මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවීමට නොහැකිව සිර ගතවී සිටින්නන් එම දඩ මුදල් ගෙවා පුනරුත්තාපන කඳවුරු වලට යොමු කර වීම සඳහා වැඩ පිළිවෙළක් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය අද (01) ඇරැඹීය.
ඒ සඳහා ප්‍රතිපාදන සැපයීමට සමාජ සත්කාරක ආයතන සහ පුද්ගලයන් ඉදිරිපත් වී ඇතැයි එහි සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවසුවේය.
එම දඩ මුදල් ගෙවනුයේ පුනරුත්තාපන කඳවුරු වලට ගෙන පුනරුත්තාපනය වීමට කැමති අයට පමණක් යැයි ද ඔහු කීවේය.
සුළු වැරදි සම්බන්ධයෙන් ඇප මුදල් හා දඩ මුදල් ගෙවීමට නොහැකිව දීර්ඝ කාලයක් තිස්සේ බන්ධනාගාර ගතව සිටින්නන් විශාල පිරිසක් ඇතැයි බන්ධනාගාර ආරංචි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු හෝ මහ වැරදි කළ මොවුන්ට පළමුව සිර දඬුවම් විඳින්න ඉඩදෙන්න කියායි මම කියන්නේ. ඉන්පසුව කැමති අය පුනරුත්තාපනය කරන්න. (නි)
බබා කරන්නද හදන්නේ මේ වැඩෙන්. මේ මිනිස්සු මේකෙනුත් ප්‍රයෝජන ගන්න බලයි.එහෙමට සමාජයක්නේ දැන් තියෙන්නේ. (අ)
ඉතා හොඳයි (නි)
යහපත්ව ජීවත්වෙනවා නම් ඔය ප්‍රශ්න නැහැනේ. (නි)