උඩින් පියාඹන මොණරු දැකලා තියෙනවද? (නදී)
නුවන්, සත්‍යපාල ඔබලා කියන දෙය සහ මෙතන වෙනස 100%. ඒක තේරුම් ගන්න බැරි මොකද? දැන දැනම ගුවන් තොටුපල කුරුළු අභයභූමි වල හදන්නේ නැහැ. එහෙම හැදුවා කියල ජාතියන්තර ගුවන් සේවා එන්නෙත් නැහැ. මේක සුදුසු තැනක හදපු නැති එක තමා ප්‍රදාන ප්‍රශ්නය.(නදී)
මිල්කෝ එක අතිරික්ත කිරි ඉවත දමනවා ප්‍රමාණවත් මැෂින් නැති නිසා. තිබෙන මැෂින් පරණ නිසා නිතරම කැඩෙනවා. අලුත් මැෂින් දෙකක් ගෙනාවා නම් නිෂ්පාදන ධාරිතාවය තව ටිකක් වැඩිකර ගන්නවා. නැතිනම් කිරි පිටි කම්හලක් සඳහා මේ මුදල් ආයෝජනය කළා නම් කිරි පිටි ආනයනය සීමා කරන්න තිබුනා. අපරාදේ මේ සඳහා වියදම් කල රටේ ආර්ථිකයට උහුලන්න බැරි මේ මුදල් කන්දරාව.ඉතින් පරම්පරා ගණනක් යනකල් ගෙවමුකෝ මේ ණය.(නදී)
ඔය ලියන කව්රුත් තමුන්ගේ ඉන්න තැන සොයා බැලුවොත් අවරුදු 50 -100ඉස්සෙල්ලා (දී)
අයියෝ සල්ලි.(නදී)
මෝඩ මිනිස්සු. පව් අසරණ අනාගත පරම්පරාව.ගුවන් යානයකට කුරුල්ලෙක් වදිනවා කියන එක ලේසි වැඩක් ද කියල ඒවයේ වැඩ කරන කෙනෙක්ගෙන් අහල දැන ගන්න. (අ)
අයියෝ සල්ලි.(නදී)
මටනම් හිතෙන්නේ මේ කට වගකියන්න ඔනෑ ගුවන් තොටුපොළේ පාලක මැදිරිය .මොකද මොණරා අපිට ආගන්තුක සතෙක් නෙමේ. එයාර් ලංකා එකෙත් ලාංචනය මොණරා? එතකොටත් ගුවන් යානා කිසි කරදරයක් නැතිව නැගුවා බැස්සුවා .පාලක මැදිරියට තිබුණා වගකීමක්.. ගුවන් යානයක් නගන්න ඉස්සෙල්ලා චුට්ටක් ඔලුව දාලා බලන්න තිබුණා ගුවන් පථයේ මොනරෙක් ඉගිල්ලෙන්න ඉන්නවද නැද්ද කියලා බලන්න. එහෙම හිටියනම් ඉස්සෙල්ලා මොනරට පියාසර කරන්න සිග්නල් දීලා පසුව ගුවන් යානය ගුවන් ගත කරන්න තිබුණා. මෙතන එහම වෙලා නැහැනේ.(නදී)
අනතුරුදායක තත්වයක් ඇතිව ගුවන් ගමන් සඳහා මෙම ස්ථානය යොදා ගන්නවා වඩා පක්ෂීන් නැරඹුම් මධ්‍යස්ථානයක් සමග සරුංගල් යවන ස්ථානයක් බවට පත් කලොත් මීට වඩා ආදායමක් ලැබේවි. සුලන් අධික නිසා සරුංගල් යැවීමට සංචාරකයොත් පැමිණේවි. (නදී)
මට දුක වරායටත් මෙයටත් එකම ඉරණම අත්වීම. (නදී)
