‘ජනවාරි පෙබරවාරි වන විට මත්තල වී තොග අපි අයින් කරගන්නවා. මත්තලට මාසිකව ලක්ෂ 8ක් දෙන්න පොරොන්දු වෙලා තියෙන්නේ. නිමල් සිරිපාල සිල්වා ඇමති තුමා කැබිනට් තීරණ ගැන හොයලා බලලා කථා නොකිරීම ගැටළුවක්‘ යැයි වී අලෙවි මණ්ඩලය භාර ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා එම අමාත්‍යංශයේදී පසුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
‘මත්තල වී ගබඩා කිරීම අපි බලහත්කාරයෙන් වී අලෙවි මණ්ඩලයෙන් වී ගිහින් දැම්මේ නෑ. මත්තල වී ගබඩා කරන්න කලින් අපි වරාය හා ගුවන් සේවා එකෙන් අවසරය ගත්තා. ඒ වගේම රේගුවෙන් අපි අවසරය ගත්තා.ඒ දෙගොල්ලන්ගෙන්ම අවසරය ඇතිව විශේෂයෙන් වරාය හා ගුවන් සේවා නිර්දේශය දිල තියෙනව ඒ ගබඩාව පාවිච්චි කිරීමට වී ගබඩා කිරීමට. වී ගබඩා කිරීම නිසා කිසිම හානියක් සිද්ධ වෙන්නේ නෑ. එහෙම වුණොත් ඒ අය වගකීම භාර ගන්නව කියල. ඒ අයගේ ඒ විශ්වාසය හා වගකීම ලිඛිතව දිලා තියෙනවා. ඒ අනුව තමයි වී අලෙවි මණ්ඩලය ගිහිල්ල මත්තල ගබඩාවේ වී දැම්මේ.
එක මාසෙකට රුපියල් ලක්ෂ 8 ගානේ අපි ගෙවන පොරොන්දුව මත තමයි මත්තල වී ගබඩාව අපි පාවිච්චි කරලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනේ එක පැත්තකින් වරාය හා ගුවන්සේවා අමාත්‍යංශය හා නිමල් සිරිපාලද සිල්වා ඒ භාර ඇමැතිතුමා සතුටු වෙන්න ඕනේ හරි විදියට නම් මත්තලින් ලැබෙන්නේ 16,000 ක මාසික ආදායමක්. හැබැයි අපි වී අලෙවි මණ්ඩලය මාසෙකට රුපියල් ලක්ෂ 8ක් ගෙවන්න පොරොන්දු වුණා. මේ කොබෙයියෝ, පරෙවියෝ මෙහෙම ආවයි කියලා එතුමා කියලා තිබුණා. හැබැයි මත්තල පහුගියකාලේ කොබෙයියෝ , පරෙවියෝ, ආවේ වී අලෙවි මණ්ඩලයේ එහි වී ගබඩා කරපු නිසා නෙවෙයි. ඉතිහාසයෙත් ඒකෙ ලැග්ගේ කොහොමත් පරෙවියෝ තමයි. ඒ විතරක් නෙවෙයි. මොණරුත් ඉන්නවා .මොණරුන් විතරක් නෙවෙයි. ගැරඩියෝ, කබරයෝ ඒ වගේම මී මින්නෝ, හාවෝ මොවුන් ඔක්කෝම ලැගලා ඉන්නේ ඕකේ. මොකද ගුවන් යානා එන්නේ නෑනේ. අඩු ගානේ මාසෙකට එක් සැරයක් වත් එක්ක එන්නේ නෑ. ඉතින් ඒක නිසා මම පැහැදිලිව කියන්න ඕන මත්තලට කොබෙයියෝ, පරෙවියෝ ආවේ මේ ගබඩාව ඇති කරපු නිසා නොවෙයි කියල මං හිතන්නේ. නිමල් සිරිපාල සිල්වා කියන්නේ ජ්‍යෙෂ්ඨ ඇමති වරයෙක්. මං හිතනවා එතුමා මීට වැඩිය වගකීමෙන් ප්‍රකාශයක් කළානම් හොඳයි කියලා‘ යැයිද අමාත්‍යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කැබිනට් එකේ සාමුහික වගකීම කියලා එකක්නැද්ද? (ර)
