ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පුනරුත්ථාපනයට මුල්‍යමය පහසුකම් ලබාදීමට එක්සත් ජාතින්ගේ ගෝලිය අරමුදල ඉදිරිපත් වී සිටින බව ඖෂධ හා අන්තරායකර පාලක මණ්ඩලයේ සභාපති නිලංග සමරසිංහ මහතා පැවසුවේය.
තුන්වැනි ලෝකයේ රටවල් දිනෙන් දින මත්ද්‍රව්‍ය භාවිතයට ඈදි යාම සිඝ්‍රයෙන් සිදු වුවත් මෙයින් සිදුවන බරපතල හානි අවම කිරිමට ජාත්‍යන්තර සංවිධාන ඉදිරිපත් විම සතුටට කරුණක් බව ඔහු කිවේය.
මත්ද්‍රව්‍ය එන්නත් මඟින් ශරිරයට විඳගන්නා අයට එච්.අයි.වී සහ හෙපටයිටස් වැනි රෝග ද පහසුවෙන් වැළදෙන හෙයින් මෙය බල පැවැත්වීමටත් පුනරුත්ථාපනය කිරිම සඳහා මුල්‍ය පහසුකම් ලබා දීමට මුලික එකගත්වය ලබා ගත් බව සමරසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරුන්ට තවත් නිධානයක්ද (අ)
ඇයි ඔයාලට ලංකාව ගැන අනුකම්පා ඔයතරම්ම? ඇමරිකාවෙන්ම පටන් ගන්න තිබුනානේ.ඇමරිකාවේ කුඩුකාරයෝ අල්ලන්න පැය 24 ම දඟලනවා. ඒත් බැහැ. ඇයි ඉතින් ලංකාවෙන්ම පටන්ගන්න හිතුනේ..? (නි)
වැඩක් නැ ලංකාවේ මත්ද්‍රව්‍ය ගෙන්වන අයට විකුණන අයට සහන දෙනවා අල්ලන්නේ නැ.එයාල නිදහසේ ඉන්නේ (අ)