නුවන්, සත්‍යපාල ඔයාල කියන සිද්දිය මේකට සමාන නෑ. ඉහල අහසේදී යානාවල කුරුල්ලෝ වැදුන අවස්ථා තියනවා. හැබැයි මේකේ වැදිලා තියෙන්නේ මොනරෙක් මොනරු ඉතා ඉහල අහසේ යන්නේ නෑ. මේ ගුවන් තොටුපල හැදුවේ පරිසර වාර්තා ගණන් නොගෙන අභය භූමියක් මැද ඒකයි අලි, කිබුල්ලු, මොනරු එන්නේ. ගිහින් බලන්න ගුවන් තොටුපල ඇතුලේ වහල ඉන්න කුරුල්ලෝ.(නදී)
1982 පමණ කටුනායකදී හරකා හැප්පුන එක මතකද? (නදී)
සත්‍යයේ නාමයෙන් සත්‍යපාලලා බොරු කියන කොට ඇස් අන්ධවූ නුවන් ලා අඳුරේ අතපත ගානවා. ඝන වනාන්තරයක් මැද්දේ ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෝකයේ ප්‍රථම වරට හැදුවේ ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ. පොඩි ළමයෙක් පවා දන්නවා ගුවන් පථයට අලි ඇතුළු සතුන් එන්න ඉඩ තියෙනවා කියා. පසු ගිය මාසයේ අලි-ඇතුන් 4ක් මත්තල ධාවන පථය රකින්න ඇදපු විදුලි රැහැන් වල ගැටී එක දවසෙම මිය ගියා. ඉතිහාසයේ වැරදි පාලකයින්ට දඬුවම් කරන්න නිවට මිනිසුන් අපොහොසත් වූ හැම අවස්ථාවකම පාලකයින්ට දඬුවම් කරන්නේ පරිසරයයි. මිනිසුන් රට රකින සතරවරම් දෙවිවරු කියා විශ්වාස කරන්නේ ඔය කියන ස්වභාව ධර්ම බලවේගයයි.(නදී)
කවුද ඇහැව්වේ ගුවන් යානා කීයක ගිහිල්ලා තියෙනවද කියලා . නයි නයි නයි.(නදී)
නුවන්ලා සත්‍ය පාලලා පෙන්නන්න හදන්නේ තමන්ගේ මෝඩකම මිසක් දැනුවත් බව නෙවෙයි.(නදී)
උගතුන්ගේ බස නාහා ඔක්කොම සංවර්ධන එහෙ කරගත්තා. වරාය හදලා මුදල් කාබාසිනියා කලා මදිවට ගුවන් තොටත් එහෙම ගහගත්තා. මේක හරි යට බෝධීන් වහන්සේ පිළිකන්නේ හදා ගත්තා වගේ වැඩක්. පුජාව තියන්න කවුරුත් යන්නෙත් නැහැ, කපා දාන්නත් බැහැ, බෝධියනේ.(නදී)
හෙට අනිද්දා යානයක අලියක් හැප්පුනා කියයිද දන්නේ නැහැ.(නදී)
මා දන්නා තරමට මොනරුන්ට ඉහල අහසේ අනිත් කුරුල්ලන් වගේ පියාඹන්න බෑ, මේ ගුවන් යානය මොණරෙක් ගැටුනේ නම් ගැටීම යානය ගුවන්ගත කිරීමකදී වෙන්න ඇති, මේකත් බරපතල තත්වයක් නොවේ.(නදී)
මොනරට මොකද වුනේ දෙවියනේ. බෙහෙත් කලාද මිය ගියාද? කවුරුත් ඒ ගැන කතා නැහැ.(නදී)
කොළඹ ජිවත් වන අයට කටුනායක ගුවන් තොටුපල ඉතා වැදගත් නම් දකුණේ අයට මේ ගුවන් තොටුපල ඉදිකිරීමෙන් ප්‍රශ්නයක්ද ඇත්තේ? එසේනම් රටකට අවශ්‍ය එක ගුවන් තොටුපලක්ද මෙහෙම පටු විදියට හිතුවොත් ඉදිරි අනාගතය දකින දරුවන්ටත් අනාගතයක් තිබේද ? (නදී)