ඔය නිකන් තියෙන ගුවන් තොටුපොළේ ගබඩාවක ඕක දාපුවාම මොකෝ.අනික ලක්ෂ නමයක් ලැබෙනවා මාසයකට. (අ)
නිකන් පරම් බාන්නේ නැතුව යටි තල පහසුකම් හදල දීල තියෙන්නේ පුළුවන් නම් අර කියපු ජොබ් ලක්ෂ 10 දීල පෙන්නුවා නම් හරි...වරයා ගුවන් තොටුපල නැතුව කර්මාන්ත ශාලා දන්නේ නැ...පුළුවන් නම් ඒ කියපුව කරලා පෙන්නුවා නම් තම හොද (අ)
මෙයාල බලයට ඇවිල්ල දැන් අවුරුද්දක් විතර වෙන්න එනවා. මොකවත් කරගන්න බැරි වුණාහම පරණ ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා. මෙයාල දන්නා එකම දේ කියවන එක තමයි. අලුතින් පටන් ගත්ත කිසිම සංවර්ධන වැඩක් තියෙනවද? (අ)
ගාල්ලේ පදිංචි කෙනෙකුටත් ගුවන් ගත වෙනවානම්, මත්තලට වැඩිය කිලෝ මීටර් අටකින් පමණ කටුනායකට ලඟයි. ඉතින්කවුද මත්තල යන්නේ? (ර)
හොද දේකට හොදයි කියන්න ඕන අපි. (ර)
බන්දුල පෙරේරා නොහොත් පිවිතුරු තවමත් මහින්දට කඩේ යන එක නම් නවත්තලා නැහැ. (නි)
පහුගිය කාලේ සෞදි ගුවන්යානා ගොඩ බැස්සුවා. ටික කාලෙකට පස්සේ ඒ අයත් ගුවන් ගමන් නැවැත්තුවා. සමහරවිට කුහක කමට වෙන්න ඇති නේද? හොඳ දෙයට හොඳයි කියන්න නොදන්නා කමට වෙන්න ඇති මගේ හිතේ? එහෙම නැත්නම් ලාභ ලබන්න අකමැති කමටත් වෙන්න පුළුවන්? (ර)
අපි නොදන්නා අය (අ)
ලංකාවට දෙවන ගුවන් තොටුපළක් ඕනෑ කියලා ඒක මත්තලම හදන්න ඕනෑ නැහැනේ.බූන්දල කුරුළු රක්ෂිතයට මේකෙන් ලොකු බලපෑමක් වෙනවා.කුරුල්ලො නිසා යානා වලට බලපෑමක් වෙනවා.මෝඩ වැඩක් කරලා ඒක අනික් අයට දියුණු කරන්න කියන එක මෝඩ වැඩක්. (නි)
ඕක ඔච්චර ගණන් ගන්න එපා... (ර)
කරුණාපාල නොදන්නා දේවල් කතා කරන්න එපා. ගිය මාසේ මමත් නොදැනම මත්තලට අරගෙන ගියා. දදන්නවානම් යන්නේ නැහැ. (ර)
ගුවන් යානා එන්න මඟීන් ඉන්න ඕනෑ. මේ අලි ඉන්න කැලේ ගම්මාන තිබුනේ බොහොම සුළු ප්‍රමාණයක්. ඔවුන්ට රට සවාරි යන්න හෝ ව්‍යාපාරික ගමන් වල යෙදෙන්න එතරම් උවමනාවක් නැහැ. අන්තර්ජාතික ගුවන් තොටුපළවල් හදන්නේ ව්‍යාපාරික වශයෙන් වැදගත් මිනිසුන් බහුල නගර ආසන්නයේ. මේ ගුවන් තොටුපළ ත්‍රිකුණාමලයේ හෝ යාපනේ හැදුවා