IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මුත්තෙට්ටුවගේ කමිටුව යාපනේ

රටේ ජාතික සංහිඳියාව ඇති කිරීමට ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීම කවර ආකාරයෙන්   සිදු කළ යුතු ද යන්න පිළිබඳව යෝජනා ලබා ගැනීමට පත් කළ කමිටුවේ වාර්තාව ලබන අප්‍රේල් මස අවසන් වන විට භාරදීමට සැලසුම් කර තිබේ.

 අදහස් විමසීමේ කටයුතු සඳහා නීතිඥ මනෝරි මුත්තෙට්ටුවගේ මහත්මියගේ සභාපතිත්වයෙන්   11 දෙනෙකුගෙන් යුත් කාර්යසාධක බළකායක් පත් කිරීමට රජය පසුගියදා පියවර ගත්තේය.

ඒ අනුව ඔවුන් පසුගිය සිකුරාදා (12) සිට ඉරිදා (14) දක්වා යාපනය ප්‍රදේශයේ පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගනු ලැබීය.

මෙහිදී සාමාන්‍ය ජනතාවට අමතරව එම ප්‍රදේශයේ  ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගෙන් සහ පොලිස් ප්‍රධානීන්ගෙන් ද කරුණු විමසූ බව  එම කමිටු සාමාජිකයෙකු සඳහන් කළේය.

අදහස් විමසීමට වෙබ් පිටුවක් ද ක්‍රියාත්මක කිරීමට මෙම උපදේශක කාර්යය සාධක බළකාය පියවරගෙන තිබේ. ඉදිරි සතිය තුළ දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක අදහස් විමසීමට සැලසුම් කර ඇති බව එම බළකාය සඳහන් කළේය.

  මෙම කමිටුව සිය අවසන් වාර්තාව ලබන අප්‍රේල් මාසයේදී ලබාදීමට සැලසුම් කර ඇත.



අදහස් (0)

මුත්තෙට්ටුවගේ කමිටුව යාපනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site