කතරගම දෙවියෝ කෝපවෙන වැඩක්.(නදී)
මොනරට අමාරුද දන්නේ නැහැ නේද? (නදී)
ඔය විදියට හිතුවා නම් වනාන්තර ප්‍රදේශ වල කිසිම සංවර්දනයක් කරන්න බැහැනේ.(නදී)
මත්තල අදට නොවේ හෙටටයි.(නදී)
තම පුද්ගලික මුදල් හිතුවක්කාරී ලෙස වියදම් කල හැකි වුවද ,ජනතා මුදල් ආයෝජනය කරන විට බලධාරීන් මීට වඩා වගකීමකින් ක්‍රියා කලයුතුය. විරුද්ධ පක්ෂවල, පරිසරවේදීන්ගේ ,සහ ආර්ථික විද්‍යාඥයින්ගේ,මත වලටද අවධානය යොමුකළ යුතුය. ක්ෂණිකව ගන්නා උඩඟු තීරණ නිසා වන අලාභයට වන්දි ගෙවිය යුත්තේ සමස්ත ජනතාවටමය.(නදී)
රට කට ගුවන් තොටු පොළ වල් 2 හෝ 3 තිබීම හොදයි. එහෙත් මෙතැන ප්‍රශ්නය මේ ගුවන් තොටුපල මේ ඉදි කල ස්ථානයේ වැරද්දයි සතුන්ගේ අභය භූමියක් හා සංචාරක කුරුල්ලන් පැමිණෙන ස්ථනයක ගුවන් තොටුපලක් එක්කෙනුකුගේ හෝ කීපදෙනෙකුගේ ආශාවට හදලා මිල මුදල් විතරක් නොවේ සත්ව ජිවිත මිනිස් ජිවිත පවා නැති කර ගන්නයි මේ හදන්නේ.(නදී)
සංජය.ඉස්සර ප්‍රේමදාස මහත්තයා කරපු සංවර්දන වැඩත් මේ වගේම විවෙචනය කලා. ඒත් දැන් ඒවයෙ ප්‍රතිලාබ හැමෝම භුක්ති විඳිනවා. මොනවා කියනවද ගිය සතියේ අපේ පවුලේ උදවිය කතරගම ගිහින් වැසිකිලියට ගියෙත් එක්කෙනෙක් රුපියල් 20 ක් ගෙවලා. දැන් දැන් කතරගම වැසිකිලියත් ආදායම් මාර්ගයක් කරගෙන. (නදී)
සමන්ත ගේ කටට මසුරන් දාන්න වටිනා කතාවක්.(නදී)
මෙවැනි වාර්තා නොවන සිදුවීම් කොපමණ ඇද්ද? (නදී)
මේ සඳහා වඩාත් ලාභදායි විසදුමක් යෝජනා කල හැක. වාහන කීපයක් යොදා විදේශ ගතවීමට කොළඹ සිටින මගීන් මත්තලට රැගෙන ගොස් ,එම වාහන ආපසු කොළඹට එන විට අහසේ පියාඹන්නට බලා සිටින මොණරුන් ඇතුළු පක්ෂීන් එකතු කර කොළඹ ගාළු මුවදොර පිටිය ඔවුනට ලබාදීමයි. දවස නිමා වෙද්දී පක්ෂීන් ආපසු මත්තලටත් ආපසු එන මගීන් කොළඹටත් ගෙන ඒමයි.(නදී)
මේ ගුවන් තොටුපොල "දඹුල්ලේ" හැදුවා නම් කොච්චර හොඳද? එහෙනම් ආර්ථික වාසි රැසක් ලබාගන්න තිබුන.(නදී)
එක එක්කෙනාගේ ප්‍රතිරූපය ගොඩ නගා ගන්න දුර දිග නොබලා කරන ව්‍යාපෘති නිසා වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ අපි හැමෝටමයි. (නදී)
රට සංවර්දනය වෙනවට අපි හැමෝම කැමතියි. ඒත් සංවර්දනයට හොද දැක්මක් තියන්න ඕනා.