නම් ආර්ථික වශයෙන් වැදගත්. මහින්ද මහත්තයාට තම දිස්ත්‍රික්කයේ ගුවන් තොටුපළක් හදන්න ඕනෑම නම් සාමාන්‍ය ගුවන් පථයක් ඉදිකර කුඩා පරිපාලන ගොඩනැගිල්ලක් සාදා මේක කුඩාවට පටන්ගන්න තිබුනා. පොලියට සල්ලි අරගෙන මේ වගේ ආර්ථික වශයෙන් අසාර්ථක ව්‍යාපාරයක් කළාම මේවායේ ණය ගෙවන්න වෙන්නේ අනාගත පරම්පරාවට. ලොකු හිස් ගබඩා තිබෙනවා නම් ඒවායේ වී ටිකක් ගබඩා කර මාසයකට රුපියල් ලක්ෂ 8 - 9 හොයාගත්තොත් මෙහි විදුලි බිල , ජල බිල හරි ගෙවාගන්න පුළුවන්. අනිත් එක වී කියන්නේ නරක දෙයක් නොවේ. සිංහල අපේ ඉතිහාසය සමඟ ඉතා සම්බන්ධ දෙයකි (නි)
අවුරුද්දකුත් ගියා. කරපු වැඩක් නම් පේන්න නැහැ (නි)
තිලක්- ඩුබායි, වී පටවපු ලොරියකින්ද මත්තල ගියේ? ඔය ගමන්ම හම්බන්තොට වරායට පැනලා නාගෙනම යනවා, ඔය මොළේ අමාරුව හොඳ වෙන්නත් එක්ක. දේශපාලන උණකාරයින්ට නාන්න හොඳයි එතන (නි)
මත්තල සුදු අලියා ගුවන් තොටුපළෙහි වී ගබඩා කිරීමෙහි ඇති වැරැද්ද මොකද්ද කියා නොතේරේ (නි)
තිලක්, ඔයා මත්තල ගියේ හීනෙන්ද? නිකන් බොරු නොකියා ඉන්නවද? (නි)
මේ ආණ්ඩුවේ වගේ බක පන්ඩිතල ලෝකේ කිසිම රටක නැහැ. (බ)
අපි මේ කතා එතරම් බැරූරුම්ව සිතට නොගෙන සිටින එක හොඳයි. (නි)
සිල්වා මහත්තයෝ..ගුවන් තොටුපළවල් ජනාකීර්ණ ප්‍රදේශවල හදන්නේ නැහැ..ගුවන් තොටුපළෙන් අවට ජනාවාස වෙලා ජනාකීර්ණ වෙනවා මිසක්.මේ රටට දෙවැනි ගුවන් තොටු පලක් අවශ්‍යයි..ඒක දැනට මේ දේශපාලන කැනහිලුන්ට මහින්ද මහත්තය හදපු නිසා ඕන නැහැ කියල හිතුනට තව අවුරුදු පහකින් දහයකින් එක ඔය කාටත් ඕන වේවි..ලංකාව පුංචි රටක් මේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් දෙක අතර තියෙන පරතරය අනෙකුත් රටවල් එක්ක සසදුවාම ගණන් ගන්නත් බැහැ.අධිවේගී මාර්ග පද්ධතිය සම්පුර්ණ වුනානම් පැය දෙකේ ගමන..මේ ගුවන් තොටුපල හැදුවේ වී ගබඩා කරන්න නෙමෙයි සිල්වා මහත්තයෝ...තාම ඒ දේට බිත්ති හතරක් ගහගන්න බැරි වුනු යහපාලනෙට ඉතින් ගුවන්තොටුපලක අගය නොදැනෙන එක පුදුමයක් නෙමෙයි බැලුවම...එපාමනම් ඕක වහල තියන්න..හෙට අනිද්දා අපි ආවම ඕක ඇරලා වැඩ ගන්නම්.....(රේ)
