මීතොටමුල්ල කුණු කන්ද ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින් උපවාසයේ යෙදී සිටි පිරිසට එල්ල වූ ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතීඥ නුවන් බෝපගේ මහතා රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. ප්‍රහාරයෙන් තවත් පිරිසක් තුවාල ලදහ.
මීතොටමොල්ල කුණුකන්ද ඉවත් කරන ලෙස ඉල්ලමින් මීට පෙර ද උද්ඝෝෂණ පැවැති අතර මීට පෙර පොලිසියෙන් ද ප්‍රහාරයක් එල්ල විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර නිලධාරීන් දුගඳ වැඩට කැමතිනේ. ඒකනේ කුණු කන්දටත් මේ තරම් කැමැති. (නි)
මේ කුණු කන්ද තියෙන්නේ අවුරුදු ගානක ඉඳලා. මහින්දගේ කාලෙත් මේ වගේම ප්‍රශ්න ආවා ඒ වෙලාවේදිත් මේ මිනිස්සුන්ට ගැහුවා. කව්රු වුණත් මේකට විසඳුමක් ගෙන්න ඕනේ ඉක්මනටම.(ම)
ලලිත් මහත්තයෝ, කුණු කන්ද කොහෙට ගෙනිහින් දාන්නද කියන්නේ? මිනිස්සුන්ට තියෙන්නේ ආපහු ගෙනිහින් කොළඹ හතේ කුණු ටික දාන්න එ්ක තමයි හොඳම වැඩේ. මේවා මේ මිනිස්සුන්ගේ කුණු නෙමෙයි. (බ)
රූපසිංහ දැන්වත් යහපාලනේට කඩේ යන එක නවත්තන්න. දැන් මිනිස්සුන්ට ඇත්ත තේරිලා තියෙන්නේ. (බ)
අහෝ පැතූ වෙනස මෙයද ? (බ)
කොහොමටත් පෙරේතයෝ කුම්භාණ්ඩයෝ කුණුගොඩවල් වලට සහ ගඳ ගහන දේවල් වලට අසයි. පාර්ලිමේන්තුවට අපි පත්කරලා යවන්නෙත් ඒවගේ අයවනේ. (බ)
මම ඊයෙත් කිවුවා මේක කුණු කන්දක් නොවෙයි සම්පතක් කියලා. විරෝධය පාන අයට ගහලා විසඳුම් සොයන්න බැහැ. ඔය කුණු කන්ද ඉවත් කළොත් ඔතන ඉඩම කාටද අයිති? ඕකට හොඳම විසඳුම ඕක ප්‍රයෝජනයට ගැනීමයි. මතකද ඉස්සර තිබුණු කොහුබත් කඳු? දැන් ඒවා තිබුණු තැන් වල මාළිගා ගහගෙන. (නි)
ලලිත් එනවද විල්බැරෝවක් අරන් අපි කුණු අදිමු. (බ)
කොහොමද නගරාධිපතිවරයාගේ රඟපෑම. ඔහුට 2015 හොඳම නළුවාට හිමි සම්මානය දෙන්න වටිනවා.(කෞ)
කිව්වේ මේ ප්‍රශ්නෙට යහපාලනයෙන් විසදුම් දෙනවා කියලා කෝ විසදුම් දුන්නද. කියවනවා වැඩ නැහැ. මිනිස්සුන්ට හොද පාඩම් මේවා. (ර)
අන්න එහෙම තමයි යහපාලනය ඇඟට දැනෙන්න ඕනේ (කෞ)
කුහුඹුව වැලි ඇටය ඇටය ගෙනගොස් මහා වික්‍රමයක් කරනවා වගේ උපවාස කරනවා වෙනුවට විල්බැරෝ එකක් අරගෙන එකින් එක වෙන තැනකට ගෙනගොස් දැම්මා නම් කුණු කන්දත් අවසන් වෙනවා, ගුටි කන්න වෙන්නෙත් නැහැ. (නි)
හොඳයි නේද යහපාලනය? (නි)
ප්‍රසංග,,,මමත් මේ ලලිත්ගෙන් අහන්න හිටියේ ශ්‍රමදානයක්වත් දාමුද කියලා. (කෞ)
කවුද මේක කරන්න ඇත්තේ? (නි)
එළිවෙන ජාමෙටලු හොඳ හොඳ සෙල්ලම් තියෙන්නේ (නි)
අනේ රටකට ගිය කල! (නි)
ඉස්සර හිටපු මැර කණ්ඩායමක්, සුදු වෑන් වලින් ඇවිල්ලා ගැහුවාද දන්නෙ නැහැනේ. නැත්නම් ඉතින් එහෙම ඒවා දැන් වෙන්න බැහැනේ. (නි)
මිනිසුන්ට පහරදීමෙන් වෙන්නේ මේ ප්‍රශ්න තවත් උග්‍රවෙන එකයි (නි)
මේ ප්‍රශ්න මෙහෙම විසඳන්න පුළුවන්ද? සමහරවිට මේක අළුත් ක්‍රමයක් වෙන්න ඇති (නි)