මීතොටමුල්ල කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කටයුතු අද (5) පෙරවරුවේ ආරම්භ කළ බව බස්නාහිර පළාත් සභා ආරංචි පවසයි.
බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා සහ කුණු කන්ද ඉවත් කර එම කුණු ප්‍රතිචක්‍රීකරණය කිරීමේ කටයුතු භාරව සිටින එංගලන්ත සමාගමක් වන ‘එස්ජේපී වේස්ට් ටු එනර්ජි ප්‍රයිවට් ලිමිටඩ්‘ හි කාර්ය මණ්ඩලයද අද පෙරවරුවේ මීතොටමුල්ලට ගියහ.
එංගලන්ත සමාගමේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්නේ ඉම්රාන් අලි ය.
කුණු කන්දේ ඇති කුණු දිනකට ටොන් 4000 බැගින් අවුරුදු 6ක් ඇතුළත ඉවත් කිරීමට කටයුතු යොදා ඇතැයි බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කළේය.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තීරණය ගැන නම් ඇත්තටම සතුටුයි ගොඩක් (නි)
ඉසුරන්දි, ඔබ හරි. මේවාට ප්‍රධාන හේතුව දේශපාලන බලපෙරේතයන්, තම වගකීම ඉටු නොකරන නිලදරුන් සහ ජනතාවයි. අපිටත් බැහැනේ ගෙදර එකතුවෙන පුළුස්සා දැමිය හැකි කුණු පුළුස්සා අඩුම වශයෙන් ඉතිරි ටික හෝ කුණු ගොඩට දැමීමට. (නි)
විෂ ද්‍රව්‍යත් ඉතුරු කරලා ඉවරයි. ගස් වැවීම කියන්නේ මූලික අදහස විතරයි. එක කරන්නේ කොහොමද අභියෝග මොනවද කියන එක සොයා බලන්න වෙනවා. මතුපිටින් දැකලා යම්කිසි කරුණක් කියලා විරෝදය පාන එක නිවැරදි නැහැ.(හේ)
අවුරුදු 6 කියන්නේ කල් වැඩි . නමුත් හොදයි (බ)
කුණු ප්‍රතිචක්‍රීකරණය කරන එක වඩා හොදයි.මිනිසුන්ට හොදට හුස්මගන්න පුළුවන් වීම ලොකු දෙයක්. (ර)
දැන්වත් කුණු විධියටම එකතු කරන්න එපා. ආරම්භයේදිම ප්‍රතිචක්‍රියකරණ කරන්න. (ර)
කොහොමහරි කමක් නැහැ මේක ඉවත්වෙනවා නම් ඇති (නි)
මෙන්න හොඳ වැඩක්. කොළඹ ලස්සන කරන හරිම සහ කල්පවතින ක්‍රමය . කලින් ලස්සන කරනවා කියලා කලේ පිට ඔපයට සල්ලි නාස්ති කරපු එක. (ර)
මෙන්න යහපාලනේ හොද වැඩ ...(බ)
කොලොන්නවෙ අපිට සතුටුදායක දෙයක්. (බ)
අවුරුදු හයක්, අයියෝ මෙයාලා මාසයයිනේ යන්නේ ඕකට ආණ්ඩුව ඉවරවෙනකම්ම ඉඳී වගේ (බ)
හොඳ වැඩක් ජයවේවා (බ)
ඕක පස් වලින් වහල ගස් හිටවන්න. කොච්චර සුන්දර කඳු යායක් වේවිද. (බ)
නිලුපුල්, එතකොට ප්‍රතිචක්ක්රිකරණය කරන්නේ ? ටිකිරි මොලේ. ලංකාවේ හැම කුණු කන්දම සුන්දර කඳුයායක් කලොත් වැඩිවෙන ජනගහනයට මොකද වෙන්නේ? (ර)