හරි සැලැස්මක් නැතිව එක එක්කෙනාට හිතෙන හිතෙන විධියට කරන සංවර්ධනයේ තවත් ප්‍රතිපලයක් . නුවර - මහියංගනයේ පාරේ 18 වංගුවේ අද උදේ විශාල කළු ගලක් පෙරලිලා තිබුණා. (අ)
ගගට ඉනි කැපුවා වගෙයිද? (නදී)
පොඩි වැඩයි තියෙන්නේ, ක්‍රමය කියන්නේ නැහැ , මොකද අපි අරාබියේ ශ්‍රමිකයන් නිසා කිසිම සැලකීමක් ,උදව්වක් නැහැ, අපිව මංකොල්ල කනවා ඇරෙන්න. (නදී)
මේ සිද්දිය අපේ රටේ අයට අලුත් දෙයක් උනාට ගුවන් යානා වල කුරුල්ලන් වදින එක අනිත් රටවල් වල අයට නම් සාමාන්‍ය දෙයක්.(නදී)
මේවා ලෝකයට සාමාන්‍ය දේවල්. ලංකාවට තාම අලුත්. කටුනායකත් ඔය වගේ දේවල් වෙනවා. හැබැයි වාර්ථා පල නොවෙන එකනේ පුදුමේ. ඒත් ඇත්තටම මත්තල වැඩක් තියෙනවාද අපිට? කටුනායකට තවත් ධාරිතාවන් දරා ගැනීමට හැකියාව තිබියදී මේ ගුවන්තොටුපල ඉදිකිරීම අපරාදේ.(නදී)
නිශාන්ත සහෝදරයා, අනිත් රටවල් වල අභය භූමියේ ගුවන්තොටුපොළවල් හදන්නේ නැහැ අපේ රටේ මිස.(නදී)
හාවා හද දකිනවා වගේ අවුරුද්දකටම එන්නෙත් එක ගුවන් යානයයි. (නදී) .
පාරා කියන දෙය හරියටම හරි. (නදී)
එයාර් ඇරබියා දැන් මත්තලට එන්නේ නැහැ.(නදී)
ඉන්දියාවේත් පාරසරික තත්වයන් ගැන අවදානය යොමු නොකර ගුවන් තොටුපොළක් අටවාගෙන අන්තිමට ගුවන් යානයක් මගීන් 260ක් එක්කම ගුවන් දාවන පතියේ කෙලවර තිබෙන කන්දට හැප්පිලා ගිනි බත් වෙලා ගියා. අපිත් එක්ක සේවය කරපු ඉන්දියන් ජාතිකයන් 2 නෙකුත් ජීවිතක්ෂයට පත් වුනා. දැන් ඒ ගුවන් තොටුපොල වහලා දාල තියෙන්නේ."(නදී)
දැන් බිම්බෝම්බ පුපුරන්නේ නැහැ. යුද්දයේ මිනිස් ඝාතන සිද්දවෙන්නේ නැහැ ,අන්තිම ආගාධයේ තිබුන අපේ රට ටිකෙන් ටිකේ ඉදිරියට එනවා, ශ්‍රී ලාංකිකයට නිදහස හදවතේ තැන්පත් වෙලා. හැම දෙයකම හොද නරක කියල දෙකක් තියෙනවා. මත්තල ගුවන් තොටුපොල ටිකෙන් ටික සම්පුර්ණ වේවි. කාලය සියල්ල විසදාවී.මේ වෙද්දී රටේ ඇති ප්‍රබල ප්‍රධාන ප්‍රශ්න විසදලා දුන්නා. එකක් ඉවර වෙද්දී තව එකක් ,අනේ බුදු මිනිසුනේ එකමුතු වෙයල්ලා ....මේ රට ගොඩ ගන්න රජයට සහය දීපල්ලා වැරදී හොයා හොයා කාලය නාස්ති නොකර විසදුම් දීපල්ලා. රට ගොඩ ගන්න.(නදී)
ගුවන් තොටුපොළවල් අපට අවශ්‍යයි. අපේ රට දියුණු වෙන්න ඕන අපි අනාගතය දිහා බලමු. මත්තල අපේ දුදරුවන්ගේ ගුවන්තොටුපල බව අමතක නොකරන්න.(නදී)
