මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවීමට නොහැකිව සිර ගතවී සිටින්නන් එම දඩ මුදල් ගෙවා පුනරුත්තාපන කඳවුරු වලට යොමු කර වීම සඳහා වැඩ පිළිවෙළක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අද (01) ඇරැඹීය.
ඒ සඳහා ප්‍රතිපාදන සැපයීමට සමාජ සත්කාරක ආයතන සහ පුද්ගලයන් ඉදිරිපත් වී ඇතැයි එහි සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසුවේය.
එම දඩ මුදල් ගෙවනුයේ පුනරුත්තාපන කඳවුරු වලට ගෙන පුනරුත්තාපනය වීමට කැමති අයට පමණක් යැයි ද ඔහු කීවේය.
සුළු වැරදි සම්බන්ධයෙන් ඇප මුදල් හා දඩ මුදල් ගෙවීමට නොහැකිව දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින්නන් විශාල පිරිසක් ඇතැයි බන්ධනාගාර ආරංචි කියයි.
2025 දෙසැම්බර් මස 18
292
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මතට ඇබ්බැහිවූවන් බේරාගන්න අරමුදලක්
ධම්ම Tuesday, 01 September 2015 12:08 PM
සුළු හෝ මහ වැරදි කළ මොවුන්ට පළමුව සිර දඬුවම් විඳින්න ඉඩදෙන්න කියායි මම කියන්නේ. ඉන්පසුව කැමති අය පුනරුත්තාපනය කරන්න. (නි)
ඉසුරන්දි Wednesday, 02 September 2015 04:35 AM
බබා කරන්නද හදන්නේ මේ වැඩෙන්. මේ මිනිස්සු මේකෙනුත් ප්‍රයෝජන ගන්න බලයි.එහෙමට සමාජයක්නේ දැන් තියෙන්නේ. (අ)
ඔෂාන් Tuesday, 01 September 2015 02:41 PM
ඉතා හොඳයි (නි)
චන්න බුවනක Tuesday, 01 September 2015 05:18 PM
යහපත්ව ජීවත්වෙනවා නම් ඔය ප්‍රශ්න නැහැනේ. (නි)