කොළඹ කුණු බත්තල් මගින් ගෙනගොස් පුත්තලමේ සිමෙන්ති කම්හලට හුණුගල් සපයා අවසාන වූ වලවල් වසා දමන්න යෝජනාවක් තිබුනා නේද.(බ)
අනුරාධා, එක කන්දකට එහෙම කරලා බලමු. හිතාගන්නවත් බැරි හොඳ ප්‍රතිපල ලැබෙන්න ඉඩ තියෙනවා. (ර)
මේක හොඳ වැඩක්. එත් මේක වවාගෙන කන, දෙශපාලක තුමාලටනම් දුක හිතෙයි. (ර)
ඔය කුණු කන්දට දවසකට මිනිස්සු ගෙනත් දාන කුණු වල බර ටොන් 6000 ට වැඩ වැඩිනම්, ඔය කුණු කන්ද ජීවිතේට හිස් වෙන්නෑ. (ර)
අවරුදු 6ක්? ඒ කාලේ තුල මෙතනට කුණු දාන එකක් නැනේ? (ර)
පටන්ගන්න විදියෙන්ම හිතාගන්න පුළුවන් වැඩේ කෙරෙන විදිය (නි)
එස් එම් මරික්කාර් මහතාට පින් සිදුවන්නට ඔහුගේ මැදිහත් වීමත් නිසා මේක ඉක්මනින් මෙහෙම ඉවර වුණ එක කොලොන්නාවට සිදුවූ යහපතක් , අපේ ඡන්දය මරික්කාර් මහතාට (බ)
කව්රු කරත් මේවා හොඳ වැඩ. (ර)
දිනකට ටොන් හාරදහස බැගින් අවුරුදු හයකට ගණනය කරලා බලන්න කොපමණ විශාල කුණු කන්දක්ද කියලා.... (ර)
මේවට මුල්වී අවුරුදු ගණනාවක්ම සාලිය වික්‍රමසිංහ මන්ත්‍රීලා වගේ අය සටන් කළා. මේක ඊයේ පෙරේදා කළ උද්ඝෝෂණයක ප්‍රතිඵල නොවෙයි. (නි)
ඇයි අපේ දේශපාලුවන්ට බැරි මේවා කරට අරගෙන යම් වැඩකටයුත්තක් කරන්න උනන්දුවෙන්න. එ්කත් පිට සමාගමකට පවරලා. (බ)
දිරාගිය කුණු ප්‍රතිශක්ති කරණය කළ නොහැක . කළ හැක්කේ ඒවා කොම්පෝස්ට් බවට පත් කිරීමය (බ)
මේ සඳහා ඉදිරිපත් වීමට දේශීය සමාගම් නැතිද ? අපේ කුණු ටිකෙනුත් ප්‍රයෝජන ගන්නේ විදේශීය සමාගම්. (බ)
පස්වලින් වැහුවා කියලා කදු වෙන්නේ නම් හරිම හොදයි ...නමුත් වහගෙන් පොළොව යටට දාන නොදිරන කුණු විෂ ද්‍රව්‍ය ඉතිරිකරන්නේ අපේ දරුවන්ටද ? අනෙක ඉදිරියේදී එන කුණුවලට ස්ථිර විසදුමක් ඕනේ නැද්ද ... මම හිතන්නේ අපි ඔලුවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ කියලයි.(හේ)
කරන්න යන වැඩේට අපගේ සහයෝගය ලැබෙනවා.(හේ)
සෞදියේ නම් මෙවැනි කුණු කදු පස් පුරවලා සමතලා කර ලස්සන කර ගස් වවනවා කාලයක් ගියාට පසු බැලුවම කුණු කන්දක් තිබුනද කියලා ඔයන්න බැහැ. (ර)
එංගලන්තෙත් එහෙමයි. මේක එංගලන්තේ සමාගමක් නම් මොකද එක සුදු මහත්තයෙක්වත් නැත්තේ. මට නම් සැකයි. අනික අවුරුදු හයක්. මේක මොකක් හරි බොරුවක් වෙන්න ඕනේ.(හේ)
ලංකාවේ අයට මේ වැඩ කරන්න දැනුම නැතුවාට පිටරට නම් කුණු බිස්නස් එක ඉතා ලාබ ලබන ව්‍යාපාරයක්. (නි)