රුපියල් හත් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ඇමරිකා ඩොලර්, යූරෝ, බ්‍රිතාන්‍ය පවුම්, සෞදි රියාල්, කුවේට් ඩිනාර්, ස්විස් ෆ්‍රෑන්ක් තොගයක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන්තොටුපළේ රේගුව අද උදේ අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
වැලිගම 35 හැවිරිදි ව්‍යාපාරිකයා රඳවාගෙන ප්‍රශ්න කරන්න යයි. මත්තල සිට පියාසර කරන එකම ගුවන්යානය වන ෆ්ලයි ඩුබායි ගුවන්යානයකින් අද පෙරවරු 7.45 ට එම පුද්ගලයා සෞදි අරාබියට යාමට පැමිණි බව සඳහන්ය.
ජායාරූප සනත් ගමගේ

![DSC01962[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC019621.jpg)
![DSC01963[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC019631.jpg)
![DSC01965[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC019651.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩ මුදලින් ලැබෙන අදායම ගැන වෙන්න ඇති කියන්න ඇත්තේ.(ම)
අර කොටි 12 .5 දඩයම මොකද වුණේ (ම)
මේ එයාපෝර්ට් එකේ හැමදාම මේවා තමයි කෙරිලා තියෙන්නේ. වෙනස එදා ඇල්ලුවේ නැහැ අද අල්ලනවා.(ම)
ෆ්ලයි ඩුබායි විතරක් නොවේ රොටානා ජෙට් ගුවන් සමාගමත් මත්තලට ඒ දවස්වල ඉඳලම ආව. ඒ විතරක් නෙවෙයි ගුවන් ගමන් මෙහෙයුම් වලිනුත් මත්තලට අාදායම් එනවා හැමදාම (බ)
හොද මෙහෙයුමක්.(හේ)
අනේ මංදා ප්‍රතිචාර බැලුවහම, වංචාකාරයො ටික කලින් හොයාගෙන මත්තලින්ම රට පනින්න සෙට් කරල, අල්ලන්න ඕන. අන්න එතකොට ඒව තමා මත්තල ආදායම. මරු...(බ)
ටික දවසකට පඩි බේරන්න ඔය සල්ලි ටික දැන් මදැයි, දැන් තේරෙනවා නේද වී ගබඩාවට වඩා ගුවන් තොටුපළෙන් ලාබයි කියල. (ස)
අනේ වාසනාවන්, මෙහෙම හරි ආදායමක් මත්තලින් ලැබෙනවට. මාස කීපයක ආදායම එක පාරට ලැබුනට. (ර)
රේගුවේ වැඩ කරන එවුන්ට සතුටුදායක ජිවිතයක් ගත කරලා මැරෙන්න ලැබෙන්නේ නැහැ.අසරණ මිනිසුන්ගේ රීරි මාංශ අනුබව කරලම විදවලයි මැරෙන්නේ.(රේ)
ඩයස්ගේ අදහස් දැක්මේත් ඇති වරදක් නැහැ. එකිනෙකාට දැනෙන සිතුවිලි විවිධාකාරයිනේ! (ම)
මත්තල සිට පියාසර කරන එකම ගුවන්යානය වන ෆ්ලයි ඩුබායි ගුවන්යානයකින්.........අහන්න අප්‍රසන්න වුනත් ඒක තමයි සත්‍ය.මම දැක්කනේ මැස්සෝ ඉහිරෙනවා.අපේ අපොයි කියල හිතෙනවා.(රේ)
මේ ආණ්ඩුවේ සමහර මෝඩ ඇමතිවරු නිසා රටට කොච්චර නං ආදායම් අහිමි වෙනවද? ගිය ආණ්ඩුවේ වැරදී ප්‍රතිපත්ති හරි ගස්සාගෙන ආදායම් වැධි කරගන්න බලන්නේ නැතුව බොරුවට කියවන පණ්ඩිතයන්ට මේක මරු පණිවිඩයක් (බ)