ද සිල්වා බෙර්ලින් හිටියට ආර්ථික කලාපයක් ගොඩනගන හැටි දන්නේ නෑ වගේ එ්ක දැන ගන්න .....එහෙම කලාපයක් හදන්න හොඳම පැත්ත තමා අම්පාර, මොණරාගල, ඇබිලිපිටිය, හම්බන්තොට, රත්නපුර අතර දියුණු කරන එක..එ්කට තමා මේ පාර කපල දුන්නේ...යු එන් පී කාරයෝ ඕව දන්නේ නැ... (රේ)
හැරිසන් කියන්නේ ලොකු ජෝකර් කෙනෙක් රටේ මිනිස්සු දන්නවා ගණන් ගන්න එපා ..(රේ)
කුරුළු විමානෙක" මෝඩ කමට හදපු ගුවන් තොටුපළෙහි වී ගබඩා කරනවා හැරෙන්න වෙන මොනවා කරන්නද කියන්නේ?..(රේ)
මේක දියුණු කිරීම අපේ වගකීමක්. (ර)
කව්රු හෝ කමක් නැහැ රටට වැඩක් කරන්න. (ර)
අපේ රටේ වැඩක් කරන්නේ නැහැ, කරන්නේ බෝල පාස් කරන එක විතරයි. (ර)
රටේ ඉන්න සම-හරකගෙ "මොළ හෝදන" එකනම් පසු ගිය රජයෙන් ලස්සනට කරලා තියෙනවා. ....(රේ)
අපිටනම් දැන් ඔය දෙගොල්ලොම එකයි. ඒ පැත්තෙන් මේ පැත්තට චෝදනා කරනවා මේ පැත්තෙන් ඒ පැත්තට චෝදනා කරනවා. 1948 ඉදන් මේ දක්වාම මේ රට මේ විදිහටම තියෙන්න හේතුව ඕකයි. තාක්ෂනේ අරවා මේවා වෙනස් උනත් රට තවම දුවන්නේ එකම තැන. (ර)
අනේ මෙහෙමත් අපරාධ! (නි)
හැරිසන් නිමල් කියලා අපට වෙනසක් නැහැ. දෙදෙනාම එකතුවෙලා හදනවයි කියූ රට හදන්න. (බ)
කෝ අර කියපු 20 ගුණයේ සංවර්ධනය? (නි)
නිමල් සිරිපාල ඇමතිතුමාගේ මානසිකත්වය තාම තියෙන්නේ පහුගිය ආණ්ඩුව එක්ක. නමට යහපාලන ආණ්ඩුවේ හිටියත්, තාම වැඩ කරන්නේ විපක්ෂයේ ඉන්නවා වගේ. ඕව දෙබිඩි චරිත. විස්වාස කරන්න බැහැ.(අ)
පිස්සු නැතිනම් ශෝක් ඔක්කොම (ම)
නිමල් කියන්නේ අනාගත අගමැතිවරයෙක්, හැරිසන් කියන්නෙත් තරමක ලොක්කෙක්. අපිට අවශ්‍ය හොරුන්ට දඬුවම් දෙන්දත්, රට දියුණු වෙනවා දකින්නත්, නීතිය ක්‍රියාත්මක වෙනවා දකින්නත් පමණි. එත් නොදකින්නේත් එපමණයි.(ම)
ප්‍රේමදාස මහත්තයාගේ කාලේ හිටිය ඇමති කෙනෙක් රජවාසල කවටය වගේ සෙරෙප්පු සුප් බොන්න හදපු..මන් හිතන්නේ මේ ඉන්නේ ඒ චරිතේ පුනුරුප්පතියද කොහෙද..කට ඇරියොත් විනාසයි..(ම)
කොහොමහරි මේ ආයතන ලාභ ලබා දියුණු වෙනවා දකින්නයි අපි කැමති. (ර)
ඔව් සත්තු ලැග්ගා.... (ර)
මේක හරියට පිදුරුතලාගල කන්දෙ බෝඩිමක් දාලා ඒක දියුණු කරන්න කියනවා වගේ වැඩක්. (ර)
නැගෙනහිර ඉන්නවා විදේශවල සේවය කරන ලක්ෂ 3 මට්ටලින් ගුවන්ගත වනවා නම් මේ අයගෙන් ගන්න බදු ඉවත් කරන්නේ නම් ගුවන් තොට දියුණු වෙනවා කාර්ය බහුල ස්ථානයක් වේවි හෝටල් අාදිය ගුවන් තොට අවට ඉදිවිය යුතුය (හේ)