IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘මීතොටමුල්ල විරෝධතාව අධිකරණ නියෝගය කැඩීමක්‘

මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින අවස්ථාවක එහි විරෝධතා පැවැත්වීම තහනම් ක්‍රියාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

දෙසැම්බර් 10 වැනිදා කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධායක ඇතුළු පිරිසට නඩුව නිමවන තෙක් උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කැර ඇතැයි ගුණසේකර මහතා කියයි.

මේ සම්බන්ධයෙන් කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසූයේ එම ස්ථානයේ විරෝධයේ නොයෙදෙන ලෙස අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් පනවා නැතැයිද කසල බැහැර කිරීමේ කටයුතුවලට බාධා නොකරන ලෙස තහනම් නියෝගයක් පනවා ඇති බවයි.



අදහස් (0)

‘මීතොටමුල්ල විරෝධතාව අධිකරණ නියෝගය කැඩීමක්‘

සුමිත්‍රා බස්නායක Wednesday, 30 December 2015 07:30 AM

ජනාධිපතිතුමනි, අසරණ මිනිසුන් ගැන හිතා මෙයට ඉක්මනට විසඳුමක් දෙන්න. (නි)

:       0       0

නෙතලි Wednesday, 30 December 2015 08:12 AM

ඔතන තිබුනේ වෙල. නැති බැරි පවුල් එක දෙක ඇවිත් පදිංචි වුනේ දැන් අවුරුදු 30 කලින්. දැන් කුණු කන්දක්. අන්තිමට ඡන්දෙ දුන්න මරික්කාර්ට. එ්ත් එච්චරයි (බ)

:       0       0

දහම් Tuesday, 29 December 2015 11:04 PM

අයියෝ අපි දැන් කවුරු කියන එකද පිළිගන්නේ? (නි)

:       0       0

එන්. ලක්ෂ්මන් Wednesday, 30 December 2015 04:16 AM

අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියන එක පිළිගනිමු. අනික පොලිසියනේ! (නි)

:       0       0

බෙන්තර මහේෂ් Wednesday, 30 December 2015 04:37 AM

අපරාදේ! අතුරු තහනම් නියෝගය පනවන්න තිබුනේ හුස්ම ගැනීමට තහනම් කියලා (නි)

:       0       0

වි.ස.ප.විමලසේන Wednesday, 30 December 2015 05:12 AM

අවුරුදු ගණනාවක් එනම් අවුරුදු පනහකට වැඩිකාලයක් තිස්සේ ඔය අඩවියේ මිනිස්සු ජීවත්වුණා. වගුර තිබුනෙ මැද්දෙ. ඒකට කුණු ගෙනවිත් දැම්මා. දැන් කුණු කන්දක් වෙලා. කුණු කන්ද බලවත්වී වටේ ඉන්න මිනිසුන්ද යටකරගෙන නැගිටිනවා. මිනිසුන්ට සාධාරණයක් නැහැ. නීතිය තිබිය යුත්තේ මහජන යහපතටද? නැත්නම් කුණු ගොඩේ පැවැත්මටද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site