පිට බද්දර ජයා ,ඔයා වගේ හිතන අය ඉන්නකම් රටේ දරු පරපුරට දෙවි පිහිට තමා. ගුවන් තොටුපොළක් හදන්න ඕන නිසි තැන. වනාන්තර වල නෙමේ. රට සංවර්දනය වෙන්න ඕන නිසි ලෙස සැලසුම් වලින්. මේවා වලින් වෙන්නේ රටේ පරිසරය හා සතා සිව්පාව විනාශ වෙන එක. රටේ විශාලත්වය හා ආර්ථික වාසි අනුව ව්‍යපෘති කරන්න බැලුවා නම් හොදා.(නදී)
කටුනායක ගුවන් තොටුපල 1944 සුද්දො හදන කාලෙත් කටුනායක අද මත්තල වගේ තියෙන්න ඈති. එදත් අද වගේ මොනවා හරි කියන මිනිස්සුත් ඉන්න ඈති. දැනට අවුරුද්දකට ඈමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක පාඩු කුරුල්ලන් වැදීමෙන් වෙනවා. ඈමෙරිකාවට විතරක් ඩොලර් මිලියන 400ක් පාඩු වෙනවා කුරුල්ලන් නිසා. (නදී) විකිපීඩියා එකට ගිහින් හොයල බලන්න. මේක මත්තලට විතරක් තියන ප්‍රශ්නයක් නෙමේ. සුද්ද හදපු කටුනයක අද අපි භුක්තිවිදිනව වගේ කාලෙකදි මත්තලත් අනගත පරම්පරව භුක්ති විදිවි. කුහක වෙන්න එපා. දේශපාලනය චන්තෙට විතරක් සීමා කරන්න.
අනේ මොනරා (දී)
කටාර් ගුවන් සේවයේ යානා මත්තල යන්නේ නැහැ නේද? මේ වෙනත් ගුවන් යානයක් නේද (දිල්)
අපිත් හැප්පෙනවා මොණරු හොයන්න.(නදී)
දැන් කරන්න තියෙන්නේ යාල වන උද්‍යානයේ ඉන්න සත්තු ටික ඔක්කොම අල්ලලා උන්ව වෙන තැනකට ගෙනියන එක.(නදී)
අහසේ ඉන්න කුරුල්ලෝ ගුවන්යානා වල වදින සිදුවීම් ඉතා විරලව සිදුවෙනවා. නමුත් ලෝකේ කව්රුවත් අභය භුමි මැද්දේ ගුවන් තොටුපළවල් හදන්නේ නෑ. (නදී)
මොනරෙක් වැදුනා කියලා ගුවන් තොටුපොල වහන්නද කියන්නේ? අභියෝග වලට මුහුණ දීලා ඉදිරියටම යමු විසඳුම් සොයමු. ආපසු හැරී බලමු..,කොතනද වැරදුනේ කියා..,වැරැද්ද හදාගෙන ඉදිරියට යනවා විනා ආපසු යන්න එපා. කලබල වුනොත් ''කොරොස් කටෙවත් අත දාගන්න බැහැ.(නදී)
ලක්ෂමන් ජයවර්ධන, ඉන්දියාවේ සිදුවුනා වගේ අනතුරක් සිද්දවෙන්න කලින් එය වලක්වා ගත යුතුයි.(නදී)
විකල්ප ගුවන්තොටුපලක අවශ්‍යතාවය ලංකාවට තිබුනේ අදක ඊයෙක නෙවෙයි. අවාසනාවකට රටේ තිබෙන වෙනත් ගුවන් තොටක් පුළුල් කිරීමට හැකියාවක් නැහැ තිබෙන පාරිසරික ප්‍රස්නත් එක්ක. එනිසා තමයි රජය මත්තල ප්‍රදේශයේ ගුවන් තොටක් හැදුවේ. මීට කලින් වීරවිල ගුවන් තොටුපල ආසන්නයේ හදන්න ගියහම බුන්දල කුරුළු අභයභුමිය සහ ප්‍රදේශයේ කුඹුරු ගොවිතැන පිළිබඳව ප්‍රශ්න ඇතිවුණා. දැන් ගොඩක් උදවියට තියෙන ප්‍රශ්නය මේක හම්බන්තොට හැදුනු නිසයි. ඊයේ පෙරේදා කටුනායකින් ගුවන් ගතවුණු ගුවන් යානයකත් කුරුල්ලෙක් වැදිලා ප්‍රශ්නයක් උනා. නමුත් සමහර මාධ්‍ය වලට එක උනුසුම් පුවතක් නොවුනේ කටුනායක හින්ද වෙන්න ඇති. (නදී)
