මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින අවස්ථාවක එහි විරෝධතා පැවැත්වීම තහනම් ක්‍රියාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
දෙසැම්බර් 10 වැනිදා කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධායක ඇතුළු පිරිසට නඩුව නිමවන තෙක් උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කැර ඇතැයි ගුණසේකර මහතා කියයි.
මේ සම්බන්ධයෙන් කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසූයේ එම ස්ථානයේ විරෝධයේ නොයෙදෙන ලෙස අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් පනවා නැතැයිද කසල බැහැර කිරීමේ කටයුතුවලට බාධා නොකරන ලෙස තහනම් නියෝගයක් පනවා ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි, අසරණ මිනිසුන් ගැන හිතා මෙයට ඉක්මනට විසඳුමක් දෙන්න. (නි)
ඔතන තිබුනේ වෙල. නැති බැරි පවුල් එක දෙක ඇවිත් පදිංචි වුනේ දැන් අවුරුදු 30 කලින්. දැන් කුණු කන්දක්. අන්තිමට ඡන්දෙ දුන්න මරික්කාර්ට. එ්ත් එච්චරයි (බ)
අයියෝ අපි දැන් කවුරු කියන එකද පිළිගන්නේ? (නි)
අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා කියන එක පිළිගනිමු. අනික පොලිසියනේ! (නි)
අපරාදේ! අතුරු තහනම් නියෝගය පනවන්න තිබුනේ හුස්ම ගැනීමට තහනම් කියලා (නි)
අවුරුදු ගණනාවක් එනම් අවුරුදු පනහකට වැඩිකාලයක් තිස්සේ ඔය අඩවියේ මිනිස්සු ජීවත්වුණා. වගුර තිබුනෙ මැද්දෙ. ඒකට කුණු ගෙනවිත් දැම්මා. දැන් කුණු කන්දක් වෙලා. කුණු කන්ද බලවත්වී වටේ ඉන්න මිනිසුන්ද යටකරගෙන නැගිටිනවා. මිනිසුන්ට සාධාරණයක් නැහැ. නීතිය තිබිය යුත්තේ මහජන යහපතටද? නැත්නම් කුණු ගොඩේ පැවැත්මටද? (නි)