අලුතෙන් මොන සංවර්දන වැඩක් කරත් මෙවැනි අනතුරු වෙනවා. සතා සිව්පාවා අලුත් පරිසර තත්වයන්ට හුරු වෙනතෙක් මෙවැනි සිදුවීම් වෙනවා. අධි වේගී මාර්ගය දැම්ම අලුත විශාල ප්‍රමාණයෙන් බල්ලන් වැනි සතුන් වාහන වලට හසුවීමත් දැන් එම තත්වය මග හැරීමත් එයට එක උදාහරණයක්. ලංකාවේ සිදුකරන සෑම සංවර්දන කටයුත්තකම සුළු සුළු අඩුපාඩු විවේචනය කරමින් කාලකන්නි සතුටක් ලැබීම ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් අනුමත කල නොහැක. (නදී)
සමහර අයට මේක හොඳ නිවුස් එකක් වෙලා.(නදී)
හාවා හද දකිනවා වගේ අවුරුද්දකටම එන්නෙත් එක ගුවන් යානයයි.(නදි)
ගාල්ලේ ඉන්න කෙනෙත් උදේ පාන්දරින්ම වාහනේ ඉස්සරහ පොල් මලක් ගැටගහගෙන දුවගෙන එන්නේ බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ සිට ගුවන් ගමන පටන් ගන්න.(නදී)
ඔව්ව ඔහොම තමා (දී)
කුරුල්ලෝ ගුවන් යානාවල හැපෙන ලෝකේ එකම ගුවන් තොට මත්තල නෙමෙයි. හැම දේකම අඩු පාඩු වෙනවා කාලයක් යනකොට ඕව හරි යාවි. කොහොම උනත් වංචා දුෂණ එක්ක හරි රටේ විශාල සංවර්දනයක් වෙනවා. ඒක පිළිගන්න අකමැති අයට හැමදේම වැරදියටයි පේන්නේ.(නදී)
අපි මෙහෙම කරන්න යෝජනා කරමු. යාල, කටුනායක පැත්තට ගෙනල්ල, එතන තියන ගුවන් තොටු පොළ වහන්න කියමු. කොහොමද මගේ ටිකිරි මොලේ? (නදී)
තිලක් දන්නවා ටිකම ටිකක්.. ඒත් දන්නේ නැති දේත් ලියනවා.(නදී)
ගුවන් යානයක කුරුල්ලෙකු වැදීම සුලුදෙයක්. මීට වඩා වැදගත් දේවල් තියෙනවා රටේ ජනතාව දැනුවත් කරමින් රටට නොගැලපෙන දේවල් නතර කරන්න.(නදී)
මෙහි ගොඩක් අය පිස්සෝ වගේ ප්‍රතිචාර දානවා ගුවන් යානා නගින කොට බහින කොට කුරුල්ලෝ හැප්පෙන එක සාමාන්‍ය දෙයක්. හැම රටකම මෙහෙම වෙනවා.(නදී)
මම අහල නැහැනේ සත්‍යපාල ඇත්ත කියනවා. (නදී)
කුරුල්ලෝ සත්තු හින්දා රටේ සංවර්ධනය නවත්වන්න ඕනෙද? (නදී)
ඇයි මේ පොඩි දේට මේ තරම් කෑ ගහන්නේ? කුරුල්ලන් ගුවන් යානාවල වැදීම අසාමාන්‍ය දෙයක් නෙවෙයි. අනිත් එක මෙයට වඩා වනාන්තර වල මත්තලට වඩා විශාල ගුවන් තොටුපොළවල් තියෙනවා. (නදී)